ලංකාවේ මූලධර්මවාදී විප්ලවය



දැන් ලංකාවේ සිදු වෙමින් තිබෙන්නේ අයතුල්ලා කොමේනිගේ නායකත්වයෙන් ඉරානයේ සිදු වූ ඉස්ලාමීය මූලධර්මවාදී විප්ලවය වර්ගයේ බෞද්ධ අන්තවාදී විප්ලවයකි. මිනිසුන් බැලිය යුත්තේ කුමන චිත්‍රපට ද, මුස්ලිම් කාන්තාවන් මුහුණ හා හිස ආවරණය කළ යුතු ද නැද්ද, සිංහල ගැහැනුන් ගවුම ඇන්ද යුත්තේ කොපමණ දිගට ද, පිරිමින් රෑට සංසර්ගයේ යෙදෙන්නේ කොන්ඩම් දමලා ද, අප කෑ යුත්තේ මොන සතාගේ මස් ද ආදි බොහෝ දේ නිරීක්ෂණය කිරීමේ බලයක් දැන් මේ ත්‍රස්ත භික්ෂු බලකාය විසින් භාර ගෙන තිබේ.

දැන් සිංහලයන්ට මාටින් නිමොලර් පියතුමාගේ කවිය ඇහැට ඇඟිල්ලෙන් අනිමින් සිටියි. සිංහලයිනි, මුන්ට තව ඉඩ දුන්නොත් ඔබේ ජීවිතය මුන් විසින් සහමුලින් ම කාලකණ්ණි කරනු ඇත. 


අරගෙන යන විට උන් ඇවිදින්
දෙමළෙකු,
බලා සිටියා මම නිහඬව
මම උන්ගෙන් කෙනෙකු නොවේ

අරගෙන යන විට උන් ඇවිදින්
 වාමාංශිකයකු හෝ එන්ජීඕකාරයකු 
බලා සිටියා මම නිහඬව
මම උන්ගෙන් කෙනෙකු නොවේ

අරගෙන යන විට උන් ඇවිදින්
මුස්ලිමෙකු
බලා සිටියා මම නිහඬව
මම උන්ගෙන් කෙනෙකු නොවේ

අන්තිමේදි උන් එනකොට
අරගෙන යන්නට මා
කවුරුත් නෑ හිටියේ මට
හිටියේ මම තනියම

(W3Lanka)