මතුගම පොලිසියෙන් තවත් බොරු නඩුවක්.


හර්ෂි සි. පෙරේරා
” නීති වූකලී මකුළු දැල්ය. ලොකු මැස්සන් බේරී පලායනවිට කුඩා එවුන් හසුවේ.” – හොනරි ඩි බල්සක්. රෝහිනිගේ පුතාව අත්අඩංගුවට ගෙන බෝම්බයක් ලග තබා ගත් බවට බොරු නඩුවක් දමා තිබේ. ඔහුට වදහිංසා ද පමුණුවා ඇත. ශ්‍රී ලංකාවේ එතනෝල් ගෙන්වන ක්‍රිකට් ලොක්කෝ සහ කුඩු කන්ටේනර් පිටින් ගෙන්වූ අගමැතිලා කිසිදු උපද්‍රවයකින් තොරව නිරුපද්‍රිතව සිටි. කියවන්න මෙම පැමිණිලි දෙක. ශ්‍රී ලංකාවේ ප්‍රයෝගිකව නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන අවබෝදයක් ලබා ගන්න. එය නීති පොත්වල සදහන් මුද්‍රිත අකුරු මෙන් සුන්දර නැත. 
එම්.ඞී.රෝහිනී
ආරියවංශගම
වැලිපැන්න
2014.02.05

පොලිස් අධිකාරී
පොලිස් අධිකාරී කාර්යාලය
ක`ඵතර

මතුගම පොලීසිය විසින් බෝම්බයක් දමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම.
කඹුරුවල විතානගේ දිනිඳු ප‍්‍රභාකර (අවු: 28* මාගේ පුතා වේ.
2014.01.16 වන දින, මතුගම පොලීසියේ ස්ථානාධිපති පො.ප. පද්මලාල් ඇතුලූ පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ, මාගේ පුතා රැුකියාව කළ බදුගම වත්තේ, අධිකාරීවරයා විසින් කර තිබෙන පැමිණිල්ලකට අදාලවය.
නමුත් මතුගම පොලීසිය, ඔහු බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ චෝදනා නගා, අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් මා, 2014.01.18 වන දින ඔබ කාර්යාලයට පැමිණිල්ලක් කළෙමි.
එම පැමිණිල්ලට අනුව මතුගම සහකාර පොලිස් අධිකාරීවරයා ගෙන් 2014.02.03 වන දින, පෙ.ව. 9.00 ට පැමිණ හමුවන ලෙසට දන්වා පණිවුඩයක් 2014.02.02 දින ප.ව. 03.00ට පමණ මා හට ලැබිණ.
එම පණිවුඩය අනුව මා, 2014.02.03 වන දින, නියමිත වේලාවට මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගියෙමි.
එ් අවස්ථාවේ, සහකාර පොලිස් අධිකාරී සුනිල් පියරත්න මා ගෙන් විමසුවා, සාක්ෂිකාරයන් ආවාද කියා.
මම කිව්වා, පණිවුඩය ලැබුනේ ඊයේ හවස නිසා මට සාක්ෂිකාරයින්ට පණිවුඩය දෙන්න වෙලාවක් තිබුනේ නෑ කියා.
එවිට ඔහු ”මම හිටියා නම් ඕකාව මරනවා, බෝම්බ නෙමෙයි දාන්නේ, ඕකා චන්ඩියෙක්, ‘ටී 56’ ක් තියෙනවා කියා, ගමේ මිනිස්සු හැමෝම කියනවා” යනු වෙන් බැනවැදුනා. ඌ බෝම්බ අතේ තියාගෙන පෙන්න පෙන්නා එක අතකින් ඩ‍්‍රයිවින් කරගෙන ගිහිල්ලා තියෙන්නේ යයි කියමින් ද, බොලා චණ්ඞ්, තුන් හතර දෙනෙක්ව මරලා ගේනවා, තොපි වත්තෙන් කොටසක් අල්ලාගෙන තියෙනවා, ආදි දේ මහ හඬින් කියා සිටියා.
මම ඔහුට කිව්වා, ඔය කියන සියල්ලම බොරු මගේ පුතා ළඟ බෝම්බයක් තිබුනේ නෑ, බෝම්බය දාලා තියෙන්නේ පොලීසියෙන් කියා.
එවිට, නැවතත් පොලීසියට කොහෙන්ද බෝම්බ කියමින් කෑගැසුවා.
එයින් අනතුරුව ඇප ගන්න උදව් කරන්නම් ප‍්‍රකාශයක් දෙන්න කියා කිව්වා. පොලිස් කාන්තාවක් මාගේ ප‍්‍රකාශය ලබා ගත්තා.
මා එහි සිටින අවස්ථාවේ මිරිස්වත්ත වතු යායේ බදුගම කොටසේ වතු අධිකාරීවරයාද සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සිටියා.
මා ඉල්ලා සිටින්නේ,
ඔබ වෙත කරන ලද පැමිණිල්ලකට ප‍්‍රකාශයක් ලබාදීමට කැඳවා, බැන තර්ජනය කිරීම පිළිබඳව මතුගම සහකාර පොලිස් අධිකාරී සුනිල් පියරත්නට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසයි.
තවද, අප උසස් නිලධාරීන් වෙත යන්නේ, තර්ජන ලබා ගන්නට, බැනුම් අහන්නට, අපහාස විඳින්නට නොවන බවද ප‍්‍රකාශ කරමි.
එම්.ඞී.රෝහිනී
01. සභාපති
මානව හිමිකම් කොමිෂන් සභාව
අංක 165
කිංසි පාර
කොළඹ 08

02. පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

අමානුෂික ලෙසට පහර දී බෝම්බයක් දමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම.
මොහොතා දුරගේ රෝහිනී, අවු: 49 යි, (ජ.හැ.අ. 656251930 ඪ* විවාහක, දරුවන් 04 යි. ආරියවංශගම, වැලිපැන්න. දුරකතන අංක 077 2745279
ලිපිනය: ආරියවංශගම, වැලිපැන්න.
2014.01.05 වන දින දීය.

කඹුරුවල විතානගේ දිනිඳු ප‍්‍රභාකර අවු: 28 යි, රැුකියාව මුරකරු, මාගේ පුතා වේ.
2014.01.16 වන දින, දහවල් 11.දද ට පමණ, බදුගම සිට වැලිපැන්න, ආරියවංශගම නිවස බලා, මට අයත් අංක න්‍ඊ 1504 දරන ත‍්‍රී රෝද රථයෙන් එන අවස්ථාවේ, ආරියවංශ ගමට ප‍්‍රවේශ වන පාරේ, දැල් කඳුර පාලම අසලදී මතුගම පොලීසියේ ස්ථානාධිපති, පො.ප.පද්මලාල් ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මා පසුව දැනගත්තා,මාගේ පුතාව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිරිස්වත්ත වතුයායේ බදුගම කොටසේ වතු අධිකාරීවරයා විසින් කරන ලද පැමිණිල්ලකට බව.
එමෙන්ම මා දැනගත්තා, මාගේ පුතා වතු අධිකාරීවරයාට බැන තර්ජනය කිරීම පිළිබඳ පැමිණිල්ලකට අත්අඩංගුවට ගනු ලැබූ බව.
මා දැන ගත්තා, මතුගම දෙසට ගමන් කරමින් සිටි පොලිස් ජීප් රථය නිවස බලා එමින් සිටි මාගේ පුතා දැක තිබෙන බව.
පුතා පොලිස් ජීප් රථය පසු කර ගිය පසුව, ජීප් රථය හරවා ඔහු පිටුපසින් ගොස් ඇති බව.
එසේ පිටුපසින් පැමිණ, ඉහත සඳහන් කළ පරිදි දැල් කඳුර පාලම අසලදී, ජීප් රථය ත‍්‍රී රෝද රථයේ හප්පා, නතර කරවා තිබෙන බව.
එ් අවස්ථාවේ ත‍්‍රී රෝද රථයේ දකුණු පැත්ත තැලූන බව. මගේ පුතා එ් අවස්ථාවේ ත‍්‍රි රෝද රථය නවත්වා තිබෙව බව.
එයින් පසුව, ජීප් රථයේ සිටි පොලිස් ස්ථානාධිපති,පො.ප. පද්මලාල්, අපරාධ අංශයේ ස්ථානාධිපති රවීන්ද්‍ර, උ.පො.ප. රත්නායක, පො.කො. ජයරත්න, ජීප් රථයේ රියදුරු රථයෙන් බැස මාගේ පුතාට වට කරගෙන අතින් පයින් පහර දී තිබේ.
පො.කො. ජයරත්න ඔහු අත තිබූ පිස්තෝලයෙන් පුතාගේ ඔලූවට ගසා තිබේ. එවිට ඔහු බිම වැටී ඇත.
ඊට පසුව, පුතාව, ජීප් රථය පැදවූ පො.කො. චමින්ද 15998 එක් අතකින් බිම දිගේ ඇදගෙන ඇවිත්, ජීප් රථයේ පිටුපස ෙදාරෙන් ඇතුළට දමන ලද බව.
පුතාව, ජීප් රථයේ තට්ටුව මත දමා, පො.කො. ජයරත්න ඔහුව සෝදිසි කොට තිබේ.
එහිදී ඔහුගේ මුදල් පසුම්බිය, ජංගම දුරකතනය හා බඳ පටිය රැුගෙන තිබේ.
ඔහු වෙන මුකුත් නෑ කියා, ස්ථානාධිපතිට පවසා තිබේ.
ඉන්පසු ජීප් රථය මතුගම පොලීසියට පැමිණ ඇත. ඔහු සමග, ඊට පෙර අත්අඩංගුවට ගෙන තිබූ මෙහෙතා දුරගේ මනෝජ් කුමාර යන අයද සිට ඇත.
ජීප් රථය තුළදී, පො.කො. ජයරත්න පුතාට පහර දී තිබේ.
පොලීසිය තුළට ගැනීමට පෙර ඔහු ඇඳ සිටි කමිසය ගලවාගෙන ඇත.
ඉන් පසුව මාගේ පුතාව, නැවත පරීක්ෂා කර කූඩුවට දමා තිබේ.
මා රාත‍්‍රී 9.00 ට, පුතාට ඇඳුම් ද, කෑමද රැුගෙන පොලීසියට ගියා. පුතාට හොඳටම ගහලා තිබුනා. ඔහු ඇඳ සිටි දුඹුරුපාට කොට කලිසම හා බැනියමේ මඩ ගෑවී තිබුනා. එ් දෙකම මා සතුව තියෙනවා.
මා රැුගෙන ගිය අලූ පාට කොට කලිසම හා ටී ෂර්ට් එක අඳින්න දුන්නා.
පසුදින (2014.01.17* අලූයම 1.00 ට පමණ, මතුගම සහකාර පොලිස් අධිකාරී සුනිල් ජයරත්න පැමිණ තිබෙනවා.
ඔහු මගේ පුතාට ද, ඔහුව අත්අඩංගුවට ගන්නට පෙර අත්අඩංගුවට ගෙන කූඩුවට දමා ගෙන තිබූ මනෝජ්ව පෙන්වා මුං දෙන්නාට බෝම්බ දමනවායයි, ස්ථානාධිපති පද්ම ලාල් කියා ගොස් තිබේ.
අලූයම 2.00 ට පමණ, උ.පො.ප. උපේන්ද්‍ර කූඩුව ඇර, පුතාව එළියට ගෙන, ස්ථානාධිපති පද්මලාල් ළඟට ගෙන ගොස් පහර දී තිබේ.
එදින දහවල්, 1.00 ට පමණ පුතාව කූඩුවෙන් එලියට ගෙන අපරාධ අංශයට ගෙන ගොස් ඇඟිළි සලකුණු ගෙන, මාංචු දමා අපරාධ අංශයට ගෙන ගියා.
එහිදී, ඔහුට පහර දී, ඇඳ සිටි කලිසම් ගලවා ගෙන සරමක් අන්දවා තිබේ. ප.ව. 4.30 ට පමණ, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙනවිත්, රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
අධිකරණයේදී පුතාට පහර දුන් බව ප‍්‍රකාශ කළා. එ් අනුව බන්ධනාගාරයේදී ප‍්‍රතිකාර ලබා දෙන ලෙසට නියම කරනු ලැබුවා.
මිරිස්වත්ත වතු යායට අයත්, බදුගම කොටසේ වතු අදිකාරී ශී‍්‍ර නාත් සංජීව ගුරුගේට බැන තර්ජනය කළා ය යන පැමිණිල්ලට අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙසට පහර දී, වධහිංසා පමුණුවා, ඉන් පසුව මතුගම සහකාර පොලිස් අධිකාරී සුනිල් ප‍්‍රියරත්නගේ උපදෙස් මත බෝම්බයක් ආදේශ කර, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් මාගේ පුතාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ප‍්‍රකාශ කරමි. මෙම නීති විරෝධී ක‍්‍රියාව අපරාධයක් බවද, මා වැඩිදුරටත් ප‍්‍රකාශ කරමි.
මා ඉල්ලා සිටින්නේ,
මතුගම පොලිස් ස්ථානාධිපති පො.ප. පද්මලාල්, පො.ප. රවීන්ද්‍ර, උ.පො.ප. රත්නායක, පො.කො. ජයරත්න හා පො.කො.රි. චමින්ද 15998 හා මතුගම සහකාර පොලිස් අධිකාරී සුනිල් ප‍්‍රියන්තට එරෙහිව නීතිමය හා විනයානුකූළ පියවර ගන්නා ලෙසත්ය.
මොහොතා දුරගේ රෝහිනී