බොරු නඩුවක්.




හර්ෂි සි. පෙරේරා

අබිමානවත් ශ්‍රී ලංකා පොලිසිය රටේ පුරවැසියන්ට අබිමානවත් නැත. එය බොරු නඩු දැමීමේ අපරාදය දිගින් දිගටම සිදු කරනු ලබයි. පහත පලවන්නේ එවන් එක් සිදුවීමකි. 


01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08. 

02. පොලිස්පති
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

03. ලේකම්,
    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය,
    06 වන මහළ, රේණුකා ගොඩනැගිල්ල,
    කොළඹ 01.

පළි ගැනීම සඳහා ව්‍යාජ නඩු පැවරීම

බතල වත්තගේ නිහාල් සමන් කුමාර, අවු: 31යි, ජා.හැ.අ.82239507ඪ, වවාහක, දරුවන් 02යි, සු`ඵ ව්‍යාපාරික.
ලිපිනය : කන්ද විහාර අසල, ක`ඵවාමෝදර, අලූත්ගම.
2013.10.22 දිනදීය.

2013.10.20 ඉරිදා, උදේ 10.00ට පමණ, කන්ද විහාරය අසල පාරේ, මල් විකුණමින් සිටින විට, රතු පාට ත‍්‍රී රෝද රථයකින් පැමිණි, අලූත්ගම පොලිසියේ සිවිල් ඇඳුමින් පැමිණි අතුල නැමැති නිලධාරියා හා නිල ඇඳුමින් සිටි 67067 දරන නිලධාරියා මට අඬගසා, කටඋත්තරයක් ගන්න යයි කියා, මාව සීලානන්ද පාරේ, මහේෂ් ජයරත්න නැමැති අයගේ ගෙදරට ගොස්, ඔහුවද අත්අඩංගුවට ගෙන, පොලිසියට ගෙන ගියා.

මාව අපරාධ අංශයේ කාමරයේ තබා ගත් අතර, මහේෂ් ජයරත්නව පිටුපස කාමරයකට ගෙන ගියා.

එහිදී මගෙන් අතුල නැමැති නිලධාරියා - උඹලා කඩපු කඩයේ බඩු දියන් කියා ඉල්ලූවා. 

මා කඩයක් කැඩුවේ නැති බව ප‍්‍රකාශ කලා.

දවල් 2ට පමණ, මාවත්, මහේෂ් ජයරත්නවත් කූඩුවට දැම්මා. කූඩුවේ පැතුම් රංගන යන අය හිටියා.

එදින රාත‍්‍රියේ කූඩුවේ සිටියා. ?ට විස්තර ගන්නම් කියා රිසව් එකේ සිටිය සංජීව නැමැති නිලධාරියා අපට තර්ජණය කරමින් ප‍්‍රකාශ කලා.

පසු දින උදේ එනම් 2013.10.21 දින උදේ 8.30 ට වතර නම හා ලිපිනය ලියා ගෙන ගියා. ඉන්පසු එළීයට ගෙන, තවදුරටත් විස්තර අසා - ලියාගෙන බලයෙන් එයට අත්සන් ගත්තා.

පස්වරු 12.30 ට පමණ, කලූතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. එහිදී දැනගත්තා මටත්, මහේෂ් ජයරත්න හා පැතුම් රංගන යන අයටත්, සොරකම් පිළිබඳව නඩු දමා තිබෙන බව.

අධිකරණය රු: 25,000/=ක ශරීර ඇපයක් මත මා මාදා හැරියා. මීලඟ නඩු දිනය 2013.12.11 වේ.

මෙම සිද්ධියට පසුබිම
1. 2013.09.11 දින, සොරකමකට යයි කියා අත්අඩංගුවට ගෙන, වධ දී, දින 4ක් රඳවා තබාගෙන සිට, ගංජා කූරක් ලඟ තබා ගැනීමට නඩු දැම්මා.

හැමගේ උපදෙස් අනුව, රිමාන්ඞ් බාරයේ සිටින්නට සිදුවේයැයි යන බිය මත මා වැරදිකරු බව පිළිගත්තා. මට රු: 5000/=ක දඩයක් නියම වුනා.

2.එයින් පසුව, 2013.07.20 දින, නිවසේ සිටි මාව - ගංජා විකුණු බව කියමින් අත්අඩංගුවට ගත්තා. පසු දින අධීකරණයට ඉදිරිපත් කලා. 

එහිදී ගංජා කූරක් ළඟ තබාගත් බවට චෝදනා කරා. වරද පිළිගත්තා අසරණකමට. එයට මට රු: 4000/=ක දඩ නියම වුනා. ප‍්‍රජා සේවය බාර ගත්තා. 

මෙවරද, මට සොරකමකට, බොරු නඩු දැමීමට එකම හේතුව වන්නේ දඩය නොගෙවා ප‍්‍රජා සේවය ඉල්ලා සිටීම බව ප‍්‍රකාශ කරමි.

ඉදිරියටද, මේ ආකාරයටම බොරු නඩු දැමීමට පියවර ගනු ඇතැයි යන විශ්වාසය මා තුල පවතී.

කිසිදු අපරාධයක් නොකර, බොරු නඩු දැමීම හා එම බොරු නඩුවලට නිවැරදිකරු බව ප‍්‍රකාශ කර, නඩු කීමට දුප්පත් කමින් මිරිකී සිටින අපට කල නොහැකිය.

එම නිසා මා ඉල්ලා සිටින්නේ, 
1. මෙම බොරු නඩු දැමීම පිළීබඳව විධීමත් පරීක්ෂණයක් මූලස්ථානය මගින් කරන ලෙසටය.

තවද, මෙය මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් බවද ප‍්‍රකාශ කරමි.

2. මෙයට අමතරව,

2013.1020 වන දින මාගේ බිරිඳ වන ගුණමුණි අයෝමා රසිකා ද සිල්වා මා බැලීමට පොලිසියට පැමිණි විට, අතුල නැමැති නිලධාරියා මාගේ බිරිඳට ඉතාමත් නින්දිත ආකාරයට කුණූහරප කියමින් බැණවැදී, එලවා ගත්තා.

මේ පිළිබඳවද පරීක්සණයක් පවත්වන ලෙසට ඉල්ලමි.


බී.ඩබ්. නිහාල් සමන් කුමාර