ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් විරාමය ආරම්බ වේ.



හර්ෂි සි. පෙරේරා 

මෙම සටන් විරාමය බ්‍රහස්පතින්දා ආරම්බ විය ඊශ්‍රායල් ගුවන්විදුලිය ප්‍රකාශ කරන ආකාරයට ගාසා සිට රොකට් ප්‍රහාර එල්ල වුවද ඊශ්‍රායලය ඒවාට ප්‍රතිචාර දක්වා නැත. ගාසා හි පදිංචිකරුවන් දහස් ගණනින් විදි බැස කොඩි වනමින් රතිඥා පත්තු කරමින් සිය සතුට පල කර තිබේ. ඊජිප්තුවේ සහයෙන් ඊශ්‍රායලය සහ හාමාස් සංවිදානය අතර ඇතිවූ සටන් විරාම ගිවිසුම පවත්වාගෙන යන්නයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දෙපාර්ශවයටම කියා සිටි. ගැටුම අතරවාරයේ කලාපිය නායකයින් හමුවූ එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මුන් සටන් විරාමය සාදරයෙන් පිළිගෙන ගාසා වලට මානුෂිය ආදාර ලබා දීම හදිසි අවශ්‍යතාවක් බව පවසා ඇත. ගිය සතියේ ආරම්බ වූ ප්‍රචණ්ඩත්වයෙන් පලස්තීනුවන් 150 කට වඩා මියගොස් තිබේ. -->