විසි පස්වසරක් පුරා නොපැවැත් වූ අන් සියළු මැතිවරණ පවත්වත් දී උතුරු පළාත් සභා මැතිවරණය 2013 දී පවත්වන බවට ජනාධිපති රාජපක්ෂ විසින් ඉන්දියානු ආණ්ඩුවට දුන් පොරොන්දුව ක්‍රියාවට නැගුන හොත් උතුරෙහි දේශපාලන බලය දෙමළ ජනයා අතට පත්වීම වැළැක්විය නොහැකි ය.
සුනන්ද දේශප්‍රිය
පළාත් සභා නීතිය වන ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙහි 13වන සංසෝධනය අහෝසිි කළ යුතු බවට ජනාධිපති සහෝදර සහ ශ්‍රී ලංකාවේ නොනිල යුද්ධ නායකයා වන ගෝඨාභය රාජපක්ෂ දැන් දේශපාලන ව්‍යාපාරයක් දියත්කර තිබේ. ඔහුගේ මට්ටමෙහි වන රාජ්‍ය සේවකයිනට මෙවැනි මත ප්‍රකාශ කිරීමට සහ ව්‍යාපාර ඇති කිරීමට අයිතියක් නැති නමුත් අප කව්රුත් දන්නා පරිදි ආරක්ෂක ලේකම් ධුරය වන රාජ්‍ය නිලධාරී තනතුර දරන රාජපක්ෂට ශ්‍රී ලංකාවේ නීති බලපාන්නේ නැත. ශ්‍රී ලංකාවේ ආරක්ෂක නායකයා වන ගෝඨාභය රාජපක්ෂ වනාහී බලය නීතියට නොව නීතිය බලයට යටත් ය යන පශ්චාත් යුද්ධ ශ්‍රී ලාංකික අත්තනෝමතික භාවිතයේ සංකේතය යි. ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ සැලකෙන්නේ අද්වීතිය බලය ලෙස ය. දැන් මෙම 13වන ව්‍යවස්ථා සංසෝධන විරෝධී ව්‍යාපාරය දියත් කර ඇත්තේ ඒ සා බලවත් රාජපක්ෂ කෙනෙකු විසිනි. ඔහුගේ සහායට විය යුතු පරදිම බලය ඛෙදීමට මතවාදී ම ය වශයෙන් විරුද්ධ හෙළ උරුමය, විමල් වීරවංශ සහ මහජන එක්සත් පෙරමුණ ද එක් විය. සිංහල ජාතිකවාදී සිංහල සහ ඉංග්‍රිසි භාෂා පුවත්පත් ද මෙම රාජපක්ෂ ව්‍යාපාරයේ අත් උදව්කරුවන් බවට පත්ව සිටිති. සිය සහෝදරයා වන ජනාධිපති රාජපක්ෂගේ අනුදැනුමක් නැතිව ආරක්ෂක ප්‍රධානී රාජපක්ෂ විසින් මෙවැනි යෝජනාවක් ගෙන එනු ඇතියි සිතීම දුෂ්කර ය. වත්මන් ආණ්ඩුවේ අනෙක් බලගතු රාජපක්ෂවරයා වන බැසිල් රාජපක්ෂ ද 13වන සංසෝධනය සම්බන්ධයෙන් කැමැත්තක් දක්වා නැත.
13වන ව්‍යවස්ථා සංසෝධනය ඇති කරනු ලැබුවේ ඉන්දු - ලංකා ගිවිසුමෙහි කොටසක් ලෙස වුවත් එය ගොඩ නැගුනේ දෙමළ ජනයාගේ සාධාරණ දුක්ගැනවිලිවලට විසදුමක් සෙවීමේ දීර්ඝ දේශපාලන ක්‍රියාවළියක ප්‍රතිපළයක් ලෙස ය. එහි පදනම වූයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ සාධාරණ දුක්ගැනවිළි සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ය. එසේ නමුත් එල්ටීටීඊ ය විසින් පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කොට යුද්ධය තෝරා ගැනීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත්හි පළාත් සභා පිහිටුවීම විසි වසරකින් කල් ගියේ ය. 1987 සිටම උතුරු නැගෙනහිර හැර අන් සියළු පළාත්හි ක්‍රියාත්මක කරන ලද පළාත් සභා ක්‍රමයෙන් පරපුටු දේශපාලනඥයින් පරම්පරාවක්ම ඇති කිරීම හැර මහා ජනයාට ඇති වූ කැපී පෙනෙන සෙතක් නැති බව ද ඇත්ත ය.
නමුත් අද රාජපක්ෂවරුන් විසින් 13වන සංසෝධනය අහෝසි කිරීමේ යෝජනාව ගෙන එනු ලබන්නේ එම හේතූන් නිසා නොව උතුරු නැගෙනහිර පළාත් සභා පාලනය දෙමළ සහ මුස්ලිම් ජනයා අතට පත්වනු ඇතැයි ඇතිව ඇති අලූත් යන බිය නිසා ය. මෙම අහෝසි කිරීමේ ව්‍යාපාරය විසින් ද පෙන්නුම් කරන පරිදි ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ නමුත් ජනවාර්ගික ගැටුම අවසන් නැත. අනෙත් අතට තමන් විසින් තමන් පාලනය කර ගැනීමේ මෙරට දෙමළ ජනයාගේ අභිලාෂය යුද්ධමය පියවරයන් මගින් යටපත් කර දැමිය නොහැකි බව පසුගිය වසර තුනෙහි උතුරු නැගෙනහිර අත්දැකීම් විසින් යළිත් පෙන්නුම් කර තිබේ. එනම් උතුරු නැගෙනහිර සිවිල් සමාජයේ නැගී ඒම සහ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන බලය යි.
මෙම ව්‍යවස්ථා සංසෝධනය අහෝසි කිරීමේ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකාවට මහත් විපතක් ගැබ්ව තිඛෙන්නේ මෙම සන්දර්භය තුළ ය. මන්ද යත් 13වන සංසෝධනය විසින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය දේශපාලන විසඳුම මේ අවස්ථාවෙහි නියෝජනය කරන නිසා ය. එය අහෝසි කිරීමේ රාජපක්ෂ ව්‍යාපාරය විසින් මෙරට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට මෙන්ම අන්තර් ජාතික ප්‍රජාවට ද දෙනු ඇති පණිවිඩය වන්නේ පූර්ණ දේශපාලන විසඳුමක් කෙසේ වෙතත් දැනට ව්‍යවස්ථවෙහි අඩංඟ= වන විසදුමවත් ක්‍රියාවට නැගීමට රාජපක්ෂ ආණ්ඩුව සුදානම් නැති බවයි.
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්්‍යය බවට පත් කිරීමට සිහින මැවීමට පෙර වත්මන් ආණ්ඩුව තිස් වසරකට පෙර එවැනිම සිහිනයක් දුටු ජනාධිපති ෙජ්. ආර්. ජයවර්ධන මුහුණ දුන් අභියෝගය දෙස මදක් හැරී බැලීම වැදගත් ය.
1977 දී හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ඇතිව බලයට පත් ජයවර්ධන ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට දරන ලද ප්‍රයත්නයේ ප්‍රධාන පියවරයන් දෙකක් විය. එනම් පාර්ලිමේන්තු විපක්ෂය අඩපන කිරීමත් එවකට සැළකිය යුතු බලවේගයක් වශයෙන් පැවැති වෘත්තීය සමිති ව්‍යාපාරය බිද දැමීමත් ය. මන්ද යත් සිංගප්පුරු දේශපාලන ආදර්ශය තුළ කවරාකාර හෝ විපාක්ෂික හෝ අයිතීන් මත පදනම් වූ ව්‍යාපාරයන්ට ඉඩක් නැති නිසා ය. විපක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ඇතුළු විපක්ෂය භේද භින්න කිරීම සහ 1980 සමස්ත මහා වැඩ වර්ජනය ලෙයින් සහ කදුළින් මර්දනය කිරීම මගින් එම පියවරයන් දෙක සාර්ථක කර ගැනීමට ජයවර්ධන සමත් විය.
ඔහු හමුයෙහි ඉතිරිව තිබූ අනෙක් අභියෝගය වූයේ නැගි එමින් තිබූ දෙමළ ජනතාවගේ ජාතික අරගලය යි. සිය මර්දනකාරී මෙඟහි ම ඉදිරියට යමින් දෙමළ ජනතාවගේ අයිතීන් සඳහා වූ ව්‍යාපාරයන් යකඩින් සහ ලෙයින් මර්දනය කිරීම පිණිස ද ජයවර්ධන පියවර ගත්තේ ය. 1981 දී උතුරේ සන්නද්ධ ක්‍රියාකාරකම් අවසන් කිරීමට දින නියම කොට සන්නාහ සන්නද්ධ හමුදා එහි යවන ලද්දේ ඝාතනය ප්‍රධාන අවිය ලෙස ප්‍රධානය කරමිනි. නමුත් ජයවර්ධන භයානක ලෙස පරාජය වූයේ එහිදී ය. සටන්කාමී දෙමළ තරුණ ව්‍යාපාරය යුද බලයෙන් මැැඩලිය නොහැකි විය. ඊට පළිගැනීමක් වශයෙන් 1983 දෙමළ විරෝධී සංහාරය මුදා හරිමින් සහ ද්‍රවිඩ එක්සත් පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පළවා හරිමින් ජයවර්ධන උත්සාහ කළෙA දෙමළ ජනතාවම යටපත් කිරීමට ය. එනමුත් එහි විපාකයක් වශයෙන් ඉන්දියානු මැදිහත්වීමක් ද සහිත දශක ගණනාවක් ඇදී ගිය යුද්ධයකට ශ්‍රී ලංකාව ගිලා බැස්සේ ය. ජයවර්දනගේ ලංකා- සිංගප්පුරු දැක්ම දැක්ම අසාර්ථක විය.
දෙමළ සන්නද්ධ ව්‍යාපාරයේ නායකත්වය අල්ලාගත් එල්ටීටීඊ ය අතාර්කික සහ යතාර්ථයෙන් වියෝ වූ ව්‍යාපාරයක් බවට පත් වූ නිසාම ජය ගත නොහැකි අවසන් මහ සටන කරා එය ඇදී ගියේ ය. මේ වන විට ජන ඝාතක ව්‍යාපාරයක් ද බවට පත්ව තිබූ එහි සන්නද්ධ පරාජය වැළැක්විය නොහැකි එකක් බවට පත්ව තිබුණි. එනමුත් එල්ටීටීඊය සන්නද්ධ වශයෙන් පරාජය කිරීමෙහි ප්‍රකාශිත අරමුණ දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශයන් පරාජය කිරිම නොවීය.
මෙම පිළිගැනීම මත එල්ටීටීඊ සමඟ කළ යුද්ධයට අන්තර් ජාතික බලවේගයන්හි සහාය ලබා ගැනීම පිණිස ජනාධිපති රාජපක්ෂ කරුණූ දෙකක් ඉදිරිපත් කළේ ය. පළමු වැන්න නම් එල්ටීටීඊ ය කිසිදු සාම සාකච්ජාවකට සූදානම් නැති තනිකරම යුදවාදී ත්‍රස්තවාදී සංවිධානයක් ය යන්න යි. එය සනාථ කිරීමට ඇති තරම් කරුණූ එල්ටීටීඊ නායක ප්‍රභාකරන් විසින් ම සපයා තිබුණි. දෙවන කරුණ වූයේ යුද්ධවසානයෙන් පසු ප්‍රදේශීය පාලනයක් සදහා වන දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම දේශපාලන විසඳුමක් සැපයීම මගින් සපුරාලන බවයි.
ඒ අනුව යමින් 2008 වර්ශයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්ව වාරික විමර්ශණය හමුවෙහි ස්වේච්ජාවෙන් ම පොරොන්දුවක් දෙමින් ශ්‍රී ලංකාණ්ඩුව කියා සිටියේ දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් සැපිරීම පිණිස 13වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කරන බවයි. යුද්ධවසානයෙන් සතියකට පසු එනම් 2009 මැයි 25 දින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සහ ජනාධිපති රාජපක්ෂ නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශණයෙන් ද ශ්‍රී ලංකාණ්ඩුව කියා සිටියේ 13 වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කරන බව ය. ඊට දෙදිනකට පසු යළික් වරක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ශ්‍රී ලංකාණ්ඩුවේ ද සහාය ඇතිව කියුබාව විසින් ඉදිරිපත් කොට සම්මත් කරන ලද යෝජනාව විසින් ද දෙන ලද එක් පොරෙන්දුවක් වූයේ 13වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කරන බව ය. ඒ ආසන්නයේ ම ඉන්දියාවට නිල සංචාරයක යෙදුණු රාජපක්ෂ දිල්ලියේ එන්ඩීටීවී ආයතනය සමඟ කරන ලද සාකච්ජාවේ දී 13වන ව්‍යවස්ථා සංසෝධනයද ඊට වඩා යමක්ද කිරීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළේ ය. ඔහු එම පොරොන්දුව ඉන්දීය අගමැතිවරයාට ද දී තිබුණි.
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය දේශපාලන නියෝජිතයින් හැමදෙනම හමූයේ ජනාධිපති රාජපක්ෂ කියා සිටියේ තමන් 13වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි. එපමණක් නොව රාජපක්ෂ බැහැ දැකීමට පැමිණි උග්‍ර එල්ටීටීඊ විරෝධී ඉන්දීය දේශපාලනඥයකු වන සුබ්‍රමනියම් ස්වාමි ද හැකි ඉකිමනින් 13වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේ ය. ශ්‍රී ලංකාවෙහි දෙමළ ජනයාගේ සාධාරණ දුක්ගැනවිළි සඳහා විසඳුමක් වශයෙන් 13වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට ඉන්දීය දේශපාලන පක්ෂ සියල්ලම ද මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන අන්තර් ජාතික ප්‍රජාවද විශ්වාශ කරති.
පසුගිය දා නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන තුරුම වාගේ ලංකාණ්ඩුවේ මතය වූයේ තමන් 2013 වසරෙහිදී උතුරු පළාත් පාලන මැතිවරණය පවත්වන බවත් 13වන ව්‍යවස්ථාව ක්‍රියාවට නගන බවත් ය. එනමුත් නැගෙනහිර පළාත් සභා මැතිවරණය ලංකාණ්ඩුවට තිගැස්සෙන පණිවිඩයක් දුන්නේ ය. එනම් දෙමළ ජනයාගේ අති බහුතරය රාජපක්ෂ පාලනය පිළිනොගන්නා බවයි. ආණ්ඩුවේ රැකවරනයෙන් ජීවත්වන අර්ධ සන්නද්ධ දෙමළ දේශපාලනඥයින් වන ඩග්ලස් දේවානන්ද, කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් හැර අනෙක් සියළුම දෙමළ දේශපාලන පක්ෂ දැන් ලිහිල් නමුත් එක් පෙරමුණකට පැමිණ සිටිති. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම නම් ප්‍රාදේශීය ස්වයං පාලනයකි. නැගෙනහිර දෙමළ ජනයාගෙන් අති බහුතරය එම දේශපාලනය වෙනුවෙන් ජන්දය දුන්හ. විසි පස්වසරක් පුරා නොපැවැත් වූ අන් සියළු මැතිවරණ පවත්වත් දී උතුරු පළාත් සභා මැතිවරණය 2013 දී පවත්වන බවට ජනාධිපති රාජපක්ෂ විසින් ඉන්දියානු ආණ්ඩුවට දුන් පොරොන්දුව ක්‍රියාවට නැගුන හොත් උතුරෙහි දේශපාලන බලය දෙමළ ජනයා අතට පත්වීම වැළැක්විය නොහැකි ය.
රාජපක්ෂ පාලනය 13 වන සංසෝධන විරෝධයෙන් ගිනියම් වන්නට පටන්ගෙන ඇත්තේ මේ නිසා ය. 13වන ව්‍යවස්ථා සංසෝධනය යටතෙහි උතුරු පළාතෙහි පැවැත්වෙන පාළාත් සභා මැතිවරණයකින් ආණ්ඩු පාක්ෂික දෙමළ දේශපාලනඥයින් දැවැන්ත පරාජයකට පත්වන බව දැන් පැහැදිළිය. එහි බලය දෙමළ සන්ධානය නම් පුළුල් පෙරමුණට හිමි වනු ඇත. එම පෙරමුණට ඉන්දියාවෙහි පමණක් නොව බටහිර රටවල ද දේශපාලන සහයෝගයක් තිබේ. එවැනි තත්ත්වයක් යටතේ දෙමළ සන්ධනයේ පළාත් සභාවක පැවැත්ම විසින් උතුරෙහිදී පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවෙහිම රාජපක්ෂ පාලනය දෙදරුම් කැවීමකට යවනු ඇත.
13වන සංසෝධනයට අදාළව රාජපක්ෂ පාලනයේ බිය උතුර සම්බන්ධයෙන් පමණක්ම නොවේ.
නැගෙනහිර පළාත් සභාවේ බලය දැනට ආණ්ඩුවට වාසිදායක වුවද මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ කොටස් කරුවන් වන සිංහල අන්තවාදී පිරිස් විසින් ගෙන යන විශම සහ වෛර ව්‍යාපාර හේතුවෙන් එම දේශපාලන සමීකරණය වුව වෙනස් වීමට ඉඩ තිබේ. දිවි නැගුම පනකට පක්ෂව ජන්දය නොදීමට මුස්ලිම් කොන්ග්‍රසය ගත් තීරණය එළෙසම ක්‍රියාවට නැගුණේ නම් මේ වන විටත් නැගෙනහිර පළාත් සභාවේ බල තුලනයේ වෙනසක් ඇති වීමට ඉඩ තිබුණි.
13වන ව්‍යවස්ථා සංසෝධනය අහෝසි කිරීමේ දේශපාලන ව්‍යාපාරයෙහි අර්ථය මෙය යි. එනම් උතුරු නැගෙනහිර දී රාජපක්ෂ පාලනයෙන් බාහිර දෙමළ සහ මුස්ලිම් ජනයාගේ පළාත් සභා පාලනයන් ඇති වීම වැළැක්වීම ය. පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව සාමය සහ ප්‍රති සංන්ධානය කරා ගමන්කරනු වෙනුවට යළිත් වරක් ජනපීඩක සහ සුළුතර ජනයා මර්දනය කරන අර්ධ මිලිටරි රාජ්‍යක් කරා ඇදී යාම මෙම අමනෝඥ සහ අතාර්කික යෝජනාව විසින් යළිත් වරක් පෙන්නුම් කරයි.