උතුරු කොරියානු නායකයාගේ මාමා මරා දැමේ.



හර්ෂි සි. පෙරේරා

උතුරු කොරියානු නායක කිම්ගේ මාමා වරක එරට ප්‍රබලයෙකි. හේ නමින් ජන සෝන් තයික්ය. ඔහුව මරා දැමීම ගැන ජාත්‍යන්තර ප්‍රජාව තුල දැඩි තැකීමකට හේතුවී ඇත. එය උතුරු කොරියානු නම් හුදකලා රටේ ස්ථාවරබාවය දැඩිව ප්‍රශ්න කරයි. විවිද ආණ්ඩු මේ පිලිබදව තැකීම ඉදිරිපත් කර සිටි. බ්‍රහස්පතින්දා ඔහුව මරා දැමීමට පෙර විශේෂ හමුදා නඩු විබාගයක් පවත්වනු ලැබිණි. ඔහුව ද්‍රෝහියකු ලෙස හංවඩු ගසා තිබුණු අතර අපරාද ක්‍රියා ගණනාවක් හේතුවෙන් ඔහුව සියලු තනතුරු සහ බලතල වලින් ඉත් කිරීමට පියවර ගෙන තිබුණි. වොෂින්ටනය පවසන්නේ මෙම මරා දැමීම උතුරු කොරියාවේ කෘරබව පෙන්වන තවත් උදාහරණයක් බවයි. සිය දැඩි කනස්සල්ල පල කරන ලන්ඩනය කලින් කිව නොහැකි මෙම රෙජීමයේ බලපෑම කලාපයේ ස්ත්වරත්වය ට කවරක් සිදු කරයිද යන්න පිලිබදව දැඩි තැකීම පල කර සිටි. ගාතනය වූ ජන් , කිම් ජෝන් උන්ගේ වාර්තා සහ චායාරුප වල ප්‍රකට පිලිබිබුවක් වූ අතර නමුත් මේ වසරේ එම තත්වය නැති වූ අතර නොවැම්බර් මාසයේ  සිට ඔහු නිල මාද්‍ය තුල පෙනී සිටියේ නැත.