අපට ආඩම්බර වියහැකි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා. ඒ
ඉතිහාසය කිසිදු බලවේගයකට මකා දැමිය නොහැකියි. ඒ වගේම රටක
ඉතිහාසයක් ධනයෙන් හෝ බලයෙන් ගොඩනැඟීමට පුළුවන් කමකුත්
නැහැ.
ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්‌ථාවට ඊයේ (18 දා) එක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතා හා ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා ආචාර්ය සරෝජා වෙත්තසිංහ මහත්මිය විසින් ජනාධිපතිවරයාට සමරු තිළිණයක් හා දිවංගත ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ සමරු සටහන් පොතක් පිළිගන්වන ලදී.
ජනාධිපතිවරයා මෙසේද කීවේය.
දශකයක පමණ කාලයක සිට ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවට මෙවැනි නවීන පහසුකම්වලින් සමන්විත අංගසම්පුර්ණ ගොඩනැඟිල්ලක අවශ්‍යතාවය තිබුණ බව අධ්‍යක්‍ෂතුමියගේ කතාවේ සඳහන් වුණා. මේ සඳහා 1996 දී සැලසුම් සකස්‌කර තිබුණත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබුණේ නැහැ කියලත් සඳහන් වුණා. නමුත් අපි මෙහි අවශ්‍යතාවය වැදගත්කම තේරුම්ගෙන මේ නවීන පහසුකම්වලින් සමන්විත නව ගොඩනැඟිල්ල හදලා ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කළා.
ජාතික කෞතුකාගාරය වගේම මේ ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවත් ජාතියට ඉතා වටිනා දෙපාර්තමේන්තුවක් කියලයි මා විශ්වාස කරන්නේ. එක්‌තරා යුගයක විෙද්‍යාaදය විශ්වවිද්‍යාලයේ ලේඛානාගාරයක් තිබුණා. මමත් එහි පුස්‌තකාලයේ වැඩකළ නිසා මට ඒ බව මතකයි. ඒ යුගයේ මා එකතු කරගෙන තිබූ පරණ කවි, මැතිවරණ වේදිකාවල කිව් කවි විපක්‍ෂයෙන් හා ආණ්‌ඩුවෙන් ගහපු කවි, ඒ අතර අපහාසාත්මක, උපහාසාත්මක කවි කොළ බෙදපු කාලයකුත් තිබුණා. මේවා මම එකතු කරලා තිබුණා. මේවා මගේ ළඟ තිබී විනාශවේයෑයි කියලා ඒ යුගයේදී මා විෙද්‍යාaදය ලේඛනාගාරයට භාරදුන්නා.
මේ ස්‌ථානයේ තියෙන කෞතුක අධි ලේඛන එකිනෙක තියලා දිග හැරියොත් කිලෝ මීටර් 22 ක් විතර දික්‌වෙනවා කියලා අපේ අධ්‍යක්‍ෂතුමිය කිව්වා. අපේ රටේ ඉතිහාසය එක්‌ක ගත්තහම ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ වගේම ලන්දේසි යුගය, බ්‍රිතාන්‍ය යුගය ඒ යුගයන්වල රාජ්‍ය ලේඛන, ඉඩම්, පවුල්, පාසල්, තෝම්බු, නිලපොත්, හෑන්ඩ්සාඩ් වාර්තා, ඓතිහාසික පත්තර, ගැසට් නිවේදන, රටේ ශේ්‍රෂ්ඨයන්ගේ ලේඛන, පොත්පත් මෙතැන තියෙනවා. ඒ වගේම නීතියකුත් තියෙනවා. ඒ හැම එකකම පළමු පිටපත මෙහාට එවන්න ඕන කියලා. නමුත් අද ඒ වගකීම හරියාකාරව කරනවද කියන එක ගැන සැකයක් තියෙනවා. මොකද තවමත් ඒ මුද්‍රණාලවල තමන් ගහන පත්‍රිකා, පොත් නිසියාකාරව මෙතැනට ලැබෙනවද කියලා. ඒ වගේම අපේ දෙපාර්තමේන්තුවලත් ලොකු අඩුවක් තියෙනවා 2005 ඉඳලා එල්ටීටීඊ ත්‍රස්‌තවාදයෙන් රට නිදහස් කර ගැනීමේදී ගත් යම් යම් තීරණ පිළිබඳ ඒ තොරතුරු අපිට නැවත ලැබිලා නැහැ තවමත්. ඒ පිළිබඳ පරීක්‍ෂණ කරන දරුවන්ට ප්‍රයෝජනයක් ගන්න ඒවා ආරක්‍ෂා කරලා තියන්න පියවර ගන්නා ලෙස උපදෙස් දිය යුතුයි.
ඉතිහාසය ලේඛනගත කරන එක අපේ ජාතියේ පුරුද්දක්. එය ලොව කිසිම රටක නොතිබුණු ශේ්‍රෂ්ඨ පුරුද්දක්. එක්‌තරා යුගයක ඉන්දියාවට අශෝක අධිරාජ්‍යා කවුද කියන කාරණය ගැන සොයා ගන්න පුළුවන්කම ලැබුණේ එදා අපි ආරක්‍ෂා කරලා තිබුණු ලේඛනවලින් කියලා සඳහන් වෙනවා. ඉන්දියාවට එය ප්‍රයෝජනයක් වුණා. එදා අපේ පන්සල්වල ඒවා ආරක්‍ෂා කරගෙන තියාගත්ත නිසා. සෙල්ලිපිවල තිබුණේ පිය දස් කියන රජතුමා ගැන. මේ මහා අධිරාජ්‍යා ගැන තොරතුරු දැන ගන්න ඉන්දියාවෙත් පැහැදිලි ලේඛනයක් තිබුණේ නැහැ. අතීතයේ ඉඳලා අපි මේවා ලේඛනගත කිරීම පමණක් නොව මේවා ආරක්‍ෂා කිරීමත් සිරිතක් ලෙස කරගෙන ආවා. මේක එක පැත්තකින් අපේ ජාතියේ උරුමය ආරක්‍ෂා කිරීමක් කියලයි අපි විශ්වාස කරන්නේ. මේ ඉතිහාස ලේඛනවලට වඩා සල්ලි කොළවලින් මනින්න සූදානම් වන යුගයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් ධනය ගොඩගැසුවත්, බලය ගොඩනඟා ගත්තත් රටක ඉතිහාසයක් ගොඩනඟා ගන්න පුළුවන් කමක් නැහැ.
ඉතිහාසය අලුතින් ලියලා විකෘති කරන්න පුළුවන්කමකුත් නැහැ. හැබැයි සමහරු ඩොලර් කොළ වියදම් කරලා රටවල ඉතිහාසය වනසන්න වුණත් සූදානම් වෙලා තියෙන බව අපිට පැහැදිලිව පේනවා. ඒ නිසා අපි මේවා බොහොම පරිස්‌සමින් තියා ගන්න ඕන. අපි දන්නවා සමහරු අපේ රටේ ඉතිහාසය මකා දමන්න හැදුවා. ජනතාවගෙන් ඉතිහාසය අමතක කරවන්න සූදානම් වුණ යුගයක් තිබුණා. දුටුගැමුණු චරිතය අමතක කරවන යුගයක් තිබුණා. සමහරු බය වුණා දුටුගැමුණු කියන නම කියන්න, ජාතිවාදි යෑයි හංවඩු ගහයි කියලා. එවන් යුග අප පසුකරලා ඇවිල්ලා තියෙනවා.
ඒ කොයි දේ කළත් අපිට තියෙනවා වගකීමක් මේවා නැවත ජනතාවට ලබාදෙන්න. අපේ ඉතිහාසය ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්. අපේ රජවරු ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්. අපි ඒවා අරක්‍ෂා කරගත්ත. ඔවුන් ගැන ලියපු පොත්පත් ආරක්‍ෂා කරගත්ත ජාතියක් වශයෙන් අපට ආඩම්බර වෙන්න පුළුවන්කමක් තියනවා කියලයි මම විශ්වාස කරන්නේ.
අපි දන්නවා අද සමහරු ප්‍රදේශවල ඉතිහාසය මකා දමන්න උත්සාහ කරනවා. පුරාවස්‌තු විනාශ කරනවා. නමුත් ඒවා තුළින් අපේ ඉතිහාසය මකන්න පුළුවන්කමක් නැහැ. ඒකෙන් මහා විනාශයක් වෙන්නේ. ඒවා රටකට උරුම වුණ දේවල්. ඒවා අපි ආරක්‍ෂාකරගත්ත දේවල්.
මේ අවස්‌ථාවේදී අපි සුබ පතනවා. ඒ වගේම මේ වගේ ගොඩනැඟිල්ලක අපේ ලේඛන එකතුකරලා අනාගත පරපුරට මෙය භාරදෙන්න කටයුතු සලසන්න පහසුකම් සැලසීමට හැකිවීම පිළිබඳ සංතෝස වෙනවා. නව විද්යුත් මාධ්‍ය, පරිගණක තාක්‍ෂණය තුළින් මේවා ආරක්‍ෂා කරගන්න කටයුතු කරන්න පුළුවන් පහසුකමුත් මෙතන තියෙනවා. ඒවා ප්‍රයෝජනයට ගෙන මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න.
ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතා
ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවාවන් පුළුල් කිරීම යටතේ මෙම නව ගොඩනැඟිල්ල ඉදිකිරීම ඉතා වැදගත් පියවරක්. පැවැති ගොඩනැඟිල්ලේ ඉඩමදිකම නිසා මෙම දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගියේ ඉතා අපහසුතා මැදයි. ඒ නිසා නොයෙකුත් තොරතුරු ලබා ගැනීමට පැමිණෙන ශිෂ්‍යයන්ට, පර්යේෂකයන්ට, ඉතිහාසඥයින්ට හා මහජනතාවට ප්‍රමාණවත් පහසුකම් සපයා දෙන්නට පුළුවන් වී තිබුණේ නැහැ. දැන් ඒ අපහසුතාවය මගහැරී වඩාත් කාර්යක්‍ෂම සේවාවක් මහජනයාට සැලසීමට හැකි වෙනවා.
ලිත උරුමයන් ගණයට පොතපත පමණක් නොව ඡායාරූප, ශ්‍රව්‍යදෘශ්‍ය, ලේඛන, පරිගණක වාර්තා, චිත්‍රපට, කොටින්ම කිවහොත් ගලක නොකෙටූ සියලු ලිත හා මුද්‍රිත සාක්‍ෂි ඇතුළත් වෙනවා. 1832 පළවූ මුල්ම ඉංගී්‍රසි පුවත්පතේ සිට ඊටපසු මේ දක්‌වා පළවූ සියලුම ඉංගී්‍රසි, සිංහල හා දමිළ පුවත්පත් ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඒ වගේම මුද්‍රණකරුවන්ගේ හා ප්‍රකාශකයන්ගේ සෑම ප්‍රකාශනයකම පිටපත් කීපයක් ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවට දිය යුතු වෙනවා. ඒ අනුව පොත්පත් ලබාදුන් අයගේ පතපොතද මෙහි තිබෙනවා.
යම් යම් කාලවල රටේ වැදගත් ස්‌ථාන පැවැති ආකාරය ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඇති ඡායාරූප හා සැලසුම්වලින් දැක ගත හැකියි. ඒ අනුව 1640 සිට එක් එක් කාලවල රටේ නොයෙකුත් දේශපාලන, ආර්ථික හා සමාජයීය තොරතුරු මෙහි තිබෙන ඡායාරූප හා අනෙකුත් සාක්‍ෂිවලින් හෙළි වෙනවා. මෙම දෙපාර්තමේන්තුවේ තිබෙන ලේඛන අතර 1815 උඩරට ගිවිසුම ඉතා වැදගත් ලියවිල්ලක්. එමෙන්ම අප රටේ ආණ්‌ඩුකාරවරුන් වැනි පුද්ගලයන්ගේ දිනපොත් තිබෙනවා. ඒවායින් බොහෝ වැදගත් තොරතුරු අනාවරණය වෙනවා.
මේ සියලු ලිපි ලේඛන ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව සංරක්‍ෂණය කර නිකම්ම ගබඩා කර තබාගෙන ඉන්නේ නැහැ. අවශ්‍ය අයට පිටපත් ලබාදීමත් පර්යේෂකයන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමත් මෙම දෙපාර්තමේන්තුව විසින් කරනු ලබනවා. ඒ වගේම වර්තමාන වැදගත් ලිපි ලේඛන සංරක්‍ෂණය කර තැබීම සඳහා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ලේඛන කළමනාකරණය සහ සංරක්‍ෂණය පිළිබඳ උපදෙස් ලබාදීමත් පුහුණු වැඩසටහන් පැවැත්වීමත් කරනවා. නමුත් අවාසනාවකට වගේ ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් ඉටුවන විශාල සේවය පිළිබඳ බොහෝදෙනා දන්නේ නැහැ.
වැදගත් ඓතිහාසික සිද්ධීන්ට සාක්‍ෂි සපයන වටිනා පොතපත, වටිනා ඖෂධ වට්‌ටෝරු තිබෙනා පුස්‌කොළ පොත්, වටිනා චිත්‍ර සහ ඡායාරූප කොපමණ ප්‍රමාණයක් අද මේ රටේ විනාශ වී යනවද? මෙවැනි පොත්පත්, ඡායාරූප සංරක්‍ෂණය කිරීමේ තාක්‍ෂණය ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව සතුව ඇති බවත් එවැනි වටිනා ඓතිහාසික ලියකියවිලි රැක ගැනීමේ වගකීම ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති බවත් තවමත් මේ රටේ වැඩි පිරිසක් දන්නේ නැහැ. ඒ නිසා පාසල් සිසුන් සහ රාජ්‍ය ආයතන මට්‌ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් දැන් පවත්වාගෙන යනවා.
ලේඛනාරක්‍ෂක අධ්‍යක්‍ෂිකා ආචාර්ය සරෝජා වෙත්තසිංහ මහත්මිය කියන අන්දමට මෙහි තිබෙන ලිපි ලේඛන ප්‍රමාණය දිගට පෙළ ගස්‌වා තැබුවහොත් කිලෝ මීටර් 22 ක් පමණ දිගු වෙනවා. එතරම් විශාල ලිපි ලේඛන ප්‍රමාණයක් මෙහි ගබඩාකර තිබෙන බව ඉන් පැහැදිලි වෙනවා.
අපේ භෞතික උරුමයන් හා අස්‌පර්ෂණීය උරුමයන් මෙන්ම ලිත උරුමයන් ද රටේ අනන්‍යතාවය රැක ගැනීම සඳහාත් ඉතිහාසය පිළිබඳ මූලාශ්‍ර වශයෙනුත් වැදගත් වන බව ඔබට මා මේ කී කරුණුවලින් පැහැදිලි වන්නට ඇති. ඒ වගේම රටේ සහ මහජනතාවගේ යම් යම් අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහාත් මෙහි තිබෙන වටිනා ලිපි ලේඛන උපකාරී වෙනවා. මෙම දෙපාර්තමේන්තුවෙන් ඉටුවන සේවාවන්ගේ අගය ජනාධිපතිතුමා තේරුම් ගත් නිසයි එතුමා මෙම නව ගොඩනැඟිල්ල තැනීම සඳහා රුපියල් මිලියන 740 ක් වෙන්කර දුන්නේ. ඒ සම්බන්ධයෙන් එතුමාට අපගේ ප්‍රණාමය පුදකර සිටිනවා.
ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා ආචාර්ය සරෝජා වෙත්තසිංහ මහත්මියද කතා කළ අතර මෙම අවස්‌ථාවට ඇමැතිවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරු හා අමාත්‍යාංශ ලේකම් නන්දා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු ආරාධිතයෝ පිරිසක් එක්‌වූහ.