හර්ෂි සි. පෙරේරා
ජයිපුර්හි මෝටර් රථ අනතුරකින් සිය බිරිද සහ දියණිය මිය ගිය පුද්ගලයෙකු උදවු ඉල්ලා කල ආයාචනය ප්‍රතික්ෂේප විය. මෙය ඉන්දියාවේ පවත්නා ලජ්ජා සහගත මහජන නොසැලකිල්ල ලෙස වාර්තා වේ. පොලිසිය පවසන ආකාරයට කන්හියා ලාල්ගේ ආයාචනය සදුදා මිනිත්තු 40 තිස්සේ නොසලකා හැරිණි. අනතුර සිදුවන විට ඔහු පැදවූ මෝටර් සයිකලයේ ඔහු ගේ බිරිද ගාඩි 26 මාස 10 ක් වූ දියණිය සහ සිවු හැවිරිදි පුතා ගමන් ගත්හ. එම ස්ථානයේදීම තුවාල නිසා බිරිද සහ දියණිය මියගිය අතර ඔහුත් තුවාල ලැබූ පුතාත් උදවු ඉල්ලා මර හඩ දුන්හ. නව දිල්ලියේ මෑතකදී 23 හැවිරිදි ශිෂ්‍යාවක් රංචු ගැසී ස්ත්‍රී දුෂණයකට ලක්ව පසුව මියයාමේ සිද්දිය සම්බන්දයෙන්ද ඉන්දියාවේ මහජන නොසැලකිල්ල බරපතල ලෙස සාකච්චාවට බදුන් විය. මෙයට එක හේතුවක් ලෙස බලපෑ ඇත්තේ වින්දිතයින්ට උදවු කරන පුද්ගලයින්ට නඩු වලදී සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටීමට සිදුවීමයි. රථවාහන විශේෂඥයින් පවසන්නේ නිසි වෙලාවට වයිද්ය ප්‍රතිකාර ලැබුණි නම් වින්දිතයින්ගේ ජිවිත වලින් 50% ක් බේරා ගැනීමේ හැකියාව තිබු බවයි.