පිරිමින් හා ගැහැණුන් යුගළ වශයෙන් වළදමා තිබූ මිනී වළවල් සමූහයක් සොයාගැනීමට රුසියා පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
මෙම මිනී හමුව ඇත්තේ සයිබීරියාවේ ස්ටාරි ස්ටාර්ටස් නම් ගම්මානයකිනි.
හමුව ඇති මිනී වළවල් වසර 3500 ක් වත් පැරණි ඒවා විය හැකි බවට විශ්වාස කෙරේ.
ඒවායේ පිරිමින් හා ගැහැණුන් වළ දමා තිබී ඇත්තේද ඔවුන් පෙම්වතුන් හෝ සැමියා හා බිරිද ලෙස හඟවන අයුරින් වීම විශේෂ සිද්ධියකි.
අදාල පුරා විදයාඥයන් පවසන්නේ මෙසේ හමුවූ මිනී අත් අල්වාගෙන, එකිනෙකා වැළදගෙන ආදී ඉරියව් දැක්වෙන අයුරින් ඇට සැකිළි සකස් වී තිබූ බවයි.
මෙසේ යුගල වශයෙන් වළදැමිමට නිශ්චිත හේතුවක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ දෙදෙනාම එකටම මියගොස් මෙසේ වළදමන්නට ඇතැයි සිතිය හැකි මුත් මිනිවළවල් සමූහයක් ඇති හෙයින් එසේ සිතන්නටත් අපහසු බවයි.
සිදුවන්නට ඇතැයි ඉහළ සම්භාවිතාවක් ඇති අවස්ථාව ලෙස ඔවුන් දක්වනුයේ සැමියා පළමුව මියයන්ට ඇති බවයි.
අනතුරුව ඔහු හා ‘එහා‘ ලෝකයේදී එකතු වීමේ අරමුණින් බිරිදවද මරණයට කැප කර ඇයව ඔහුත් සමග වළදමන්නට ඇති බවයි.
මෙම ඇටසැකිළි වල ඩී.එන්.ඒ පරීක්ෂාවන් සිදුකිරීමට නියමිත අතර එයින් පසු මෙසේ පුද්ගලයින් වළදැමීම පසුපස ඇති රහස එළි කරගැනීමට හැකි වනු ඇතැයි කැණීම් කටයුතු මෙහෙයවූ පුරාවිද්‍යාඥ පිරිස සදහන්කර ඇත.