"ජාතික හැදුනුම් පත බලයි. මුහුණ නොබලයි" - ඩයලොග් සමාගම.



හර්ෂි සි. පෙරේරා

ඔහු උපතින්ම අබාදිතය. පොලිසිය සහ ඩයලොග් සමාගම දිගින් දිගටම පිඩාවට පත් කරනු ලබන්නේ එවැනි පුද්ගලයෙකි. මිට හේතුව ඔහුගේ ජාතික හැදුනුම් පත උපයෝගී කරගෙන සිම් කාඩ් ලබා ගන්නා පුද්ගලයින් ඔහුගේ නම උපයෝගී කරගෙන නොයෙකුත් වංචාවන් සහ අපරාද සිදු කිරීමයි. රටක් දිනන්නේ බලවතුන්ට සලකන ආකාරයෙන් නොව අසරණයින්ට සලකන ආකාරයෙනි.

01. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

02. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

නැතිවූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන ඩයලොග් සිම් කාඞ්පත් රැගෙන  
වංචා කිරිම හා අපරාධ සිදුකිරීම.

බේරුවල දංගෙදර මුදියන්සේ කෝරළේ සුනිල් ශාන්ත, අවු: 45යි, ජාතික හැඳුනුම්පත නැති වී ඇත*, විවාහක, හෝටල් කම්කරු. 
ලිපිනය : 56/4, කවිරාජ මාවත, මොරවින්න, පානදුර. 
දු.අ. 0385685477 හා 0729107324
2013.12.26 දිනදීය.

01. 2013 මාර්තු මස 26 වන දින, මාගේ ජාතික හැඳුනුම්පත, බැංකු පොත, කාඞ්පත ඇතුලූ ලේඛන නැතිවූවා.

02. 2013 මාර්තු මස 29 වන දින මාගේ ජාතික හැඳුනුම්පත - අංක 691354318ඪ දරන - නැතිවූ බවට, පානදුර දකුණ පොලිසියේ පැමිණිලි කලා. (පැමිණිලි පිටු අංකය 89 - ජේදය 287 වේ).

03. එසේ මාගේ නැතිවූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන , ඩයලොග් සිම් තුනක් රැගෙන තිබේ. එම සිම් තුන භාවිතා කර, වංචා රැසක් කර ඇති අතර, එ් සම්බන්ධයෙන් අපරාධ/වංචා නඩු වලට සම්බන්ධ බවට මා නිරපරාදේ චෝදනා ලැබ තිබේ.

3.1 2013.07.14 දින මාගේ නැතිවූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන, ලබාගත් ඩයලොග් සිම්පතකින් කර තිබෙන මුදල් වංචාවකට- මා සැකකරු වශයෙන් පොතුහැර පොලිසියට කැඳවා, මාගෙන් ප‍්‍රශ්ණ කර ප‍්‍රකාශයක් ගන්නා ලදි. (පොල්ගහවෙල  ම/උ - බී1702/13 නඩුවට අදාලව)*

මෙම සිද්ධියෙන් පසුව, මා පොතුහැර පොලිසියේ උපදෙස් පරිදි, පානදුර ඩයලොග් සමාගමට ගොස් කරුණු දක්වා ලිපියක් දී, එම සිම් පත අවලංගු කරවන ලදි.

3.2 2014.01.24 දින උදේ 9.00 ට අංක 238/ඊ/13 දරන හෙට්ටිපොල මහේස්ත‍්‍රාත් උසාවියේ පවතින නඩුවට පෙනී සිටින ලෙසට, බිංගිරිය පොලිසිය පණවුඩයක් මගින් මට දැනුම් දී තිබෙනවා.

2013.11.16 දින එම පණිවුඩය මට පානදුර දකුණ පොලිසිය ගෙනවිත් බාරදී තිබෙනවා.

මෙම පණිවුඩයට සම්බන්ධ සිතාසිය, පානදුර පොලිසියෙන් බාර දෙන ලදි.

එහි සඳහන් වන්නේ - දුරකථනයෙන් බැණ තර්ජණය කිරීමක් සම්බන්ධයෙන් මට විරුද්ධව චෝදනාවක් තිබෙන බවයි.

3.3  2013.12.25 වන දින දවල් 12.00 ට පමණ සුදු පාට වෑන් රථයකින් හත් දෙනෙක් පැමිණියා.

එයින් 05කු පොලිසි නිලධාරීන්ය. වෑන් රථයේ අයිතිකරුකරු ද විය.

ඔවුන් පැමිණියේ, වෑන් රථයේ අයිතිකරුගෙන් මුදල් ගැනීමක් සම්බන්දයෙන් මා අත්අඩංගුවට ගැනීමටය.

මගේ විස්තර ඇසූ විට, එම කෙනා කියා සිටියා මුදල් ගත්තේ මා නොවන බව.

එ් සමගම, මා මාගේ ජාතික හැඳුනුම්පත නැතිවීම පිලිබඳව විස්තර ඉදිරිපත් කලා.

එසේ වුවත් මා අත්අඩංගුවට ගෙන, කටඋත්තරයක් ගන්න තිබෙනවා යැයි කියම්න් මාව මොරටුමුල්ල පොලිසියට එම වාහනයෙන්ම ගෙන ගියා. 

එම නිලධාරින් මොරටුමුල්ල පොලිසියෙන් බව ප‍්‍රකාශ කලා. මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. එහිදී, මාගේ නැතිවූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන, ඩයලොග් සිම් පත් දෙකක් ගෙන ඇති බව දැනගත්තා. 

3.4 ඩයලොග් සමාගමට අනුව, 2013.08.01 දින - අංක 077671280 සම්පතද, 2013.09.13  දින අංක 0777129609 සිම්පතද ගෙන ඇත.

3.5   මේ ආකාරයට,  මාගේ නැති වූ ජාතික හැ`දුනුම්පත උපයෝගී කරගෙන, ජංගම දුරකථන (ඩයලොග්* සිම්පත් කොපමණ ප‍්‍රමාණයක් ගෙන ඇද්දැයි මා නොදනිම්.

මා ප‍්‍රකාශ කර සිටින්නේ,
ඩයලොග් සමාගම මට කියා සිටියේ ජාතික හැ`දුනුම්පත දුන්නොත් ඔවුන් සිම්පත් නිකුත් කරන බවයි. ඔවුන් බලන්නේ ජාතික හැ`දුනුම්පත් අංකය පමණක් ද ? මුහුණ බලන්නේ නැද්ද ? යන්න ප‍්‍රශ්ණයකි.

එසේම අද අද දින මා පානදුර පිහිටි ඩයලොග් සමාගමේ ශාඛාව වෙත ගොස් - නැවත මාගේ හැ`දුනුම්පතට සිම් නිකුත් නොකරන ලෙස ඉල්ලා සිටි විට පවසා සිටියේ, අපිට කරන්න දෙයක් නැහැ, අපි සිම් නිකුත් කරනවා, කොළඹට ගිහින් කියන්න කියාය.

ඔවුන් මට - කොලඹ 02, යූනියන් පෙදෙස, අංක 475, හි පිහිටි -  ෘස්කදට ්ංස්ඒ ඡුඛක්‍  වෙත යන ලෙසට ලිපිනය ලියා දුන්නා.

මා ඉල්ලා සිටින්නේ,

01. මාගේ නැති වූ ජාතික හැ`දුනුම්පත උපයෝගී කරගෙන, සිදුකරන වංචා අපරාධ නොපමාව නතර කිරීමට පියවර ගන්නා ලෙසටත්,

02. මාගේ නැතිවූ ජාතික හැ`දුනුම්පත උපයෝගී කරගෙන , පොතුහැර පොලිසිය මගින්,  පොල්ගහවෙල  මහේස්ත‍්‍රාත් උසාවියේ පවරා ඇති - අංක /උ - බී1702/13 දරන නඩුවෙන් මුදාහැරීමට - නිසි පියවර ගන්නා ලෙසටත්,

03. ජාතික හැ`දුනම්පත නැතිවී බව දැනුම් දී තිබියදීත් සහ එම හැ`දුනුම්පත භාවිතා කොට ලබාගෙන තිබූ ඩයලොග් සිම් කාඞ්පත අවලංගු කර තිබියදීත්, එම හැ`දුනුම් පතටම යලි යලිත් ඩයලොග් සිම් කාඞ් පත් නිකුත් කිරීම සහ එය වලක්වා ලීමට නොහැකි බව ප‍්‍රකාශ කරමින්, අපරාධ වලට ආධාර අනුබල දීම පිළිබ`දව, ඩයලොග් සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්, 

4. නිසි පරීක්ෂණ පවත්වන්නේ නැතිව, බිංගිරිය පොලිසිය මගින්, බැණ තර්ජණය කිරීමක් පිළිබ`දව - අංක 238/ඊ/13 දරන හෙට්ටිපොල මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු පවරා, මා දැඩි පීඩාවට, ආර්ථික අපහසුතාවයට පත් කිරිම පිලිබ`දව- බිංගිරිය පොලිසියට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට ද -

ඉල්ලා සටිමි.

මෙ මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය කර ඇති බවද ප‍්‍රකාශ කර සිටිමි.

මා උප්පත්තියෙන් ආබාධිතයෙකු බවද ප‍්‍රකාශ කර සිටිමි.


බී.ඞී.එම්.කේ. සුනිල් ශාන්ත