එක්සත් ජනපදය ;- ගබ්සා වයිද්යවරයාට මරණ දඩුවම ?



හර්ෂි සි. පෙරේරා

අවසාන අවස්ථාවේ ගබ්සා සිදුකල කාන්තාවකට උපන් බිලිදුන් තිදෙනා කතුරු යොදා ගෙන පණපිටින් මරා දැමීමේ චෝදනාව මෙම වයිද්යවරයට විරුද්දව එල්ලවී ඇති චෝදනාවයි. මෙම වයිද්යවරයා 72 හැවිරිදි හැවිරිදි කමිට ගොස්නේල්ය. ඔහු සිය වයිද්‍ය සායනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා හි අඩු ආදායම් ලාබි කාන්තාවන් සදහා පවත්වා ගෙන යනු ලැබේ. ඔහුට බොහෝදුරට මරණ දඩුවම නියම වීමට නියමිතය. වෛද්‍යවරයා දරුවන් ඉපදෙන විට මියගොස් ඇති බව ප්‍රකාශ කලද සාක්ෂිකරුවන් පවසන්නේ ඔවුන් හුස්මගනිමින් ශබ්ද කරමින් සහ සෙලවෙමින් සිටි බවයි. මිට අමතරව ඔහු සති 24 සපිරුණු ගර්බනි කාන්තාවන්ට ගබ්සා 21 ක් කිරීම සම්බන්දයෙන්ද චෝදනා ලබා සිටි. 2011 ජනවාරි අතඅඩංගුවට පත්වූ මොහු තවමත් සිටින්නේ සිරගේදරය. මේ සිදුවීම ඇමෙරිකාවට බියකරු එකක් වූ අතර ඒ රට ගබ්සාව හොදද නරකද යන්න සම්බන්දයෙන් ජාතික විවාදයක් පැවැත්වේ.