කාලොට වැඩක් !



හර්ෂි සි. පෙරේරා

මහනුවර පාසලක සැරිසරන මියගිය සිසුවියකගේ අවතාරය ගැන කළ ගවේශණයක් (2012 අගෝස්තු මස 05 13:38:50 | ලංකාදීප කර්තෘ මණ්ඩලය) ”මහනුවර ප‍්‍රදේශයේ බාලිකා විද්‍යාලයක භූතාත්මයක් සැරි සරසරනවා. ඒ විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවියක් මීට ටික කාලයකට කලින් හදිසියේ මිය ගියා. ඔය කියන සිසුවිය තමා භූතාත්මයක් වෙලා විදුහලේ සැරිසරන්නේ. මියගිය සිසුවියගේ භූතාත්මය අපේ නර්ස් කෙනෙක් ගත්තු පොටෝවල ඉන්නවා. මේ ගැන ඇත්ත මොකක්ද කියලා හොයලා... බලන්න” හිතවත් හෙදියක් ඉල්ලා සිටියේ සිසුවියගේ භූතාත්මය යැයි කියන ඡායාරූපයක් ද මගේ අතට පත් කරමිනි. ලංකාදීප පුවත ගැන අප තර්ක කිරීමෙන් වැඩක් නැත. සියල්ලේ වගවීම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට බාර දෙමු.