"ඊලග නඩුව ගංජා වලට දානවා සුදානම් වෙලා හිටපන් "


හර්ෂි සි. පෙරේරා

2013.05.15 දින පස්වරු 2ට පමණ සරත් ජයසින්හව බුලත්සිංහල පොලිසියෙන් මතුගම මහේස්ත්‍රාත් අදිකරණයට රැගෙන යමින් සිටියදී මෙම ප්‍රකාශය කලේ බුලත්සිංහල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් විතාන යන අය විසිනි. ජංගම දුරකථන සොරකම් කිරීම යන වියාජ චෝදනාව මත ඔහුට විරුද්ද නඩුව එදින මතුගම මහේස්ත්‍රාත් අදිකරණයේ කැදවා තිබු අතර ඔහුව රුපියල් 50,000/= ක ශරීර ඇපයක් මත මුදා හරින ලදී. සරත් ජයසිංහ 33 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. පරණ පොලිසිය අසල, ජනහිත පෙදෙස, බුලත්සිංහල පදිංචි වී සිටියි. ඔහු 2013.05.16 දින මානව හිමිකම් කොමිසමෙන් ,පොළිස්පතිගෙන් සහ නීතිපතිගෙන් ලිකිත පැමිණිල්ලක් යොමු කරමින් ඉල්ලා සිටියේ නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගැනීම ,රදවා ගැනීම සහ වියාජ චෝදනා මත නඩු පැවරීම සම්බන්දයෙන් බුලත්සිංහල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් විතාන ඇතුළු අදාල නිලදාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.