"බලපන් මේ මහත්වරු fresh එකේ ඉන්න හැටි"- පානදුර දකුණ පොලිසියේ ස්තානාධිපති මහේෂ් පෙරේරා

හර්ෂි සි. පෙරේරා

"යම් තැනක සිදුවන අයුක්තිය සැම තැනකම පවත්නා යුක්තියට තර්ජනයකි."- මාටින් ලුතර් කින් ජුනියර්. ශ්‍රී ලංකාවේ පොලිසිය සහ අපරාදකරුවන් අතර ඇති සම්බන්දය මුළු රටේම සමස්ත යුක්තියට එල්ලවූ තර්ජනයකි. ගිෂාන්ත නම් 39 හැවිරිදි තිදරු පියා මුහුණ දෙන්නේ එම ශ්‍රී ලංකා රාජ්‍ය විසින් සිදුකල අසාදරනයටයි. අයුක්තියටයි. ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා රජයයි. ඒ තරමටම ශ්‍රී ලංකා රාජ්‍ය පිරිහී ඇත. රාජ්‍ය නිවැරදි කිරීමටනම් සාමාන්‍ය ජනයාට සිදුවන අයුක්තිය ගැන කතා කල යුතුයි. ඔවුන්ව ශක්තිමත් කල යුතුයි. එවිට සමාජ ප්‍රබලයකු අයුක්තියට මුහුණ දෙන විට ඊට විරුද්දව සාමාන්‍ය ජනයා පෙළ ගැසෙනු නොවුනුමානය. 




01. පොලිස්පති
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

02. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති මූලිකත්වය ගෙන, 
අපරාධකරුවන් බේරා හැර, අපරාධයට ගොදුරු වූවන් පීඩාවට පත්කිරීම.

ෙදාලවත්තගේ ගිශාන්ත අසේල සපරමාදු, අවු: 39යි, ජා.හැ.අ.750154972V, ව්‍යාපාරික, විවාහක, දරුවන් 03යි.
ලිපිනය : 360, තේක්කවත්ත, තන්තිරිමුල්ල, පානදුර.
2014.01.08 දිනදීය.

2014.01.04 දින - මා ව්‍යාපාරික කටයුත්තක් සඳහා උඩහමුල්ලට පැමිණ, මාගේ සොහායුරා වූ දිල්හාන් සපරමාදු සමග, යතුරු පැදියෙන් නිවෙස බලා එමින් සිටියා. හිරණ නිවසට ඉතා අසාන්නව සිටියදී, පිටුපසින් පැමිණි ත‍්‍රී රෝද රථය පටවා තිබූ පුටුවල කකුල් මගේ ඇෙඟ් වැදුනා.

මා වැටෙන්නට ගිය අතර, ඔහොමද පාරේ යන්නේ කියා අසා, මා වත්තට ඇතු`ඵ වුනා.

එ් සමගම ත‍්‍රී රෝද රථයේ සිටි දෙන්නා බැස වත්තට කුණූ හරප කියාගෙන ආවා. ත‍්‍රී රෝද රථය පැදවූ දුෂාන්ත නවරත්න සිල්වා, එ් අතරම එතැනින් ඉස්සරහාට ගිට මෝටර් රථයකට අත්පුඩි ගසා නැවැත්වූවා. එම රථයෙන් හතරදෙනෙකු බැහැලා ආවා.

ඔවුන් සිය`ඵ දෙනාම, මා වටකරගෙන අතින් පයින් පහර දුන්නා. එ් අතර මගේ පියා මා බේරාගන්න ආවා. මගේ බිරිඳ, පුතා ආවා. මාව බිම වැටුනා. ඔවුන් මටත්. මගේ බිරිඳටත් , පුතාටත් පහර දුන්නා.

ඔවුන් පහර දුන්නේ අතින් පයින් හා ත‍්‍රී රෝද රථයේ බීඩින් පටි වලින්.

මා සමග, යතුරු පැදියෙන් පැමිණි සොහොයුරා දිල්ෂාන් සපරමාදු 119 ට කථා කර තිබුනා.

මට පහර දී, ඔවුන් ගිය පසු යතුරු පැදියෙන් පොලිස් නිලධාරීන් දෙන්නෙක් පැමිණියා.

ඔවුන්ට විස්තර කියා සිටියා. පහරදුන් අයගේ ගෙවල් දන්නේ නෑ කියා එම පොලිස් නිලධාරීන් කිව්වා.

මගේ බිරිඳ වන නාලිකා ප‍්‍රියදර්ශනී පීරිස් හා පුතා වන පුල්ෂාන් ධනුෂ්ක (අවු: 11යි*, එම පොලිස් නිලධාරීන් සමග ගොස් ඔවුන්ගේ නිවාස පෙන්වා, පහර දුන් අයව පෙන්ව සිටියා.

එම නිලධාරීන් අපට පොලිසියට යන්න කිව්වා. අපට පහර දුන්න අයටද පොලිසියට එන්න කිව්වා.

අප පොලිසියට එන්න සූදානම් වන විට, හිරණ පොලිසියේ ජීප් රථය පැමිණියා. එතැන සිටි පොලිස් නිලධාරීන්ගෙන් විස්තර අසා, අප එම ජීප් රථයෙන් පානදුර දකුණ පොලිසියට ගෙන ආවා.

මා, සමග මාගේ බිරිඳ, පුතා හා නන්දනී මල්කාන්ති පීරිස් ද පැමිණියා. 

අප පොලිසියට පැමිණෙන විට, අපට පහර දුන්න, දුෂාන්ත නවරත්න සිල්වා, ජයන්ත නවරත්න සිල්වා, ලලිත් නවරත්න සිල්වා හා දුෂාන්ත නවරත්න සිල්වා ගේ බිරිඳ සුද්දී සිටියා. ඔවුන් ස්ථානාධිපති මහේෂ් පෙරේරා සමග කථා කරමින් සිටියා.

පොලිස් ස්ථානාධිපති මහේෂ් පෙරේරා හා සොහොයුරාව පෙන්වා මුන්ව කූඩුවට දාන්න කියා - එහි සිටි නිලධාරීන්ට කිව්වා.

මාව හා සොහොයුරාව- කූඩුවට දැම්මා. මගෙන් කිසිම දෙයක් විමසුවේ නැහැ. කූඩුවේදී මගේ ජංගම දුරකථනය නිළධාරියෙක් උදුරා ගත්තා. එහි අංකය 0725427883 වේ. දුරකථනය ාද යන වර්ගයේ සුදු පැහැති ජංගම දුරකථනයකි.

එහි වටිනාකම රු: 2900/=කි එම දුරකථනයේ තොරතුරු මා සතුව තිබේ.

එදින රාත‍්‍රියේ කූඩුවේ සිටියා. 

රාත‍්‍රී 9.30 පමණ, සැරයන් උදය හා තවත් නිලධාරියෙකු මාව කූඩුවෙන් එළියට ගෙන, පානදුර මූලික රෝහලට ගෙන ගියා. ගෙන ගියේ පයින්. එහිදී මාව වෛද්‍යවරියෙකු ඉදිරියට ඉදිරිපත් කලා. 

සැරයන් උදය නිලධාරියා, එම වෛද්‍යවරයාට කිව්වා මා මත්පැන් පානය කර තිබේදැයි පරීක්ෂා කරන්න කියා. මා එවිට වෛද්‍යවරයාට මාගේ මූණේ හා ඇසේ තුවාල පෙන්වමින්, මට හොඳටම ගහලා තියෙන්නේ, මාව රෝහලේ නවත්වා ගන්න කියා ඉල්ලා සිටියා. 

එවිට සැරයන් උයද නිලධාරියා, ලියලා නෙවෙයි ගෙනාවේ, ගිහිල්ලා ලියලා අරගෙන එන්නම් කියා මාව යලිත් පොලිසියට රැුගෙන ගියා.

මාව පොලිසියට ගේනකොට සැරයන් උයද රෝහලේ වූ මේ විස්තරය ස්ථානාධිපති මහේෂ් පෙරේරාට කිව්වා. මහේෂ් පෙරේරා, සැරයන් උදයට කිව්වා මූට දාන්න තියෙන ඔක්කොම දාලා, බන්ධනාගාර රෝහලෙන් බෙහෙත් ගන්න සලස්වන්න කියා.

පසු දින උදේ 10ට පමණ අප දෙන්නාව කූඩුවෙන් එළියට අරන්, ස්ථානාධිපති මහේෂ් පෙරේරා ගේ කාමරයට ගෙන ගියා.

එ් අවස්ථාවේ මට පහර දුන්න දුෂාන්ත නවරත්න සිල්වා, ඔහුගේ බිරිඳ සුද්දී හා තවත් අයෙක් හිටියා. ඔහු දුෂාන්ත නවරත්න සිල්වාගේ සොහොයුරෙක් බව දන්නවා. ඔහු ද මට පහර දුන්න අයෙක්. මට පහර දුන්න අනෙක් සොහොයුරා, හමුදාවේ අයෙක්. ඔහුව පොලිසියට පැමිණ සිටියේ නැහැ.

එහිදී, ස්තානාධිපති මහේෂ් පෙරේරා, මට ,බලපන් මේ මහත්වරු fresh එකේ ඉන්න හැටි, කියා ඔවුන්ව පෙන්වා සිටියා. මම කිව්වා මම ආවේ කූඩුවේ ඉඳලා, ගෙදර ඉඳලා ආවානම් මමත් fresh එකේ එනවා කියා. එවිට ස්ථානාධිපති මහේෂ් පෙරේරා, මූගේ කට වැඩියි, මූව දානවා දවස් 14කට කියා, මට පහර දුන්න අයට ඔයගොල්ලෝ යන්න, ගිහිල්ලා දානේ ගෙදර වැඩ කටයුතු කරගන්න කියා පැවසුවා.

ඔහු, උප පොලිස් පරීක්ෂක වරයෙකුට කථා කොට, මූව දවස 14කට යවන්න - ලියන්න කිව්වා.

එම නිලධාරියා, මාව උඩ තට්ටුවට ගෙනිච්චා. එහිදී මම ඔහුට කිව්වා නීතිය කරන්න, අසාධාරණ වැඩ කරන්න එපා කියා.

ඔහු මට - හු--- පුතා, තෝ දැනගනින්, දවස් 14කට යවනවා, ආවහම ආයෙත් යවනවා, දැන ගනින් කැ-යා කියමින්, මට තර්ණය කරමින් නින්දා අපහාස කලා. 

එ් අවස්ථාවේ පැමිණිලි සඳහා පැමිණි 20ක් පමණ එතැන සිටියා.

ඔහු, එසේ බැන වැදී, හිටපන් උඹට කරන දේ මම මහේෂ් පෙරේරා මහත්තයාගෙන් අහලා එන්නම් කියා පහලට ගියා.

නැවත පැමිණ, එතැන සිටිය පොලිස් කොස්තාපල් වරයෙකුට කිව්වා මාගෙන් ප‍්‍රකාශයක් ගන්න කියා.

ඔහු මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. එසේ ගන්න විට, උඹ කොහොම කිව්වත් කමක් නෑ, උඹව උසාවි දානවාමයි කියා, උප පොලිස් පරීක්ෂකවරයා කිව්වා.

පැයක් පමණ මා ඉන් විට, සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මූණගම පැමිණ උඹව උසාවි දානවා කියා මගේන නැවත ප‍්‍රකාශයක් ලියා ගත්තා.

ප‍්‍රකාශ දෙකටම මගෙන් අත්සන් ගත්තා. 

ටික වේලාවකින්, උ.පො.ප.මූණගම, මාව ස්ථානාධිපති මහේෂ් පෙරේරා ළඟට රැුගෙන ආවා. 

එහිදී - ස්ථානාධිපති මහේෂ් පෙරේරා මට කිව්වා මීට පස්සේ උඹ අරගොල්ලන්ගේ දිහා බලන්නවත් බෑ, ආයේ එ් ගොල්ලන්ට විරුද්ධව පොලිසියට එන්න බෑ කියා තර්ජණය කොට, මට යන්න කිව්වා.

එදින සවස, මම, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් සිද්ධිය ප‍්‍රකාශ කලා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප‍්‍රකාශ කලා - ආසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ කියා. එමෙන්ම පහර දුන් අයව අත්අඩංගුවට ගන්නා ලෙසට.

පසුව මා දැනගත්තා -
ඉහත නම් සඳහන් පහර දුන්න පිරිසට හා මාගේ බිරිඳටත් පුතාටත් උඩට යන්න කියා, උඩදී, අපට පහරදුන්න පිරිසෙන් දුෂාන්ත නවරත්න සිල්වාගෙන් ප‍්‍රකාශයක් ගෙන තිබේ.

ඉන් පසු බිරිඳගෙන් හා පුතාගෙන් ප‍්‍රකාශ ගෙන අත්සන් ගෙන තිබෙනවා. 

මාගේ පුතාගෙන් ප‍්‍රකාශ ගන්නා අතරදී, මාගේ පුතා විසින්, පහර දුන් බබී යනුවෙන් හඳුන්වන පුද්ගලයාව අත දිගුකර පෙන්වා, මෙයා තමයි මට ගැහුව්වේ කියා පවසා තිබෙනවා. එම පුද්ගලයා පවසා තිබෙනවා ඔහු පහර නොදුන් බව. එවිට මාගේ බිරිඳ ඇයි බොරු කියන්නේ, මෙයා පොඩි ළමයෙක් කියා පැවසූ විට, ඔව් මම ගැහුව්වා කියා ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

එ් අවස්ථාවේ 119 වලින් පැමිණි උයද නැමැති නිලධාරියා ඔහොම අතින් පෙන්වලා කියන්න එපා, ඔයා තාම පොඩි ළමයෙක් කියා පවසා තිබේ.

එසේ ප‍්‍රකාශ දී, පහලට පැමිණෙන විට, මා  දුටුවා, දුෂාන්ත නවරත්න සිල්වා ගේ බිරිඳ සුද්දී යන අය, ස්ථානාධීපති මහේෂ් පෙරේරා සමග ඔහුගේ නිල කාමරය ඉදිරිපිට කතා කරමින් සිට තිබෙන අතර, පහලට පැමිණි අපට පහර දුන්න පිරිසට ස්ථානාධීපති මහේෂ් පෙරේරා යන්න කිය තිබෙනවා.

එවිට මාගේ බිරිඳ, ස්ථානාධිපති මහේෂ් පෙරේරා ගෙන් - ගුටි කාපු අපව කූඩුවේ දාලා , පහර දීපු අයව යවන්නේ ඇයි කියා විමසා තිබෙනවා.

එවිට ඔහු - කට පියාගෙන තමුසෙලා යනවා, නැතනම් කූඩුවට දානවා කියා තර්ජණය කර ඇති අතර, එතැන හිටිය අනෙක් නිලධාරින්ද තර්ජණය කර තිබෙනවා. පසුව මාගේ බිරිඳ හා පුතා  නිවසට ගොස් තිබෙනවා.

මාගේ බිරිඳට රාත‍්‍රියේ අමාරු වී ඇති අතර, පසු දින (05 දා* උදේ ඇය පානදුර මූලික රෝහලට ගොස්, පහරදුන්න බව ප‍්‍රකාශ කර තිබෙනවා. වාට්ටුවේ දින 03ක් ඇය නේවාසික ප‍්‍රතිකාර ලැබුවා.

රෝහල් පොලිසියෙන් පැමිණ, ටිකට් එක ලිව්වා මිස ප‍්‍රකාශයක් ගෙන තිබුනේ නැහැ. අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කර, ප‍්‍රකාශයක් ලියා ගෙන තිබෙනව.

මට පහර දුන් අය,
ජයසිංහ දුෂාන්ත නවරත්න සිල්වා
ජයසිංහ ජයන්ත නවරත්න සිල්වා
ජයසිංහල ලලිත් නවරත්න සිල්වා

ක`ඵ ආනන්ද (රත්මලානේ පදිංචි*, 
නලින් – ක`ඵ ආනන්දගේ පුතා
හා තවත් දුටුවොත් අඳුරන්න පු`ඵවන් අයෙක්. 

විශේෂයෙන් මා සඳහන් කරන්නේ,

මට පහර දුන්න ඉහත පිරිස, පානදුර දකුණ පොලිස් ස්ථානය තුලහා ස්ථානාධිපති මහේෂ් පෙරේරා සමග හැසිරුනේ ඉතා කු`ඵපගුවය.

මට, මාගේ බිරිඳට, මාගේ පුතාට පහර දුන් - අපරාධකරුවන් නිදැල්ලේ සිටීමට ඉඩ හැර තිබෙන්නේ, මෙම පඅරාධකරුවන් හා පානදුර දකු පොලිසියේ ස්ථානාධිපති මහේෂ් පෙරේරා ගේ සම්බන්ධය මත බව ප‍්‍රකාශ කරමි.

මෙය මාගේ මූලික අයිතිවාසිකම් කඩ කිරිමක් බව ප‍්‍රකාශ කරමි.

මා ඉල්ල සිටින්නේ,
නොපමාව මෙම අපරාධ කරුවන් හා පානදුර පොලිස් ස්ථානාධිපති මහේෂ් පෙරේරා, උ.පො.ප.මූණගම යන අයට එරෙහිව නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසටය.


ඞී. ගිශාන්ත අසේල සපරමාදු