ආරිවංශ රණවීර යනු ලාංකේය කවි කෙතේ සරු ඵලයකි. මේ වන විට එකී ඵලයේ වටිනාකම මෙරට පමණක් නොව දෙස් විදෙස්හි ප්‍රචලිතව හමාර ය. ඔහුගේ කවි 25 ක් 2010 වසරේ දී කියුබාවේ පිහිටි ''Vigiya'' ආයතනය මගින් ස්පාඤ්ඤ භාෂාවට පරිවර්තනය කොට ප්‍රකාශයට පත්කළේ ය. එය ඔහුගේ කාව්‍යත්වයේ අග්‍ර ඵලයකි. මින් පෙර එවන් අවස්ථාවක් උදා කර ගත් එකම ශ්‍රී ලාකිය කවියා වූයේ පරාක්‍රම කොඩිතුවක්කු ය. ඒ ඔහුගේ කවි කිහිපයක් ඉන්දියාවේ දී පරිවර්තනය වීම ය.
රණවීර කවියා වඩාත් සතුටට පත්වනේ තමාගේ කවි පරිවර්තනය වූවාට නොව එරට වැසියන් කවියට දක්වනු ලබන අනුග්‍රහයත්,රටේ බහුතරයක් පාඨකයන් කවියට දක්වන්නා වූ ආදරය සහ ගරු කිරිම සම්බන්ධයෙනි.
මතු දැක්වෙන්නේ : කියුබාව කවියට සහ කවියාට දක්වනු ලබන සැලකිල්ල සහ එම කවි පොත එළිදැක්වවීම සම්බන්ධයෙන් රණවීර කවියා ලැබු අත්දැකිම් අළලලා කළ සාකච්ඡාවකි.
ඕනැම ඵලයකට හේතුවක් තිබිය යුතු යි. ඒ වගේ ම රණවීර කවියාගේ කවි කිහිපයක් මේ ආකාරයෙන් ස්පාඤ්ඤ බසට පරිවර්තනය වන්නත් යම් කිසි හේතුවක් බලපාන්න ඇති. මා පළමුවෙන් ම ඔහුගෙන් විමසා සිටියේ ඒ හේතුව සහ මෙම සිදුවීමේ අතීතය පිළිබඳව යි.
සැම වසරක් පාසා ම කියුබාවේ කවීන්ගේක දිනය සමරනවා. 2007 වසරේ එම උත්සවයට සහභාගී වීමේ අවස්ථාව මට උදාවුණා. එදා මම කියුබාවට යන වෙලාවෙ ඊ. එම්. ජී. එදරිසිංහ මහතා විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද කවි කීපයක් අතුළත් ''Echoing Ethos'' කෘතිය මා එරටට රැගෙන ගියා. ඒ පොත මම ඒ සම්මේලලනයේ නියෝජිතයන් වෙත ලබා දුන්නා. හරියට ම ඊට වසර තුනකට පසුව ඔවුන් අපේ රටේ සංස්කෘතික අමාත්‍යංශය හරහා මට දන්වා සිටියා ඔවුන් එදා ලබාගත් මගේ කවි පොනතෙන් තෝරාගත් කවි 25 ක් ස්පාඤ්ඤ බසට පරිවර්තනය කර එය කියුබාවේ පැවැත්වෙන මහා පොත් ප්‍රදර්ශනය අතරතුර එම පොත් ප්‍රදර්ශන භූමියේ දී ම එළිදක්වන බව. ඔවුන් මා වෙත ආරාධනා කර තිබුණා එහි පැමිණ එම කෘතිය පිළිගන්නා ලෙස. ඒ අනුව මා 2010 පෙබරවාරි 11 වන දින කියුබාව බලා පිටත් ව ගියා. ඒ සඳහා මා වෙත පූර්ණ අනුග්‍රහය දැක්වූයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයෙන්. ප්‍රදර්ශනය පැවැත්වුනේ 2010 පෙබරවාරි 16 වන දින සිට 21 වන දින දක්වා.
එම උත්සවය පිළිබඳ රණවීර කවියාගේ මතකයන් සහ එහි ස්වරූපය පිළිබඳ අදහස් දැක් වූ ඔහු....
මෙම උත්සවය පැවැත්වුනේ හවානාවලට අල්ලපු ඔටුන්යා නමැති ප්‍රාන්තයේ. ඒ රටේ මෙම ප්‍රාන්තය බහඳුන්වන්නේ 'බුද්ධිමතුන්‍ගේ ප්‍රාන්තය' නමින්. 2010 වසරේ පැවැත්වූයේ, එම ප්‍රදර්ශනයේ 10 වන ප්‍රදර්ශනය. මෙය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක්.රටවල් අසූවකටත් වැඩි ප්‍රරමාණයක් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වී සිටියා. ලෝකයේ පවැත්වෙවන දවැන්ත ම පොත් ප්‍රදර්ශනය ලෙස හැඳින්වෙන්නේ 'Impart' පොත් ප්‍රදර්ශනය යි. කියුබාවේ පැවති ප්‍රදර්ශනයත් ඊට නොදෙවනිය කියන එකයි මගේ හැඟීම. රුසියාව, ඕස්‍ට්‍රේලියාව ඇතුළු ලතින් ඇමරිකානු කලාපයේ සියලු ම රටවල් මෙයට සහභාගි වී තිබුණා. මෙහි තවත් විශේෂිත කරුණක් තමයි මෙම පොත් ප්‍ර දර්ශනය ඊළඟ වසරේ පැවැත්විමට ප්‍රථම ඒ රටේ ප්‍රාන්ත 14 ට ම රැගෙන යාම. කියුබාවේ ජනගහනය මිලියන 11 යි. ඒ අතරින් මිලියන 06 ක් මෙම ප්‍රදර්ශනයට සහභාගි වී තිබෙනවා. ඔවුන් එහි පැමිණ විනෝද වෙනවා. එය අපේ පොත් ප්‍රදර්ශනයට වඩා බොහොම විශාලයි. කියුබාවේ සාක්ෂරතාව 100% යි. ඒ වගේ ම ඒ රටේ බොහෝ පිරිසක් පොතපත පරිශීලනය කරනවා.
ඔහුගේ අත්දැකීම අනුව මෙය ඉතා විශාල පොත් ප්‍රදර්ශනයක්. එවන් විශාල ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා ඔවුන් කෙබඳු ස්ථානයක් තෝරාගන්නට ඇද්දැයි මා රණවීර කවියාගෙන් විමසා සිටියා.
ඇත්තට ම ඒ භූමිය හිතාගන්න බැරි තරමට ම විශාලයි. මට දැනුන විදියට ඒ භූමිය ගාල්ල කොටුව වගේ විසිගුණයක් පමණ වෙනවා. ඇත්තට ම මේක ඔවුන්ගේ පුරාණ බලකොටුවක්.
මෙබඳු පොත් ප්‍රකාශනයට පත්කරන ආයතන සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඔහු....
ඇත්තට ම එම ප්‍රකාශන ආයතනය ඉතාමත් සුවිශේෂී ප්‍රකාශන ආයතනයක්. ඔවුන් මෙම ප්‍රකාශන ආයතනය පවත්වාගෙන යන්නේක කිසිඳු ලාබ ඉපයීමේ පරමාර්ථයකින් නොවේ. ඒ සඳහා තිබෙන ප්‍රධාන ම සාක්ෂිය තමයි මෙවන් කෘතීන් ප්‍රකාශයට පත්කරන ප්‍රමාණය.මගේ පොත සහ ඔවුන් මීට පෙර විවිධ රටවල්වල විවිධ ලේඛක ලේඛිකාවන්ගේස විවිධ පොත් ප්‍රදර්ණය කොට තිබෙන්නේස පිටපත් 250 ක් පමණයි. පොත වෙළෙදපොළට නිකුත් කළ දිනයේ ම ඒ සියලු පිටපත් අළෙවි වුනත් නැවත මුද්‍රණය කෙරෙන්නේත නැහැ. කොපමණ ඉල්ලුමක් තිබුණත් නැවත මුද්‍රණයක් සිදුවන්නේන නැහැ. ඉන් අනතුර ව ඒ කෘතිය කෞතුක වස්තුවක් බවට පත්වෙනනවා. එහි අගය ඉහළ යනවා. අනෙක තමයි මේ ආකාරයට තොරාගන්නා කෘතියේ නිමාව සිදුවන්නේද අතින්. එහි අන්තර්ගතය මුද්‍රණය කෙරෙනවා. එය ද ඉතාමත් නිර්මාණශීලියි. පිටකවරය සම්පූර්ණයෙන් ම නිමවන්නේම අතින්. මෙය ව්‍යවහාරයේ යෙදෙන්නේ Hand Made නමින්. අතින් නිම කළත් එය ඉතාමත් අලංකාර ලෙස නිමකොට තිබෙනවා. ඔවුන් මීට පෙර නිර්මාණය කළ කෘතින් දෙකක් මා වෙත පරිත්‍යාග කළා. එම කෘතින් පවා ඉතාමත් නිර්මාණශීලීයි. එහි එක් කෘතියක පිටකවරය සකසා තිබෙන්නේ එම කතුවරියගේ රුව සහිත සිත්තමක් යොදාගනිමින්. මා මට පෙර කවදාවත් එවන් නිර්මාණයක් දැක තිබුණේ නැහැ.
මීට පෙර අපේ රටේ සාහිත්‍යය නිර්මාණයක් මෙවන් ඇගයිමකට පත්වුවා ද යන්නමා ඔහුගෙන් විමසා සිටියා.
මා දන්නා තරමින් නම්: ලංකාවේ කෙටිකතා එකතුවක් සහ පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ කවි කිහිපයක් යුනෙස්‍කෝ ආධාර යටතේ ඉන්දියාවේ පළ වි තිබෙනවා. ඒත් ඉංග්‍රීසි භාෂාවෙන්. ස්පාඤ්ඤ භාෂාවෙන් හෝ වෙනත් භාෂාවකින් ලාංකීය කවියකුගේ කවි කිහිපයක් එළිදැක්වූ පළමු අවස්ථාව මෙය යි.
ඕනැම ලේඛකයකුට හෝ ලේඛිකාවකට තමන්ගේ නිර්මාණ කිහිපයක් මේ ආකාරයෙන් වෙනත් රටක, වෙනත් භාෂාවකින් පළ වූ විට සුවිශේෂ වු හැඟීමක් දැනිය යුතුයි. මෙය ආරියවංශ රණවීර නම් වු කවියාට ද එසේම වන්නට ඇති.
ඇත්ත ම කියනවනම් ඉතිං මට ඉතාමත් ම සතුටුයි. විදෙස් රටකින් මගේ කවි කිහිපයක් මේ විදියට අගය කිරිම මට පුද්ගලික ව පමණක් නොවෙයි රටට ම ලැබුණු කීර්තියක්; ප්‍රසංශාවක්; ආඩම්බරයක්. මා මෙම සිවීම දකින්නේ ඒ ආකාරයට. ඒ වගේ ම මගේ කවි දෙස නැවත නැවතත් හැරි බැලීමට මෙම සිදුවීම මට ඉවහල් වුණා. ඒක තමයි ඇත්ත තත්ත්වය.
එය තව දුරටත් පැහැදිලි කරන ලෙස මා රණවීර කවියාගෙන් ඉල්ලා සිටියා.
මම කවි ලියනවා. කවි පිළිබඳ ආශාවක්, අවබෝධයක් ඇති අය ඒවා පළ කරනවා. පාඨකයන් ඒවා කියවනවා; අගය කරනවා. නමුත් මා නැවත එම කවි කියැවිමට හෝ එ දෙස නැවත හැරී බැලීමට එය එතරම් උපකාරි වෙන්නෙි නෑ. නමුත් මෙම සිදුවීම ඉන් ඔබ්බට ගොස් මගේ කවි පිළිබඳ අවධානය යොමු කිරිම මාව ම නැවත නැවතත් රැගෙන ගියා. එය මා හිතන විදියට කවියකුට ලැබෙන දුර්වල අවස්ථාවක්.
ඕනැම කවියකුගේ කවි වෙනත් දේශයක පිරිසක් රසවිඳින ආකාරය දකින විට අදාළ කවියාට/ කිවිඳියට අතිවන හැඟම් කෙබඳුදැයි පිටස්තරයන්ට නොදනේ. එය විග්‍රහ කළ යුත් එම කවියා හෝ කිවිඳිය විසින් ම ය.
මෙතනදි අපි සැලකිල්ලට ගන්න ඕන ප්‍රධාන ම කාරණය තමයි කියුබාවේ 'කවිය' ට තිබෙන තැන මොකක් ද කියන දේ. ඇත්තට ම කියුබාවේ 'කවිය' කියන්නේට අපේ රටේ වගේ අල්පතරයකගේ සාහිත්‍යය වින්දනයක් නොවේ. ඒ රටේ කවි ජනප්‍රිය කරවීම සඳහා විවිධ ක්‍රමෝපායන් භාවිතා කරනවා. එරට ප්‍රවීණ නළු නිළියන් ලවා ප්‍රවීණ කවි කිවඳියන්ගේ කවි ගායනා කරවමින් ඒ අනුව යම් යම් රඟ දැක්වීමක් කරනවා. මෙය රඟ දක්වන්නේට ආසන පන්සියයක් හයසියයක් පමණ තිබෙන ශාලාවක. එවැනි අවස්ථාවල්වල ඒ ආසන සියල්ල ම පිරිලා සමහර අය හිටගෙනත් මෙම කවි ගායනය නරඹනවා. හිතන්න.... මෙය කෙතරම් ආහ්ලාදජනක ද කියල! මගේ කවි කිහිපයත් ඉංග්‍රීසි භාෂාවෙන් කියවා දෙවන වර ස්පාඤ්ඤ භාෂාවෙන් කියවන විට එහි රැඳී සිටි පිරිස් මහත් උද්දාමයෙන් අත්පොසළසන් දුන්නා. ඒ ඇයි....? ඔවුන් එතරම් ම කවියට ලැදියි. කවිය කියන්නෙ ඔවුන්ගේ සංස්කෘතියේ ම එක් අංගයක්.එය වෙන්කොට සලකන්න ඔවුන් හුරු වී නැහැ. මේ නිසා වෙන්න ඇති වර්ඩ්ස්වර්ත් කිව්වෙ: ''කවිය යනු මිනිසුන් අමතා මිනිසෙක් කතා කිරිම ය.'' කියල.
කියුබානු වැසියන් රණවීර කවියාගේ කවි ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කොට, රසවත් ව ගායනා කොට, එය අගය කළා. නමුත් ලාංකීය සාහිත්‍යය තුළ ඔහුගේ කවි මතු නොව වෙනත් කවියකුගේ හෝ කිවිඳියකගේ කවි මේ ආකාරයෙන් ඇගයීමට ලක් වු බවක් අපට දක්නට නො ලැබුණි. අපේ (ශ්‍රී ලාංකීය) කවියට එවන් ඉරණමක් අත්වූයේ අයි ද යන්න පිළිබඳ අදහස් දැක්වූ ඔහු....
ඇත්තට ම මම මේ සඳහා දෙන පිළිතුර කෙතෙක් දුරට නිවැරදි ද යන්න තිරණය කළ යුත්තේ කාව්‍ය ය රසිකයා යි. මම හිතන විදියට ලොව බොහෝ කවීන් එම නිර්මාණ කළේ හුදෙක් පුද්ගලික ආශ්වාදය සඳහා නොවේ. ඔවුන් තම කවිත්වය මගින් තමන්ගේඑ මූලාශ්‍ර එහෙමත් නැත්නම් තමන්ගේ අනන්‍යතාව රැකගත්තා. පැබ්ලෝ නෙරූඩා, ගාෂියා ලෝර්කා සහ මචාඩෝ වැනි කවීන් තම කවීත්වය යොදාගත්තේ හුදෙක් තම ආත්ම තෘප්තිය සඳහා හෝ කිසියම් සිදුවීමක් රසවත් ව විස්තර කිරිම සඳහා නොවේ. ඔවුන් ඉන් ඔබ්බට ගිය දේශපාලන සහ ජාතික හැඟීමකින් කවිය ඉදිරියට ගෙන ගියා. අපෙත් එවැනි අය නොසිටියා නොවෙයි. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේප කවි තුළින් ජාතික හැඟීම් පිබිදුණා. නමුත් බහුතරයකගේ කවි තුළ තිබුණේ හුදෙක් ශෘංගාරාත්මක හැඟීම් හෝ පාරිසරික වර්ණනා පමණයි. කාලයක් යන විට මෙම සම්ප්ර දාය ජනතාව අතරින් ගිලිහි ගියා. ගිලිහි ගියා නොවෙයි ඇත්තට ම ජනතාව එය ප්ර තික්ෂේමප කළා. නමුත් විදෙස් කවීන් මෙය හඳුනාගෙන තිබුණා. ඔවුන් තම අත්දැකීම් යොදාගත්තේ හුදෙක් තාවකාලික තෘප්තිය සඳහා පමණක් නොවේ. ඔවුන්ගේ කවි චිරාත් ාලයක් ජන මනසින් ඈත් නොවන්නට එය ප්‍රබල හේතුවක් වුණා.
විවිධ අය, විවිධ කවි, විවිධාකාරයෙන් වර්ගිකරණයට ලක් කරනවා. නමුත් කියුබානු වැසියන්....?
ඇත්තට ම මට නම් එහි දි එවැන්නක් දැනුනෙ නැහැ. එයට ප්‍රධාන ම හේතුව ඔවුන්ගේ එවැනි ප්‍රභේදයක් නොමැති වීම. ඒ රටවල්වල අපේ රටේ වගේ: 'කොළඹ කවි', 'සඳැස් කවි', 'නිසඳැස් කවි', 'කෙටි කවි', 'දිගු කවි', 'විරිත් කවි' සහ 'සිව්පද' වැනි බෙදිමක් දක්නට ලැබුණේ නැහැ. මගේ කවි තෝරද්දි වුනත් ඔවුන්ට ඒ වෙනස පිළිබඳ ව විශේෂත්වයක් නොතිබුණ බව මට පැහැදිලියි.
කියුබානු ප්‍රකාශකයන් ස්පාඤ්ඤ භාෂාවට පරිවර්තනය කොට තිබූ රණවීර කවියාගේ කවි කිහිපයක් ආවර්ජනය කළ ඔහු....
මට මතක විදියට නම්.... 'කවි කිහිපයක්' කෘතියේ 'රාහුලෝ ජාතෝ' සහ 'රජ රට' යන කවි දෙක. 'සඳ ඇබින්දක්' කෘතියේ 'සඳ ඇබින්දක්' සහ 'මාරු කාසි' යන කවි දෙක. 'අතු ඉති' කෘතියේ 'බිරිඳට', 'ඉමක් සහ මලක්' කෘතියේ 'මහ මුගලන් තෙරුන්ට', සහ 'සම්මිශ්‍රණ' කෘතියේ 'ප්‍රතිමා මත කපුටෝ' සහ 'නම් තැබීම' යන කවි දෙකත් තවත් කෘති කිහිපයකින් කවි කිහිපයක් තොරාගෙන තිබුණා. ඊ. එම්. ජී. එදිරිසිංහ මහතා ඉංග්‍රීසියට පරිවර්තනය කළ ''Echoing Ethos'' කෘතියෙන් තෝරාගත් නිර්මාණත් ඒ අතර තිබුණා. මේ අතුරින් ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුව තිබුණේ 'රාහුලෝ ජාතෝ' නමැති කවියට.
අවසන් වශයෙන් මා ඔහුගෙන් විමසා සිටියේ ලාංකීය සාහිත්‍යය නිර්මාණ මේ අයුරින් ජාත්‍යන්තර තලයට රැගෙන යාම සඳහා අප කුමක් කළ යුතු ද යන්න ය. මේ ඔහුගේ යෝජනාව යි.
අපේ රට ලෝකයේ තිබෙන නෙක් රටවල් හා සසැඳුවම ඉතාමත් පුංචි රටක්. නමුත් මෙරටේ ඉතාමත් ම හොඳ නිර්මාණ බිහි වී තිබෙනවා. නමුත් අපේ නිර්මාණ ජාතයන්තර භාෂාවක් වුන ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙන්නෙ නැහැ. මගේ කවි වුනත් ඉංග්‍රීසියට පරිවර්තනය නොවුනා නම් මට මේ අවස්ථාව ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා මම කැමතියි මේ රටේ ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛනයේ යෙදෙන ලේඛක ලේඛිකාවන්ගෙන් ඉල්ලා සිටින්න හැකි තරම් සිංහල සාහිත්‍යය කෘති කියවා එම කෘතීන් ඉංග්‍රිසියට පරිවර්තනය කරන්න කියල. අප කොපමණ විදෙස් කෘති පරිහරණය කළත් විදේශිකයන්ට අපේ රටේ පළ වන සිංහල සහ දෙමළ සාහිත්‍යය පිලිබඳ ව අවබෝධයක් නෑ. උදාහරණයක් විදියටගත්තොත් වසරක් පාසා ගාල්ලේ පවත්වනු ලබන ජාත්‍යන්තර සාහිත්‍යය උළෙලට දෙමළ අයට පමණක් නොවෙයි සිංහල අයටත් ආරාධනයක් නෑ. ඒ සඳහා සහභාගි වන්නේ කොළඹ හතේ පදිංචිවි සිටින වරප්‍රසාද ලත් පන්තියකට අයත් පිරිසක් පමණයි. සංස්කාතික කටයුතු පිළිබඳ බලධාරීන් හෝ මැදිහත් වී ඒ සඳහා සුදුසු වැඩ පිළිවෙළක් යොදනවා නම් අපේ සාහිත්‍යය ජාත්‍යන්තර තලයට රැගෙන යාම එතරම් අපහසු කාරණයක් නෙවෙයි. අපට හොඳ, දක්ෂ නිර්මාණකරුවන් පිරිසක් සිටිනවා. ගොඩගේ ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද කෙටි කතා වෙළුම් දෙකක් එරට පිහිටි Writers and Artist's Union ආයතනයේ සභාපති මිගුවෙල් බානට් මහතාට බාර දුන්නා. මට කළ හැකි දේ එපමණ යි.
උපුටා ගැනීම - lankadaily.lk