පානදුර දකුණ පොලිසිය;- නීතිවිරෝදී රදවා ගැනීම, වදහිංසා පැමිණවීම සහ කප්පම් ගැනීම.




හර්ෂි සි. පෙරේරා 

ඔහු නමින් මොහොමඩ් නිසාම් ජිෆ්රි හම්සාය. 50 හැවිරිදි හම්සාගේ රැකියාව වෙලදාමය. ඒ මොරටුව දුම්රිය පල පාරේ රොමි ජුවලස් හීය. පදිංචිය අංක 93, යොන් විදිය, කළුතර දකුණය. 2013.07.08 දින පස්වරු 3ට පමණ ඔහුව පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්පසුව නීතිවිරෝදී ලෙස රදවා තබා ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවා තිබේ. ඔහුව නිදහස් කිරීමට කප්පම් වශයෙන් රත්රන් පවුම් දෙකක් පොලිස් නිලදාරීන් විසින් ඉල්ලා ඇත. හම්සා මේ පිළිබදව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළේය. ඒ පානදුර දකුණ පොලිසියේ අදාල නිලදාරින්ට විරුද්දව නීතිමය සහ විනයානුකුල පියවර ගන්නා ලෙස ඉල්ලමින් සහ තමාට රැකියාව කරගෙන යාමට ඉඩදෙන ලෙස ඉල්ලමිනි. ඔහු ජනසංසදයේ සහය ඇතිව ලියු ලිකිත පැමිණිල්ල පහතින් පල වේ. 

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
     ජේ්‍ය.පො.අ.කාර්යාලය,
     පානදුර.

පානදුර දකුණ පොලිසිය විසින් දින 05 ක් නීති විරෝධීව රඳවා තබාගෙන, වධහිංසාවට පත් කිරීම, කප්පන් වශයෙන් පවුම් 02ක් ඉල්ලා සිටීම.

මොහොමඞ් නිසාම් ජිෆ්රි හම්සා, අවු: 50යි, ජා.හැ.අ.631180957ඪ, රැුකියාව: වෙළඳාම(රොම් ජුවලර්ස් - දුම්රිය පළ පාර, මොරටුව*
ලිපිනය : 93, යොන් වීදිය, ක`ඵතර දකුණ.
2013.07.21 දිනදීය.

2013.07.08, ප:ව:3.00ට පමණ මා සේවය කරන - මොරටුව, දුම්රිය පාරේ රොම් ජුවලර්ස් වෙත - හතර දෙනෙක් ආවා. තමන් පානදුර දකුණ පොලිසියෙන් බව එහි සිටි නිශාන්ත නැමැති පොලිස් නිලධාරියා ප‍්‍රකාශ කලා. එක්කෙනෙකුට අත් දෙකට මාංචු දමා තිබුනා. පොලිසියේ නිලධාරීන් සිටියේ සිවිල් ඇඳුමින්. එ්වෙලාවේ කඬේ හිටියේ මමත්, රිෆ්හත් නැමැති පාසල් යන ශිෂ්‍යයෙක්. ඔවුන් මා ඉදිරියට පැමිණ පොලිස් නිලධාරී නිශාන්ත, හු....පුතෝ උඹ රත්තරන් අරන් තියෙනවා, නැගපන් ජීප් එකට කිවවා. මම බය වුනා.

මම රත්තරන් අරගත්තේ නැහැ, මම සේවකයෙක් කියලා කිව්වා. මාංචු දාලා හිටිය කෙනා කිව්වා මෙයාට දුන්නා කියලා. නැවත මට කුණූහරපයෙන් බැන - ජීප් එකට නගින්න කිව්වා. මා නැග්ගා. ජීප් රථයේ පිටිපස්සේ වාඩි වුනා. යන ගමන්, ඉස්සරහා සීට් එකේ වාඩිවෙලා හිටිය නිශාන්ත නැමැති නිලධාරියා මට කිව්වා උඹ පවුම් 06ක් අරගෙන තියෙනවා, පවුම් 02ක් දීලා බැහැලා පලයන් කිව්වා. මම කිව්වා මම ගත්තේම නෑ කියා. ඔහු කිව්වා කොහොම හරි දීපන්, පවුලගේ තැල්ල හරි දීපන් කිව්වා. ඔවුන් මාවත්, මාංචු දමා සිටි පුද්ගලයාවත් අරගෙන, මොරටුවේ දැඩිගම ජුවලර්ස්, රුවෙකා උකස් කරුවෝ, රන්ජනාස්, ආදී ජුවලරි හා උකස් ගන්නා තැන්වලට ගියා. මාව ජීප් එකේ තියලා, මාංචු දාපු කෙනාව අරගෙන තමයි එ් අය ගියේ.

ගිය තැන්වලින්, කිසිවෙකුව අත්අඩංගුවට අරන් ආවේ නෑ. රාත‍්‍රී 7.30 ට විතර පානදුර දකුණ පොලිසියට අරගෙන ආවා. මාව පොලිසියේ දෙවෙනි තට්ටුවට අරගෙන ගියා. එහි වාඩි කලා. පැයක් විතර හිටිය හෙට උදේ 9.00ට වරෙන්, එනකොට තැල්ල හරි අරගෙන වරෙන් කිව්වා. ප‍්‍රකාශයක් ගත්තේ නෑ.

එ් කියපු විදිහට, පහුවෙනිදා (09 දා*,  උදේ 9.00 වෙනකොට පොලිසිය ආවා. මට වාඩිවෙලා ඉන්න කිව්වා. ඉන්නකොට, වරින් වර නිශාන්ත කියන පොලිස් නිලධාරියා ඇවිත් මගෙන් ඇහුව්වා උඹ රත්තරන් ගෙනාවද කියලා. මම නැහැ කිව්වාම කුණූහරපයෙන් බැන්නා. 

සවස 3.00 විතර වරෙන් හු....පුතෝ තම්බියා කියා මාව අඬගසා ජීප් රථයට නැග්ගුවා. පොලිස් කූඩුවේ සිටි අයෙකුවද මාංචු දමා ජීප් එකට ගෙනත් නැග්ගුවා. එදින රත්මලාන ගෝල්ඞ් හවුස් එකට ගියා. තවත් තැන්වලට ගියා. මාව ජීප් එකේම තිබ්බා. එදින සවස 6 වන විට පොලිසියට ගෙන ආවා. එදාත් මට කුණුහරපයෙන් බැනලා හෙට එනකොට රත්තරන් හරි තැල්ල හරි අරන් වරෙන් කිව්වා.

මම ගෙදර ගිහිල්ලා පසුවදා (10 දින* උදේ 9.00ට විතර පොලිසියට ආවා. එදිනත් පෙරදින සේම මට කුණූහරප කියා බැන රත්තරන් ගෙන ආවාදැයි ඇසුවා. 

එදිනත් සවස 3.00ට විතර පෙරදින සේම මාව හා කූඩුවේ හිටපු අයව ජීප් එකේ දාගෙන රැුගෙන ගියා. එදිනත් රත්මලාන වෙනත් පැත්තක ඇවිද්දා. මම ජීප් රථයේ සිටියා. ඔවුන් රත්තරන් බඩු ස්ථානවලට හා උකස් ගන්නා තැන්වලට ගොස් ආවා.

සවස 6.00 වන විට පොලිසියට ආවා. මට ගෙදර යන්න කිව්වා. එදත් මට බැන - හෙට රත්තරන් හරි තැල්ල හරි අරන් එන්න කිව්වා.

පසුදින (11 දින* මම පොලිසියට ආවා. එදින මු`ඵ දවසේම හිටියේ පොලිසියේ. කොහේවත් ගෙනිච්චේ නැහැ. රාත‍්‍රී 7.30ට විතර ගෙදර යන්න කිව්වා. පෙරසේම බැන තර්ජණය කලා.

මම එදිනත් ගෙදර ගිහිල්ලා, පසුදා (12දා*, යලිත් පොලිසියට ආවා. එදින සිකුරාදා. දවල් 12.30 ට විතර මම පල්ලි යන්න අවසර ඉල්ලූවා. මුලින් බැනලා පලයන්, ගිහිල්ලා වරෙන් කිව්වා. මම පල්ලි ගිහිල්ලා සවස 2.00 වන කොට නැවත පොලිසියට ආවා.

පොලිසියේ වාඩිවෙලා ඉන්නකොට, නිශාන්ත පොලිස් නිලධාරියා මට බනිමින් පයින් කිහිප වතාවක් ගැහුව්වා. ඊට පස්සේ, මගේ ෂර්ට් කොළරයෙන් ඇද අල්ලා, තුන්වෙනි තට්ටුවට ඇදගෙන ගියා. මාව පුටුවක වාඩි කරන්න උත්සාහ කලා. තුන්වෙනි තට්ටුවේ තිබුනේ ඇඳන්. මාත් එක්කම මාංචු දමා තිබුන කෙනාවත් උඩට ගෙනාවා. ඔහුගේ මුහුණ ඉදිමිලා තිබුනා. මිරිස් කුඩු ඔහුගේ ඇඟ පුරාම ගෑවා. ඊලඟට ස්පේ‍්‍ර කරන එකට, මිරිස් වතුර දාලා මුහුණුට ස්ප්‍රේ කලා. මටද ස්ප්‍රේ එක ඇල්ලූවාම මම පාත් වුනා. එතකොට බෝතලේ පැත්තකට දමා,  වැලමිටෙන් පපුවට ඇන්නා. මේ සියල්ල කලේ පොලිස් නිලධාරී නිශාන්ත. 

සවස 5.30 විතර මගේ ඥති පුතෙක් වන අබ්දුල් කාදර් ආවා. ඔහු පොලිස් නිලධාරී නිශාන්ත එක්ක කතා කලා. මට කතාකරන්න දුන්නේ නැහැ. මම කතාකරන්න උත්සාහ කරන විට මට කටවහගනින් හු...පුතෝ කියලා බැන්නා.

අබ්දුල් පොරොන්දු වුනා මාව හෙට අරගන්නවා කියා. එවිට මට යන්න කිව්වා. හෙට එනකොට නොවරදවාම රත්තරන් අරන් වරෙන්, නැත්තම් උඹට පවුම් 25කට නඩු දානවා කිව්වා.

මම ගෙදර ගියා. යනකොට මට හොඳටම අමාරුයි. මම ගෙදර යන්න පොලිසිය ඉදිරිපිට බස් නැවතුම්පොලේ ඉන්න විට වමනය ගියා. මම අමාරුවෙන් ගෙදර ගියා. මට හොඳටම අමාරු වුනා. ගෙදර අය, මගේ අයියා වන මොහොමඞ් රුෂ්ඩි ට කතා කලා. ඔහු ඇවිත් මාව නාගොඩ මහා රෝහලට ගෙන ගියා. මාව රෝහලේ නවත්වා ගත්තා. පසුදා (13* ටිකට් කැපුවා. රෝහලේදී පොලිස් නිලධාරීන් 02ක් ඇවිත් මගෙන් ප‍්‍රකාශ ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරී බැලූවා.

එ් අතර, මට පානදුර ජේ්‍යෂ්ඨ අධිකාරී කාර්යාලයෙන් පණිවුඩයක් ලැබුනා, 2013.07.19 සෙනසුරාදා -ස.පො.අ.ෂ මෙන්ඩිස් හමුවන ලෙසට.

මා එ් අනුව එදින එහි ගොස් ප‍්‍රකාශයක් ලබාදුන්නා.

මෙම සිද්ධිය අදාළව මාගේ බිරිඳ වන අහමඞ් ඉස්මයිල් අයීෂා රුස්නා හා රොම් ජුවලර්ස් අයිතිකරු වන අහමඞ් ෂාෆි මොහොමඞ් නවුෆර් විසින් 2013.07.13 දාතමින් පැමිණිලි කර තිබේ.

මා ඉල්ලා සිටින්නේ,

1. පානදුර දකුණ පොලිසියේ නිශාන්ත නැමැති පොලිස් නිලධාරියාට එරෙහිව නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසට,

2. මට මගේ රැුකියාව කරගෙන යාමට ඉඩදෙන ලෙසටය.



එම්. නිසාම් ජිෆ්රි හම්සා