ධනවාදයට එරෙහි දෝශාභියෝගයක්
විජේ ඩයස්
තුන්සියයකට ආසන්න කම්කරුවන් සංඛ්‍යාවක් මරනයට පත් කරමින් පසුගිය
සතියේ පකිස්තානයේ සිදු වූ ඛේදජනක ගිනි ගැනීම, 1993 තායිලන්තයේ කාඩර්
සෙල්ලම් බඩු කර්මාන්ත ශාලාවේ ඇතිවූ ගින්නෙන් 188 දෙනෙකු භයානක මරනයට ගොදුරු
වූ සිද්ධිය ඉක්මවා යයි. පකිස්තාන ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්න ආසියාවේත්,
ලෝකයේ සෙසු බොහෝ ප‍්‍රදේශවලත් කෝටි සංඛ්‍යාත කම්කරුවන් පොදුවේ අත්දකින
අන්තරායකාරී හා මර්දනකාරී කොන්දේසිවල සුවිශේෂ බියකරු නිෂ්පාදනයකි.
පසුගිය දසක තුන තුල, පකිස්තානය හා තායිලන්තය වැනි රවල් වෙන කවර
කලෙකවත් නො වූ ආකාරයට ගෝලීයකෘත නිෂ්පාදන ක‍්‍රමයන් තුලට අන්තර්ග‍්‍රහනය වී
තිබේ. වියදම් කැපීමේ හා අඩුම මිලට සැපයීමේ බලු පොරයක් නිර්මානය කරමින්,
ඇඟලුම් කර්මාන්තය තුල ගෝලීය සංගත ඔවුන්ගේ වරප‍්‍රසාදිත නිෂ්පාදන නිෂ්පාදනය
කිරීමට ආසියාවේ ශ‍්‍රම වදකාගාරවලට කොන්ත‍්‍රාත් දෙති.
මෙම ධනේශ්වර සුරා කෑමේ ගෝලීය පද්ධතියට පහසුකම් සපයන්නෝ ජාතික ආන්ඩු
ය. "අපි ජාත්‍යන්තර සංගත ආයෝජකයෝ හාදු දී සාදරයෙන් පිලිගත යුතු” යැයි
ශී‍්‍ර ලංකාවේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්දන 1970 ගනන් අගදී
ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කලේ ය. වෙනත් වවචනවලින් කිවහොත් කම්කරු පන්තියට කවර
ප‍්‍රතිවිපාකවලට මුහුන දීමට සිදු වුවත් විදේශ ප‍්‍රාග්ධනය ආකර්ෂනය කරගැනීම
සඳහා කල හැකි සියලු දෙයක් ම කල යුතු ය.
පකිස්තානයේ වානිජ අගනුවර වූ කරච්චියේ කාර්මික ප‍්‍රදේශයක පිහිටි අලි
එන්ටර්ප‍්‍රයිසස් කර්මාන්ත ශාලාවේ ගින්න හටගන්නා විට එහි කම්කරුවෝ 650ක්
පමන වැඩ කරමින් සිටිය හ. ගොඩනැගිල්ල මර උගුලක් විය. හදිසි ගින්නක දී පිට
වීමට තැනක් එහි නොතිබූ අතර ජනේල වසා තරප්පු පෙලවල් අවහිර කොට තිබුනි. එහි
තිබුනේ එකම පිටවීම් දොරටුවක් පමනි. ගිනි ආරක්ෂක ක‍්‍රම කිසිවක් නො පැවතියේ
ය. දිවි ගලවා ගත් අයගෙන් බොහෝ දෙනෙකුට තුවාල සිදු වුයේ ගින්නෙන් බේරීම සඳහා
ගොඩ නැගිල්ලෙන් බිමට පැනීම නිසා ය.
කර්මාන්ත ශාලාව නීත්‍යානුකූලව ලියාපදිංචි කර නොතිබූ අතර රක්ෂනයෙන්
ආවරනය කෙරුනේ මැෂින් පමනි. කම්කරුවන්ව රක්ෂනය කර තිබුනේ නැත. එය වසර 12
පුරා පවත්වාගෙන ඇවිත් ඇති නමුත් කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව හෝ කම්කරුවන්ගේ
සේවා කොන්දේසි සම්බන්ධව ආන්ඩුවේ පරීක්ෂනයක් කෙරී නැත. කම්කරුවන්ට පත්වීම්
ලිපි නො තිබුනි. වැටුප් අඩුවෙන් තබා ගැනීම සඳහාත් විශ‍්‍රාම වැටුප් සහ සෙසු
ප‍්‍රතිලාබ මග හැරීම සඳහාත් ඔවුන් බඳවාගෙන තිබුනේ කොන්ත‍්‍රාත්කරුවන්
හරහා ය. දහස් ගනනක් නොවේ නම්, සිය ගනනක් සෙසු කර්මාන්ත ශාලාවල කොන්දේසිවලට
සමාන අලි එන්ටර්ප‍්‍රයිසස් කර්මාන්ත ශාලාවේ කොන්දේසි පෙන්නුම් කරන්නේ,
මධ්‍යම හා ප‍්‍රාදේශීය ආන්ඩුවල අනුමැතිය ඇතිව සාපරාධි ලෙස කම්කරුවන්ව සුරා
කනු ලබන බවයි.
ඛේදවාචකය පිලිබඳ නිල ප‍්‍රතිචාරය හොඳින් තහවුරු වූ එකකි. පකිස්තාන
ජනාධිපති අසිෆ් අලි සර්දාරි හා මධ්‍යම ආන්ඩුවේ ඇමතියන්ගෙන් පටන් ගෙන සින්ද්
ප‍්‍රාන්තයේ විවිධාකාර දේශපාලනඥයින් දක්වා ගින්න නිර්මානය කල කොන්දේසි ගැන
වගකිව යුත්තෝ අතිශයින් ම කුහක ශෝක ප‍්‍රකාශ වගුරුවමින් සිටිති.
සොච්චම් වන්දියක් වින්දිතයන්ගේ පවුල්වලට දෙන බව ආන්ඩුව නිවේදනය කර
තිබේ. මෙය ගින්න මගින් කම්කරු පන්තිය තුල පලල් අසහනයක් ඇතිවීම වැලැක් වීමට
සැලසුම් කෙරුන මූල්‍ය ගෙවීමකි.
අතලොස්සක් දඩමීමුන් හඳුනා ගැනීමේ හා ගින්නෙහි ගැඹුරු සමාජ හේතුන්
වසන් කිරීමේ අරමුන ඇතිව මධ්‍යම හා ප‍්‍රාදේශීය යන ආන්ඩු දෙකම ගින්න පිලිබඳව
පරීක්ෂන පවත්වන බව නිවේදනය කර තිබේ. දැනටමත් කර්මාන්ත ශාලා හිමිකරුවන් සහ
ආන්ඩුවේ නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්,
පකිස්තානයේ 1934 කර්මාන්ත පනත සංශෝධනය කර නැත. පනතට අනුව කාර්මික නොතකා
හැරීමක් සඳහා උපරිම දඩය පකිස්තාන රුපියල් 500 කි.
කම්කරුවන් මුහුන දෙන දුෂ්කර කොන්දේසිත් ආන්ඩුවේ නීතිවල අඩුව හා
පරීක්ෂා කිරීමේ සහ නීති කි‍්‍රයාත්මක කිරීමේ ක‍්‍රමයෙහි පැහැදිලිව ම දකින්න
තිබෙන අකාර්යක්ෂමතාවත් ගැන පකිස්තාන පත්තර හා වෘත්තීය සමිති ලොකු අත්
ඇඹරවීමක යෙදී සිටිති. නමුත් කම්කරුවන් සූරා කෑමේදී මොවුන්, දිගටම සහයෝගය
දෙන නිසා, මහජන කෝපය සමනය වූ ගමන් ම පත්තර සහ වෘත්තීය සමිතිවල පුහු ගෝසාව ද
එසේම තුනී වී යනු ඇත.
අලි එන්ටර්ප‍්‍රයිසස් විසින් ඇඟලුම් නිෂ්පාදනය කරනු ලැබූ ගෝලීය
සංගතයන් මේ දක්වා ම නිහඬය. ජර්මනියේ සත්වන විශාලතම ඇඟලුම් සිල්ලර වෙලඳ
සමාගමක් වන කික් ඔවුන්ගේ සැපයුම්කරුගේ කර්මාන්ත ශාලාවේ ගින්න ගැන කිසිම
සඳහනක් නොකිරීම පිලිබඳව ජර්මානු කි‍්‍රයාකාරීන්ගේ සංවිධානයක් වන ක්ලීන්
ක්ලෝත් කැම්පේන් (සීසීසී) පැමිනිලි කර තිබේ. "කිසිදු කනස්සල්ලක් හෝ
හදිසිභාවයක් ඇතිව ප‍්‍රතිචාර දැක්වීමට කික් අසමත්වීම ඔවුන්ගේ සැපයුම් දාමය
තුල සේවයේ යොදවා සිටින කම්කරුවන් සඳහා කිසිදු ගෞරවයක් හෝ තැකීමක් නැතිකම
ඉස්මතු කර පෙන්වන” බව සීසීසී ප‍්‍රකාශ කලේ ය.
කෙසේ වුව ද, කික් වැනි සමාගම් විසින් කම්කරුවන්ගේ කොන්දේසි වැඩි
දියුනු කිරීම ගැන කෙරෙන ප‍්‍රකාශ හෝ හිස් පොරොන්දු ඔවුන්ගේ වෙලඳ භාන්ඩ නාමය
රැක ගැනීමට සැලසුම් කල වානිජ තීන්දු ය. මෙම සමාගම් ධනේශ්වර සුරා කෑමේ
මුදුනතම සිටිති. තම සතුරන්ට වල කැපීමට ලාබ නිෂ්පාදන සඳහා කෙරෙන ඔවුන්ගේ
ධාවනය පකිස්තානය වැනි රටවල් තුල කම්කරුවන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි දිගටම
පැවතීම සහතික කරයි.
කරච්චි ගින්නට තුඩුදුන් තත්වයන් හා අනතුරුව කෙරෙන වසන් කිරීම් දසක
දෙකකට පෙර තායිලන්තයේ කාඩර් කර්මාන්ත ශාලාවේ සිදු වූ තත්වයන්ට මුලුමනින් ම
සමානය. ඇනවුම් සහ විදේශ ආයෝජන සඳහා තරගය තීව‍්‍ර කරමින් ඉන් පසුව සිදුවූ
ගෝලීය ආර්ථික බිඳ වැටීමත්, එහි ප‍්‍රතිපලයක් ලෙස යුරෝපයේ සහ එක්සත් ජනපදයේ
වෙලඳ පොලවල් කඩා වැටීමත් නිසා කලාපය පුරා කම්කරු පන්තිය මුහුන දෙන
කොන්දේසි වඩාත් නරක් වී ඇත.
ආසියාව පුරා සිය පන්ති සහෝදරයන් මුහුන දෙන කොන්දේසිත් පකිස්තාන
කම්කරුවන්ගේ කොන්දේසිත් මුලික වෙනසක් නැත. කලාපය තුල තිබෙන අසංඛේය ආර්ථික
කලාප තුල ආයෝජකයෝ, බදු සහන සහ සීමිත කම්කරු නීතිවලින් නිදහස් වීම ඇතුලු
වරප‍්‍රසාදයන් රොත්තක් බුක්ති විඳිති. සංවිධානය වීමෙන් හා කාර්මික
කි‍්‍රයාවන්හි යෙදීමෙන් කම්කරුවෝ වලකනු ලැබ සිටිති.
පකිස්තානය, බංග්ලාදේශය හා වියට්නාමයේ මෙන්ම ශී‍්‍ර ලංකාවේ නිදහස්
වෙලඳ කලාප කම්කරුවන් මුහුන දෙන තත්ත්වය මර්දනකාරීය. පහසුකම් රහිත කුඩා කාමර
තුල තෙරපී නවාතැන් ගනිමින් දිගු පැය ගනනාවක් ඔවුන් වැඩකරන ඇඟලුම් ශ‍්‍රම
වධකාගාරවලට ප‍්‍රධාන වසයෙන් ගම්බද තරුනියන් ගාල් කිරීමට ආන්ඩුව සමාගම්වලට
උපකාර කරයි. තම අර්ථසාදක අරමුදලට වෙනස්කම් සිදුකිරීම කෙරෙහි පසුගිය
අවුරුද්දේ ශී‍්‍ර ලංකාවේ නිවෙක කම්කරුවන්ගේ කෝපය පුපුරා ගිය විට ආන්ඩුවේ
ආරක්ෂක බලකායන් විසින් වෙඩි තබා එක කම්කරුවෙකු ඝාතනය කල අතර තවත් බොහෝ
දෙනෙකුට තුවාල සිදු කලේ ය.
සදාචාරාත්මක හැඟීම් වැගිරවීමෙන් හෝ පවතින බලයන්ට ආයාචනා කිරීමෙන්
කරච්චි කර්මාන්ත ශාලාවේ සිදු වූ ආකාරයේ ඛේදවාචකයන් නතර කල නොහැකි ය. එවන්
විනාශයන් ධනේශ්වර ලාබ පද්ධතිය තුලින්ම මතු වන, කම්කරු පන්තියට එරෙහි
සමාජ විරෝධී අපරාධයන් ය. ගෝලීයව සංවිධානය වූ නිෂ්පාදනයට පෘතුවිය මත ජීවත්වන
සෑම මනුස්සයෙකුටම යහපත් ජීවන තත්වයක් සම්පාදනය කිරීමේ හැකියාව ඇති නමුත්
ධනවාදය යටතේ එය නිෂ්පාදනය කර ඇත්තේ කම්කරු ජනතාවගේ ගැඹුරු වන දුක්ඛිතභාවයත්
ඉතා සුලුතර සංගත ප‍්‍රභූවක් සඳහා අතිමහත් ධනයකුත් පමනි.
එකම විසඳුම පවතින්නේ ධනේශ්වර සුරා කෑමේ ගෝලීය පද්ධතිය අහෝසි කර
සැලසුම්ගත ලෝක ආර්ථිකයක පදනම මත උඩ සිට පහලට සමාජය ප‍්‍රතිසංවිධානය කිරීම
සඳහා ආසියාව හා ලෝකය පුරා කම්කරු පන්තිය එකමුතු කිරීම තුල පමනි. ජාත්‍යන්තර
ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය-හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව- හා එහි
ශාකා සටන් වදින ඉදිරිදර්ශනය එයයි.