අන්තර්ජාතික ලෝක හොරාට විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත පෙරේරා අත හිත දීලා



සමන්ත කෝනාර 

 රුපියල් මිලියන ගණනක වංචාවන් කොට කට්ටි පනිමින් සිටි ලෝක හොරෙක් අල්ල ගැනීමට රහස් පොලිසියේ අධ්‍යක්ෂක ගාමිණී මතුරට මහතා ඇතුළු කණ්ඩායමක් සමත් වී තිබේ. ක්‍රිස් පිරිස් නම් වන මෙම වංචනිකයා ඉතා දීර්ග කාලයක් පුරා පොලිසියට කට්ටි පනිමින් සිට ඇත . මේ කාලය පුරාවටම ක්‍රිස් පීරිස් හට රැකවරණය දී ඇත්තේ රහස් පොලිසියේ ස්ථානාධිපති වරයෙක් සහ විශ්‍රාමික විනිසුරුවරයෙකු වූ ප්‍රියන්ත පෙරේරාය. මේ සඳහා ක්‍රිස් පිරිස් විසින් මොවුන් දෙදෙනාට මුදල් අල්ලස් මෙන්ම ලිංගික අල්ලස් ද සපයා ඇති බව වැඩිදුර පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ශ්‍රී ලංකාවේ මෙන්ම කැනඩාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ක්‍රිස් පිරිස් කැනඩාවේ වීසා ලබාදීමට පොරොන්දු වී විශාල පිරිසකගෙන් මුදල් වංචා කොට තිබේ. -->