හොරණ මේදන්කරයට විරුද්දව දෙමාපියන් !



හර්ෂි සි. පෙරේරා 

හොරණ ශ්‍රී මේදන්කර මහා විද්‍යාලයේ 11 වසරේ ප්‍රබෝද සම්පත් ඉගෙනුම ලබයි. ඔහුට එම විදුහලේ විදුහල්පති පහර දෙන ලදී. මේ සිද්දිය සම්බන්දයෙන් ඔහුගේ දෙමාපියන් අදාල ආයතන වලට දැනටමත් පැමිණිලි කල අතර එම විදුහලේ තවත් සිසුන් කිහිපදෙනෙකුගේ දෙමාපියන් එම විදුහලේ අක්‍රමිකතා සහ දුෂණ රැසක් හෙළිකොට ඇත. ඒ අතර ළමුන්ගෙන් විශාල වශයෙන් මුදල් ගසා කෑම, ළමුන්ට පාසල් බැග් විකිණීම ඒවා නොගන්නා දරුවන්ගේ බැග් කැපීම, කොන්ඩේ කැපීම, කලිසන් සහ ගවුම් කැපීමද වේ. මේ විදුහල්පති මැරයකු ලෙස හැසිරෙන බවද, හරියට කතා කරන්න දන්නේ නැති අයකු බවද දෙමාපියෝ පවසති. පහර කෑම නිසා දින තුනක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ ප්‍රබෝදගේ සිද්දිය සම්බන්දයෙන්ද බලදාරීන් තවමත් නිහඩය. මේ නිහඩ බව අයි? ජනපති මහින්ද රාජපක්ෂ ළමුන් සමනලයින්ට උපමා කල නිසාද?