විරප්පන්ගේ ගෝලයන් එල්ලා මැරීම කල්යයි



ශෂිකලා පුංචිහේවා

ඉන්දියාවේ අංක එකේ අපරාධකරුවෙකු වූ විරප්පන් විශාල අපරාධ රැසක් සිදුකර ඇත .මේ සදහා සම්බන්ධ වූ ඔහුගේ ගෝලයන් හතරදෙනෙකුට මරණ දඩුවම නියම විය . මේ සදහා නැවත විමසා බැලීමේ අවශ්‍යතාවයක් පවතින බව එරට ශ්‍රේෂ්ටධිකරණය තීරණය කරඇත . එම හේතුවෙන් දඩුවම් ක්‍රියාත්මක කිරීම , නැවතත් කල් යන ලදී. 2004 වසරේදී ඔවුන් විසින් ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලා සිටියද එයද නිෂ්පල විය . විරප්පන් 2004 වසරේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්විය . ඔහු , මනුෂ්‍ය ඝාතන 100 ක් පමණද පැහැර ගැනීම් ,වන සත්ව වෙලදාම් ඇතුළු අපරාධ රැසකට චෝදනා ලැබුවෙකි .