වයිද්‍ය නොසැලකිල්ල;- දරුවා ආබාදිතයි.



හර්ෂි සි. පෙරේරා  

" මාගේ පුතා වන පමිත පබසර ප්‍රබාෂ් වීරතුංග සදාකාලික ආබාදිත අන්ගවිකල තත්වයට පත්වුයේ ප්‍රසව හා නාරි විශේශඥ වෛද්‍ය හේමන්ත පෙරේරාගේ නොසැලකිල්ල හේතුවෙනි." මෙසේ පවසන දරුවාගේ මව වන ආර් ඩි ඉන්ද්‍රානි මහතමිය 2013.07.01 දින දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රී ලංකා වයිද්‍ය මණ්ඩලයේ ලේකකදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළාය. ඊට අමතරව ඇය සවුක්ය අමාත්‍යංශයේ ලේකම් වෙතද ලිකිතව පැමිණිලි කළාය. ඇය ජනසන්සදයේ සහය ඇතිව සකස්කල දිවුරුම් ප්‍රකාශය පහතින් දැක්වේ. 


දිවුරුම් ප‍්‍රකාශය

ගම්පහ දිස්ත‍්‍රික්කයේ - මීරිගම, කණ්ඩලම, ගල්වල පාර, අංක 52 එ් හි පදිංචි - රන්බංදි දේවලාගේ ඉන්ද්‍රාණි වන මා බෞද්ධාගම්කාරියක වශයෙන්, අවංක ලෙසද, සත්‍ය ලෙසද, ගරුගාම්භීරතා පූර්වකවද- පහත සඳහන් කරුණු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රතිඥදී ප‍්‍රකාශ කර සිටිමි.

01. 1. ඉහත නම් සඳන් දිවුරුම් ප‍්‍රකාශිකාව මම වෙමි.
    11. මාගේ වයස අවුරුදු 44යි, විවාහක, දරුවන් 01යි
    111. මා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක්මි.

02. 2009 ජනවාරි 31 වන දින මා, සී.පී.වීරතුංග සමග විවාහ දිවියට එළඹෙන ලදි. 

03. විවාහයෙන්, මම දරුවෙකු ලැබෙන්නට බව දැනගත් වහාම ශ‍්‍රී ජයවර්ධනපුර මහා රෝහලට ගිය බවත්, එතැනදී ප‍්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මහතාගේ සායනයට යොමු කරනු ලැබූ බවත් ප‍්‍රකාශ කර සිටිමි.

04. පළමු දිනයේදී, එම ස්ථානයේ වෛද්‍යවරු මාගේ විස්තර විමසා පරික්ෂා කර, ලියා පදිංචි කරන ලද බවත්, ලියා පදිංචි අංකය 915471 බවත් ප‍්‍රකාශ කර සිටිමි.

05. එදින මට කාඞ්පතක් ලබාදුන් බවත්, ඊලඟ මාසයේ එනම් 2009.08.21 දින සායනයට එන ලෙස දැනුම් දුන් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

06. එ් අනුව මා, 2009.08.21 දින සායනයට ගිය බවත්, එ් අවස්ථාවේදී මාව - විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා පරීක්ෂා කල බවත්, එයින් පසුව මට 2009.09.18 වන දින සායනයට පැමිණෙන ලෙසට දැනුම් දුන් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

07. එදින සිට සෑම මාසයකම නොවැරදීම, නියම කරන දිනයන්හී මා සායනයට ගිය බවත්, එ් බව මට රෝහලෙන් නිකුත් කරන ලද කාඞ්පත මගින් සනාථ කරන බවත් ප‍්‍රකාශ කර සිටිමි.

08. මේ ආකාරයට, මා සායනයට ගිය නමුත්, කිසිදු අවස්ථාවක විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මා පරීක්ෂා කලේ නැති බවත්, දරුවාව පරීක්ෂා කලේ කනිෂ්ඨ වෛද්‍යවරු බවත් ප‍්‍රකාශ කර සිටිමි.

09. එම වෛද්‍යවරුන් විසින් නියම කරන ලද සියලූම පරීක්ෂණවලට මා ඉදිරිපත්වූ බව ප‍්‍රකාශ කර සිටිමි.

10. එම වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මා ”නයින් වේල්ස්” පුද්ගලික රෝහලට ගොස් ”ඇනොමලින් ” ස්කෑන් එකක් කරවා ගත් බවත්, එ් අවස්ථාවේ දරුවාට සති 21ක් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

11. මෙම පරීක්ෂණ වාර්තාව මා සතුව තිබෙන බවත්, අනෙකුත් ස්කෑන් කිරීම් ඇතුලූව, සියලූ පරීක්ෂණ කළේ ශ‍්‍රී ජයවර්ධණපුර රෝහලෙන් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

12. එ්වායේ වාර්තාවන්, මාහට අයත් ලිපි ගොනුවේ තිබෙන බව ප‍්‍රකාශ කර සිටිමි.

13. මේ සියලූ අවස්ථාවලදී, මට වෛද්‍යවරුන් කියා සිටියේ දරුවා ඉතා හොඳින් වැඞී ඇති බවත්, ප‍්‍රසවය සාමාන්‍ය බවත්ය.

14. 2010.02.26 දින, මා සායනයට ගිය බවත්, එ් අස්ථාවේදී මාගේ තත්වය සතුටුදායක බවත්, දරුවා ලැබෙන දිනය ලෙසට 2010.03.26 දින යෝජනා කර තිබූ බවත් ප‍්‍රකාශ කර සිටිමි.

15. එදින එනම් 2010.02.26 දින සායනයේදී, නැවතත් 2010.03.05 දින සායනයට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව ප‍්‍රකාශ කර සිටිමි.

16. එදින, 2010.02.26 දින මා, නිවසට ගොස්, සවස්වරුවේදී දරුවා දැගලීම නැවතුන බවත්, ලැබී තිබූ උපදෙස් අනුව, පැය 12ක් දරුවා දැගලූවේ නැති නිසා, පසුදින එනම් 2010.02.27 දින මා නැවතත් රෝහල් ගතවූ බවත් ප‍්‍රකාශ කර සිටිමි.

17. එහිදී පරීක්ෂා කර, ශෛල්‍යකර්මයක් කලයුතු බව ප‍්‍රකාශ කර, මාව ශෛල්‍යකර්මයකට භාජනය කරන ලද බවත්, ශෛල්‍යකර්මය කරන අවස්ථාවේවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා නොසිටි බවත් ප‍්‍රකාශ කර සිටිමි.

18. ශෛල්‍යකර්මයෙන් දරුවාව ගත් පසුව, දරුවා ඇඬුවේ නැති බවත්, එ් නිසා දරුවාව හදිසි ප‍්‍රතිකාර එ්කකයට ගෙන ගිය බවත්, දරුවා ඉපදුනේ 2010.02.27 දින බවත් ප‍්‍රකාශ කර සිටිමි.

19. දින 2කට පසුව, මාව හදිසි ප‍්‍රතිකාර එ්කකයට ගෙනගොස් දරුවා පෙන්වා, දරුවා හොඳින් ඉන්නවා කියා, තව දින දෙකකින් නිවසට යා හැකි බව පවසා සිටි බව ප‍්‍රකාශ කර සිටමි.

20. එයින් දින දෙකකට පසුව, දරුවාට අමාරුවී ඔක්සිජන් දෙන්නට වූ බවත්, දරුවාට ෆිට් එක එනවා, මොකද දන්නේ නැහැ, ස්කෑන් කරන්න අවශ්‍ය බව පවසා සිටි බවත් ප‍්‍රකාශ කර සිටිමි.

21. එමෙන්ම දරුවාගේ මොලේට විෂබීජයක් ඇතුලූවී ඇති බව වෛද්‍යවරු පවසා සිටි බවත්, එසේ වූයේ නම් එ් සඳහා වගකිවයුත්තේ රෝහලම බවත් ප‍්‍රකාශ කර සිටිමි. 

22. මේ එකඳු අවස්ථාවකවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා නොසිටි බව ප‍්‍රකාශ කර සිටිමි.

23. දරුවාගේ හිස ස්කෑන් කල පසුව - ඔලූවට ලේ ගලන බව ප‍්‍රකාශ කල බවත්, නමුත් ඊට හේතුවක් වෛද්‍යවරු නොපැවසූ බවත් ප‍්‍රකාශ කර සිටිමි.

24. එ් අවස්ථාවේ මාගේ සහෝදරයකු විසින් - විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරාට එ් පිළිබඳව දැනුම් දුන් විට ඔහු කියා සිටියේ ”හැදිලා නැති බබාලාට සමහරවිට ඔලූවේ සියුම් නහර පුපුරන්න පුලූවන්, හේතුවක් කියන්න බැහැ” යනුවෙන් බව ප‍්‍රකාශ කර සිටිමි.

25. මා දරුවා සමග රෝහලින් නික්ම එන විට දරුවාට රෝහලින් නිකුත් කරන ලද රෝග විනිශ්චය තුන්ඩුවේ, මට ”ඉන්සියුලින් ” ලබාදුන් බවට සටහන්කර ඇති බවත්, නමුත් මාහට ”ඉන්සියුලින්” ලබා නොදුන් බවත්, දරුවා බිහිවන අවස්ථාවේ දරුවාගේ වර්ධන සති 36ක් ලෙස ප‍්‍රකාශ කලද, රෝග විනිශ්චය තුණ්ඩුවට අනුව වර්ධන කාලය සති 34ක් වන බවත් ප‍්‍රකාශ කර සිටිමි.

26. රෝහලින් නික්ම යාමෙන් අනතුරුවද දරුවාව පෙන්වූ වෛද්‍යවරු, දරුවාව පරීක්ෂා කර පවසා සිටියේ - දරුවාව යථා තත්වයට පත්කල නොහැකි බව හා ඉදිරියට දරුවා සම්බන්ධයෙන් ප‍්‍රශ්ණවලට මුහුණ දීමට සිදුවේවි යනුවෙන් බව ප‍්‍රකාශ කර සිටිමි.

27. ශ‍්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ නාරි හා ප‍්‍රසව වෛද්‍ය විශේෂඥ හේමන්ත පෙරේරාගේ නොසැලකිල්ල හේතුවෙන්, මාගේ දරුවා අංගවිකල බවට පත්ව ඇති බව වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමි.

මට කීමට ඇත්තේ එපමණයි.

ඉහත නම් සඳහන් දිවුරුම් ප‍්‍රකාශය                                 ප‍්‍රතිඥකාරිය
ප‍්‍රතිඥකාරියට කියවා තේරුම්කර දීමෙන්
පසුව, තේරුම් ගෙන,                   දිනදී,                        මා ඉදිරිපිටදීය
                 හිදී, මා ඉදිරිපිටදී අත්සන්
තබන ලදි.                                                             සාමදාන විනිශ්චයකාර.