මානව හිමිකම් කොමිසම පරීක්ෂණයට කැදවයි.



හර්ෂි සි. පෙරේරා

 නම ;- රාදිනි මහේෂිකා අනුරුද්දී 
 වයස ;- 26 
විවාහක / අවිවාහක බව ;- අවිවාහක 
 ලිපිනය ;- මදුරංග මයුර පෙදෙස මහිනටියන්ගල ,කළුතර දකුණ 

 2012.11.20 දින රාදිනි මෙම පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට , පොලිස්පතිට සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කළාය. 2012.11.17 දින සවස 07 ට පමණ ඇගේ අසල්වැසියෙකු වන රන්ජිත් ප්‍රනාන්දු බල්ලෙකු පිළිබද සිද්දියකදී ඇයට බැනවදිමින් බයිසිකල් කේබල් එකකින් ඇගේ අත්වලට පහරදී ඇගේ අතින් ඇද අසල වත්තකට රැගෙන යාමට උත්සහ දරා තිබේ. ඇය මේ පිලිබදව කළුතර දකුණ පොලිසියට පැමිණිලි කලත් පැමිණිල්ල නිසි ආකාරයෙන් සටහන් කරගෙන නැත. ඇය නාගොඩ මහා රෝහලේ දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන තිබේ. ඇය ඇයට පොලිසියෙන් යුක්තිය ඉටු නොවීම ගැන අදාල බලදාරීන්ට පැමිණිලි කරමින් ඉල්ලා සිටියේ පො කෝ 52193 ලීලාරත්න නිලදාරියට එරෙහිව පියවර ගන්නා ලෙසයි. දැන් අදාල සිද්දිය පිලිබදව මානව හිමිකම් කොමිසම ඇයව පරීක්ෂණයට කැදවා තිබේ.