ශ්‍රී ලංකාව ව්‍යවස්ථා අර්බුදයට මුහුණ දෙයි

 

මාර්තු 29 / අන්තර් ජාතික නීතිඥ සංගමයේ මානව හිමිකම් ආයතනයේ වාර්තාවේ නිගමනඅගවිනිසුරුවරිය වු ශිරානි බන්ඩාරනායක තනතුරෙන් පහ කිරීම අනීතික ය; ඒ විසින් නීතියේ පාලනය පිළිබඳ මහජන විශ්වාසය බිඳ හෙළන්නේ ය; ව්‍යවස්ථාමය අයිතීන් සුරැකීමේ  ස්වාධීන කාර්‍ය භාරය අධිකරණයයෙන් ඉවතට ඇද දමනු ලබන්නේ ය, යනුවෙන් අද දින නිතුක් වූ අන්තර් ජාතික නීතිඥ සංගමයේ මානව හිමිකම් ආයතනයේ වාර්තාව ප්‍රකාශ කරයි.

 "නීත්‍යානුකූලභාවයෙහි  අර්බූදයක්: අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක දේශාභියෝගයට ලක් කිරීම සහ  ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය ඛාදනයවීම" නම් සම්පූර්ණ වාර්තාව නිකුත්වීමට  පෙර ප්‍රසිද්ධියට පත්කරන  ලද එහි විධායක සාරංශය දක්වන්නේ ශ්‍රී ලංකාවේ නීති වෘත්තිය බිය ජනක තත්ත්වයක පවතින බවයි.

" දෝශාභියෝගය අවලංගුකොට අගවිනිසුරැ ශිරානි බන්ඩාරනායක යළි තනතුරෙහි පිහිටුවන ලෙසත්, රටෙහි අධිරකරණයේ සහ නීති වෘත්තියේ ස්වාධීනත්වය යළි ගොඩ නැගීමට ක්‍රියා කරන ලෙසත් අපි ශ්‍රී ලංකා ආන්ඩුවෙන් ඉල්ලා සිටිමු " යැයි   එහි සම සභාපතිවන ස්ටැන්පෝඩ් මොයෝ  ප්‍රකාශ කරයි.

අන්තර් ජාතික නීතිඥ සංගමයේ මානව හිමිකම් ආයතන විසින් පත් කරන ලද ඉහළ පෙළේ දූත කන්ඩායමක් ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක තනතුරෙන් පහකිරීමත් එරට නීති වෘත්තියේ ස්වාධීනත්වයත් පිළිබඳ පරීක්ෂනයක යෙදුනි. ඒ සඳහා ඔව්හු දුරකථන සහ අන්තර් ජාලය හරහා විනිසුරන්, නීතිවේදීන්, ජනමාධ්‍යවේදීන්, පාර්ලිමේන්තු මංත්‍රීවරුන්, සිවිල්  සමාජ ක්‍රියාකාරීන් ඇතුළත් පුළුල් පරාසයක තීරක පිරිස් සමඟ ගැඹුරු සාකච්ජා මාලාවක නියැළුනි.  මෙම සාකච්ජා බැහැර සිට කරන ලද්දේ ශ්‍රී ලංකා බලධාරීන් රට තුල එවැනි පරීක්ෂනයක් කිරීමට අවස්ථාව නොදෙනු ඇති බැවිනි. ශ්‍රි ලංකාවේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් ඒවා  නගා සිටුවීමටත්, ගෞරවාන්විත කිරීමටත්  කටයුතු කරන නීතිවේදීන් ද අනෙක් පිරිස් ද බිය ගැන්වීමටත් අවමානයට පත් කිරීමටත් සැළසුම්සහගත ප්‍රයත්නයන් දැරෙන බව දූත කන්ඩායම සොයා දැන ගත්හ.

2013 නොවැම්බර් මාසයෙහි ශ්‍රී ලංකාවෙහි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව සඳහා කැරෙන පෙර සූදානම් අරභයා ස්ටැන්පෝඩ් මොයෝ මහතා තවදුරටත් මෙසේ කීවේ ය. " මේ වනාහී ශ්‍රී ලංකාවට තීරණාත්මක කාලයකි. ප්‍රතිසංස්කරණ සඳහා දැරෙන අන්තර් ජාතික ප්‍රයත්න උත්සන්න කළ යුතු ය. එළඹෙන එකී රාජ්‍ය නායක හමුව සඳහා සැළසුම් සම්පාදනය කිරීමේ දී මෙම වාර්තාව  මෙන්ම  පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥාප්තියෙහි අන්තර්ගත බල විභේදනය, නීතියේ පාලනය, යහ පාලනය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ භාවිතය ද නිසි සැළකිල්ලට ලක් කරන ලෙස  අන්තර් ජාතික නීතිඥ සංගමයේ මානව හිමිකම් ආයතනය පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්‍යාලයට  ඇරයුම් කරයි".

"නීත්‍යානුකූලභාවයෙහි  අර්බූදයක්" වාර්තාවෙහි විධායක සාරාංශය ශ්‍රී ලංකාවෙහි බලධාරීන්ට පහත දැක්වෙන ඒවා ද ඇතුළුව, සුවිශේෂ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරයි. 

විධායකයේ ගොදුරක් වූ
 ශිරාණි බණ්ඩාරණායක

 ·        ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාවට සහ අභියාචනා අධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවලට  අනුකූළව දෝශාභියෝගය අවලංඟු කොට අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක යළි තනතුරෙහි පිහිටුවීම පිනිස වහාම පියවර ගන්න.

·        අධිකරණමය පැවැත්මෙහි බැංගලෝර් මූලධර්ම මෙන්ම ලැටීමා හවුස් මඟ පෙන්වීම් ද ඇතුළත් අදාළ අන්තර් ජාතික ලේඛන                 සැළකිල්ලට ගනිමින් විනිශචයකරුවන් සඳහා ආචාර ධර්ම මාලාවක් සකස් කරන්න.

·        18වන ව්‍යවස්ථා සංසෝධනය අහෝසි කොට ශ්‍රී ලංකාවේ සියළුම ජේෂ්ඨ නිලධාරීන් සහ විනිශ්චයකාරවරුන් පත්කිරීමේ වගකීම ඇති ජනාධිපතිවරයාගෙන් ස්වාධීන වූ ව්‍යුහයක් ඇති කිරීමට පියවර ගන්න.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට, පොදු රාජ්‍ය මණ්ඩලීයලේකම් කාර්‍යාලයට, පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක්‍රියාකාරී කමිටුවට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට දූත කන්ඩායමේ නිර්දේශ අතර පහත සඳහන් ඒවා ද වෙයි:

·        ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීමෙහි ලා ශ්‍රී ලංකා ආන්ඩුවට අවශ්‍ය වන්නේ කුමණ සහායක්දැයි නිශ්චිතව දන්වන ලෙස ශ්‍රී ලංකා ආන්ඩුවට ඇරයුම් කරන්න.

·        විනිශ්චයකාරවරුන්ගේ සහ නීතිවේදීන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එජා විශේෂ නියෝජිතයාට, මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ එජා විශේෂ නියෝජිතයාට සහ බලහත්කාර අතුරැදහන්කරවීම් පිළිබඳ එජා ක්‍රියාකාරී කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට  ආරාධනා කිරීමටත් සහ ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්  අදහස් කරන්නේ කෙසේ දැයි ශ්‍රී ලංකා ආන්ඩුවෙන් විශේෂ කොට විමසන්න.

Sri Lanka facing constitutional crisis concludes IBAHRI report  මැයෙන්   srilankabrief වෙබ් අඩවියෙහි 2013 මාර්තු 29 දින පළ වූ ලිපියෙහි සිංහල අනුවාදය

ULR; http://www.srilankabrief.org/2013/03/sri-lanka-facing-constitutional-crisis.html#more