බ්‍රසීලය ;- ලෝක කුසලානයට කුමක් වෙයිද?



හර්ෂි සි. පෙරේරා

 ලබන වසරේ පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ බ්‍රසිලයේය. නමුත් දැන් බ්‍රසීලයේ ජනතා විරෝදතා උත්සන්නව ඇත. එම විරෝදතා පවත්වන ජනයා කියා සිටින්නේ තමන් පාපන්දු වලට කැමති නමුත් තමන්ට යහපත් අද්යාපනයක් නොමැතිව සවුක්ය සහ යටිතල පහසුකම් ඉතා දුර්වලව පවතිද්දී බ්‍රසීලය මෙම කුසලානය වෙනුවෙන් සම්පුර්ණ මුදල් වියදම කිරීමට නියමිත බැවින් තමන් පාරට බැස්ස බවකි. සියල්ල මෙසේ සිදුවෙද්දී බ්‍රසීල ජනපතිනිය දිල්මා රුසොෆ් ප්‍රතිසංස්කරණ ගනනාවක් හදුන්වා දෙන බව කියා සිටි. ඒ රට පුරා පොදු ප්‍රවාහන පහසුකම් වල අයහපත් බවට, සවුක්ය, අල්ලස සහ ලෝක කුසලානයට ඩොලර් බිලියන ගණන් වියදම් කිරීමට එරෙහිව දින ගණනාවක් පුරා පැවැත්වෙන විරෝදතා නතර කිරීම පිණිසය.