"නඩු දාන්නේ නැහැ ! උසාවි දාන්නේ නැහැ! බුදු දහමේත් තියෙනවා "


හර්ෂි සි. පෙරේරා

මේ ප්‍රකාශය කලේ බණ්ඩාරගම පොලිසියේ ස්ථානදිපතිවරයාය. ලලිත් රුවන් රණතුංග 28 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. රැකියාව පින්තාරු කිරීම වේ. අංක 266/බි /2 පොල්හේන ,බණ්ඩාරගම පදිංචි වී සිටි. 2013.05.10 අලුයම 3 ට පමණ ඔහුව බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව බැදුම්කරයක් මත නිදහස් කර ඇත. පොලිසියේදී ඔහුට කනේ පාරක් ගසා කුඩුවට දමා ඇති අතර කෑමට සහ බිමට කිසිවක් දී නැත. පොලිසියේ ස්ථානදිපති ඉහත ප්‍රකාශය කලේ ඔහුගේ බිරිද මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට ෆැක්ස් මගින් පැමිණිලි කල බව දැනගෙනය. ඇය එසේ පැමිණිලි කලේ තම සැමියාට වියාජ චෝදනා මත පොලිසිය නඩු පවරතියි යන බිය නිසාය.