නොර්වේ දෙමළ සංගමයේ සභාපති ලෙස වසර ගණනාවක් කටයුතුකල ලක්ෂ ගණනක් මුදල් වංචාවලට සම්බන්ධ, සෙම්මනි ප්‍රදේශයේ ලුණු එකතු කිරීමේ කම්කරුවකුව සිටි ශ්‍රී, පේදූරුතුඩුවේ මාළු වෙළඳ මධ්‍යස්ථානයේ මාළු අලෙවිකල තරුණියක් පැහැරගෙන නොර්වේවලට පැමිනෙන ලදි. මොහුගේ දියණිය වන්නාන් පංඡලිංගම් විසින් තම ප්‍රචාරය සඳහා පවත්වන නොර්වේ ඊළාම් දෙමළ සංසඳයේ ප්‍රධාන තනතුරක සිටියි. නමුත් ඇයගේ සැමියා යුරෝපා රටක සරණාගත රැකවරණ ප්රතික්ෂේපව රටින් පිටුවහල්කර ඇති තත්වයේදී නොර්වේවලට ගෙන්වා ගැනීමට දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටියි.
කිටිටු සැමරුම් දිනයේදී එය කඩාකප්පල් කිරීමේ අරමුනින් මෙම ලුණු ශ්‍රී තම ධීවර බිරිඳගේ 50 වන උපන්දින සාදය පවත්වා ඇත. දෙමළ ජාතිකත්වය ගැන කථාකර ඔස්ලෝහි දෙමළ ජනතාවගෙන් රැස්කරගත් මුදල්වලින් ශාලාවක් කුලියටගෙන, කොටි හිතවාදීන් රැස්කර මෙම සාදය පවත්වා ඇත.
කිටිටු අනුෂ්මරණ දින වැඩසටහනට සහභාගීවිමට සිටි සියලු දෙනා වෙත විශේෂ ආරාධනයක් යවා තම බිරිඳගේ 50 වන උපන්දින සාදයට සහභාගීවන ලෙසට ආරාධනා කර ඇත. මෙම ලුණු ශ්‍රී කොටි සංවිධානයේ වැදගත් පුද්ගලයකු ලෙස තමන් හදුන්වාදෙමින් නොර්වේහි බලපත් රහිත කුලී රථ රියදුරෙකුව සිටි අයෙකි.