හිලරි නැගෙනහිර ටිමෝරයේ තීරණාත්මක සංචාරයක.

 
 
හර්ෂි සි. පෙරේරා
 
2002 දී නිදහස ලැබූ නැගෙනහිර ටිමොරයට ඇමෙරිකා එක්සත්ජනපද රාජ්‍ය ලේකම්වරියක් සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ. හිලරි ක්ලින්ටන්ගේ මෙම සංචාරය මැතිවරණ කාල පරිච්චේදයක් වන නැගෙනහිර ටිමෝරයේ සංදිස්ථානයක් ලෙස සනිටුවහන් වේ. හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කලේ ඇගේ සංචාරය ඇමෙරිකාවේ සහයත් කලාපයට එහි ඇති කැපවීමත් පිළිබද සංකේතයක් බවයි. ඇය නැගෙනහිර ටිමෝරයේ දියුණුවටත් මේ වසරේ මැතිවරණ වල සාර්ථකබාවයටත් ආශීර්වාද කළාය. ඇය දින 11 ක් ආසියාවේ රටවල් 06 ක සංචාරය කරන අතර චීනයේ සිට අගනුවර වූ ඩිලී බලා පැමිණියාය. ඇගේ පැය 07 ක සංචාරක කාලය තුල ඇය අගමැති සනනා ගුස්මවෝ සහ ජනාදිපති ටවුර් මටන් රුවක් හමුවූවාය. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලේ මෙය චීනය මැඩපැවැත්වීමේ සංචාරයක් නොවන බවයි. එක්සත් ජාතීන්ගේ පරිපාලනය යටතේ පැවතී නැගෙනහිර ටිමෝරය 2002 දී නිදහස ලැබිය. ඒ ඉන්දුනීසියානු පාලනය යටතේ ඇතිවූ දශක තුනක ලේ තැවරුණු ගරිල්ලා යුද්දයට පසුවයි. මේ වසරේ ජනාදිපතිවරණය සහ මහා මැතිවරණය සාර්ථකවීම නිසා එක්සත් ජාතින් තම සාමසාදක හමුදා දෙසැම්බර් මාසයේ නැගෙනහිර ටිමොරයෙන් ඉවත් කර ගැනීමට නියමිතව ඇත.