"ඉගිල්ලෙන මාළුවෝ" අපට අහිමියිද ?



හර්ෂි සි. පෙරේරා 

ජගත් චමිල ජයග්‍රහණය මදකට අමතක කරමින් ඉගිල්ලෙන මාළුවෝ සමගින් සංජිව පුෂ්පකුමාර ඉහලට පැමිණ ඇත. මෙම චිත්‍රපටිය රාජපක්ෂ ආණ්ඩුවට හිසරදයක් වී තිබේ. ඒ හිසරදය ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන්ට තවත් හොද චිත්‍රපටියක් නැරබිමේ අවකාශය අහිමි කරනු ඇත. ඉගිල්ලෙන මාළුවෝ නැරබුවේ නැත. නමුත් නැරබිමේ කුතුහලය, උද්වේගය සහ ආවේගය එයට කෙනෙහිලිකම් කරන්නන් විසින් මේ වනවිට තියුණු කර හමාරය. ආරංචි වන අන්දමට චිත්‍රපටියෙන් මෙරට නිමා වූ යුද්දය ගැනද කියවේ. තවදුරටත් ආරංචි වන අන්දමට එමගින් ශ්‍රී ලංකා හමුදාව සහ එල් ටි ටි ඊ සංවිදානය ගැනද කතා කරයි. මොනම තත්වයක් යටතේ වුවද යුද්දය සදාරනිකරණය කල නොහැක. ශිෂ්ට සම්පන්න මිනිසුන් හැටියට කලයුත්තේ යුද්ද වැළැක්වීමට කටයුතු කිරීමයි. පැවති යුද්ද පිළිබද කලාකෘති ඒ සදහා යොදා ගතහැකි එනම් ආකල්ප වෙනස් කිරීමට හොදම මෙවලමකි. නමුත් පැහැදිලි වන්නේ 2009 මැයි මස අවසන් වූ  යුද්දය තවමත් විකුණමින් සිටින රාජපක්ෂ ආණ්ඩුවට ඒ පිළිබද හැගීමක් නොමැති බවකි.