මීගමුව රෝහලේ මිනීමරු දොස්තර යලිත් වැඩ

මොනරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා දිසානායක නම් වෙළඳ කලාපයේ කම්කරු සේවිකාව  2007 වසරේ නොවැම්බර් 12 දින මීගමුව රෝහලේ දී දූෂණය කොට උඩු මහලින් තල්ලු කොට  මරා  දැමීම පිලිබඳ චෝදනා ලබා සිටින හිටපු සීමාවාසික වෛද්‍යවරයෙකු වූ සුදර්ශන බාලගේ දැනට ඇප පිට සිටින අතර මිගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයා ලෙසින් කටයුතු කරන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ  සංගමයේ හිටපු  විධායක නිලධාරියෙකු වූ  වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්නට අයත් මීගමුව කුරණ අංක 7 දරණ  ස්ථානයේ පිහිටි ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර්හි පුද්ගලික වෛද්‍ය සේවයේ නිරත වෙමින්  සිටින බව වාර්තා වේ. සුදර්ශන බාලගේ ප්‍රසිද්ධ මිනීමරුමක  මෙන්ම තවමත් විභාග වන මිනීමැරුම් නඩුවක ප්‍රධාන  සැකකරුවෙකි.  මෙම මිනීමැරුමේ ප්‍රධාන සැකකරු වීමෙන්   පසුව මොහු තමන්ගේ නම වෙනස් කරගෙන  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දූෂිත වෛද්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෙන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමටද සමත් වී ඇත. මොහුගේ වර්තමාන නම වෛද්‍ය ඉන්දික. එස් .බාලසුරිය වන අතර වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි කල අංකය  22692 වේ.  මෙම මිනීමරු දොස්තරට වෛද්‍ය ආචාරධර්ම නොසලකා ක්‍රියා කරන මීගමුව රෝහලේ මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ  දූෂිත  වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ සහය ලැබෙන බව හෙළි වී ඇත. මේ නිසා ඝාතනයට ලක් වූ චමිලාට මෙන්ම ඇයගේ පවුලේ  උදවියට සාධාරණය ඉෂ්ඨ කිරීමට වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද කටයුතු කරන  මානව හිමිකම් ආයතන පෙරට පැමිණිය යුතුය. නැතහොත්  දූෂිත  වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ සහයෙන් මිනීමරුවා නීතියේ හිඩැස් වලින් පැන යාම වලකාලිය නොහැක බව අවධාරණය කරමු.  මෙම නඩුව  නඩුව නැවතත් 2013 මාර්තු 5 සහ 6 යන දිනවලදි මීගමුව උසාවියේදි ඇසිමට නියමිතය.

 චමිලා දිසානායක ඝාතනය  පිළිබඳව : 
සුදර්ශන බාලගේ විසින් ඝාතනයට ලක් වූ තරුණිය සිහි නැති කොට  ඝන කාඩ්බෝඩ් එකක් මත තබා 6 වන මහලේ කොරිඩෝරයේ ඇදගෙන යනු දුටු රෝහල් සේවිකාවගේ වීඩියෝ  සාක්ෂිය: