මුස්ලිම් විරෝධී චිත්‍රපට අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවට

ලොව පුරා ඉස්ලාම් ආගමිකයින්ගේ විරෝධය එල්ල වූ මුස්ලිම්විරෝධී චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


නාකොලා බසේලි නම් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අමෙරිකාවේ කැලිෆෝනියාවේ දී වන අතර ඔහුට ඇප ලබා නොදී සිරගත කරන ලෙසට ද මේ වනවිට විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ.
මෙම චිත‍්‍රපටයේ විනාඩි 13 ක පූර්ව ප‍්‍රචාරක පටය හේතුවෙන් මුස්ලිම් ජාතිකයින් ලොව පුරා අමෙරිකානු තානාපති කාර්යාලවලට පහර දුන් අතර ජනාධිපති බැරක් ඔබාමා සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව ද පල කළේ ය.