වසර දහයක්‌ම කැසිනෝ බද්ද නවතී!

ධම්මික සල්වතුර


කැසිනෝ ව්‍යාපාරයට අදාළ බදු වසර 10 ක කාලයක්‌ සඳහා ඉවත් කිරීමට රජය පෙරේදා (18 වැනිදා) මධ්‍යම රාත්‍රියේ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර ඇති බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඊයේ (19 වැනිදා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්‌ දැක්‌වූ හර්ෂ ද සිල්වා මහතා කැසිනෝ ව්‍යාපාරය සඳහා බදු නිදහස දුන් එකම රට බවට ශ්‍රී ලංකාව ගිනස්‌ පොතට ඇතුළත් වන බවත් මේක ලෝක වාර්තාවක්‌ බවත් කීය.

ඡේම්ස්‌ පැකර් නමැති ලොව සිටින ලොකුම කැසිනෝ ව්‍යාපාරිකයාගෙන් කැසිනෝ බදු ඉවත් කර ගැනීමත්, දේශීය ව්‍යාපාරිකයාට බදු බර පැටවීමත් මහා අසාධාරණයක්‌.

ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයාගේ හා මුදල් ඇමැතිගේ අනුමැතිය පරිදි මෙම ගැසට්‌ නිවේදනය නිකුත් කර තිබෙන්නේ. වගකිවයුතු විපක්‍ෂයක්‌ හැටියට අපි මීට එරෙහිව පියවර ගන්නවා"යෑයි ද මෙහිදී හර්ෂ ද සිල්වා මහතා කීය.