ඊළාම් පිස්සුව

| නිලන්ත ඉලංගමුව

"මම අහන්නේ අපි දෙමළ ඊළාමය සඳහා ඉල්ලීම් නොරන්නේ මන්ද යන්නයි. ඔවූන්ට කියන්න ඕන දෙමළ ජනතාවගේ තුවාල වලින් ගලන රුධිරයට මුලික සහනයක් ලබාදීම මෙම සමුළුවේ මුලික පරමාර්ථය බව. මින් පසුව ඊළාම් සිහින මුදිඋන් පත් කර ගැනීම සඳහා වන අරගලය මම අතට ගැනීමට සූදානම්, " යැයි 88 වැනි වියේ පසු වන තමිල් නාඩුවේ හිටපු මහා ඇමති එම් කරුණානිධි ඊයේ ඊළම සඳහාවන උදව්කරුවන්ගේ සමුළුවේදී ප්‍රකාශ කළේය. සැබෑ නොවන එහෙත් මිනි මරණ මායාකාරී සිහිනය හෙවත් ඊළම ගැන ඔහු එසේ කියයි.

'ඊළාම්' යනු සිහිනයයි. මෙය කාලාන්තරයක් තිස්සේ රැගෙන ආ දේශපාලන මුහුණුවරක් ලබා දුන් මායාකාරී සිහිනයකි. නමුත් එය සමාජීය අර්ථකථනය පැත්තෙන් නිදහස නමැති සැනසිල්ල කොන්දේසී රහිතව විනාශ කොට දමන මායාවයි. පිස්සුවේ මුලික අවධිය අධික මායාව වේ. මෙම විනාශකාරී මායාව විසින් ඉතිහාසය, ගරුත්වය, සංස්කෘතිය, දැනුම, සම්ප්‍රදාය, ආගම විනාශ කොට ඇති අතර එමඟින් සමාජ ව්‍යුහය අනෙක් පැත්ත පෙරලා දේශපාලන මර්ධනයට යුක්ති සහගත බවක් ලබා දී තිබේ. එය විසින් වඩාත් විනාශයට පත් කොට ඇත්තේ දෙමළ ජනතාවය.'
කරුණානිධි වූ කලි තම බිරින්දෑවරුන් කිහිප දෙනාට දාව උපන් දරුවන්ගේ දේශපාලන අනාගතය සොයමින් සිටින මහල්ලෙකි. ඔවුන්ට දුෂිත චෝදනා එල්ල වී තවමත් ඒ සඳහා වන නිතීමය කටයුතු සිදු වෙමින් තිබේ. කරුණානිධිට ලංකාවේ පවතින සැබෑ ගැටලුව නොතෙරීමට වඩා ඔහු සැබෑ ජීවිතෙයේද සිදු කරන්නේ රඟපාමින් තමිල් නාඩුවේ ජනතාවගේ හැඟීම් අවුස්සා දේශපාලන වාසී ලබා ගැනීමට උත්සහ කරන කපටි නරියෙකුගේ භූමිකාව රඟපෑමය. ඔහුට ලංකාවේ දෙමළ ජනතාව කෙරෙහි කිසිඳු කැක්කුමක් නොමැති අතර ලංකාව ගැන කතා කිරීම මඟින් ඔහු සිදු කරමින් සිටින්නේ තම දේශපාලන සහ ආර්ථික පැවැත්ම තහවුරු කරගැනීමය. කරුණානිධිට සහ ඔහුට දාව උපන් දරුවන් තමිල් නාඩුව ආක්‍රමණය කරමින් එහි සිටින දුප්පතුන්ගේ අයිතීන් පාගා දමමින් සිටින්නේ තම ආර්ථික හයිය නිසාය. විශේෂයෙන් ලංකාව අරම්භයා ඔවුන් විසින් තමිල් නාඩුවේ ඇති කොට ඇත්තේ හැඟීම් ඇවිස්සිය හැකි පසුබිමක් වන අතර එමඟින් ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගේ ගැටලූ විසඳේවී යැයි සිතීම සිහිනයක් පමණි.එවැන්නෙක් ලංකාවේ සිටියේ නම් පන පිටින් අඹුඩය ගසා ප්‍රසිද්ධියේ ඇවිද්දවනු ලබන්නේ දෙමළ ජනතාවමය.

'ඊළාම්' යනු සිහිනයයි. මෙය කාලාන්තරයක් තිස්සේ රැගෙන ආ දේශපාලන මුහුණුවරක් ලබා දුන් මායාකාරී සිහිනයකි. නමුත් එය සමාජීය අර්ථකථනය පැත්තෙන් නිදහස නමැති සැනසිල්ල කොන්දේසී රහිතව විනාශ කොට දමන මායාවයි. පිස්සුවේ මුලික අවධිය අධික මායාව වේ. මෙම විනාශකාරී මායාව විසින් ඉතිහාසය, ගරුත්වය, සංස්කෘතිය, දැනුම, සම්ප්‍රදාය, ආගම විනාශ කොට ඇති අතර එමඟින් සමාජ ව්‍යුහය අනෙක් පැත්ත පෙරලා දේශපාලන මර්ධනයට යුක්ති සහගත බවක් ලබා දී තිබේ. එය විසින් වඩාත් විනාශයට පත් කොට ඇත්තේ දෙමළ ජනතාවය. තවදුරටත් දෙමළ ජනතාව මෙම හැඟීම් වලට වහල් වූ සිහිනයක පැටලීම වූ කලී ඔහුන් නෂ්ඨ වූ ජාතියක් බවට පත් කිරීමය.

ඊළාම් වූ කලී පාලනයෙන් තොර වූ වෛරය මත පදනම කරනු ලැබූ ඝෝෂාකාරී දේශපාලන උදානයකි. මෙය ලංකාවේ නැත්තටම නැති කොට අවසානය. එය අවසන් කිරීම ධූෂිත බලයට ගැටලුවක් වන අතර කරුණානිධි වැනි අයවලුන් ඊළාම් සිහින දකින මායාවන් තුලට මහජනතාව රිංගවීමට උත්සහ දැරීම මගින් සිදු කරන්නේ ලංකාව තුළ සමාජ ප්‍රතිසංස්කරණයකට ඇති ඉඩ විනාශ කිරීමය. ලංකාව තවදුරටත් ඒකාධිපතිත්වයකට තල්ලු කිරීමය. එසේම නිමලරූභාන්, ඩෙල්රුක්ෂාන් පමණක් නොව මෙවැනි දේශපාලන වාසි වලින් තවත් සියගණනක් නිකරුනේ මිය යනු ඇත. එවිට හබන් කුකුලන් මෙන් වල් ඌරන්ගේ කැකුණ තැලීම හමුවේ තම අපේක්ෂිත දේශපාලන වාසිය ලබා ගනිමින් කරුණානිධි වැනි අයවලුන් රමණීය සතුට භුක්ති විඳිමට හැකි වනු ඇත. මෙය ඛේදවාචකයක් නොවන්නේද?

රාජපක්ෂ පරිපාලනය වෙනස් කිරීමට හෝ දෙමළ ජනතාවගේ ගැටලූ විසඳීමට මෙවැනි කතා වලින් හැකි යැයි ඔහු සිතන්නේ නම් " ඊළාම්" සිහිනය සැබෑ වනු ඇත්තේ කරුණානිධි තම මවගේ උකුලේ නැලවෙමින් කිරි උරණ අවධියේය. එය සැබෑ නොවුයේ සහ ලක්ෂ ගණනකට මරු කැඳවනු ලැබුවේ නිදහස උදෙසා වන අරගලයට භාවිතා කළ මාර්ගය සහ ක්‍රමවේදය වැරදුනු නිසාය.සාමුහික එකඟතාවක් උදෙසාවන දේශපාලන මාවතක් ගැන කල්පනා කරනු වෙනුවට සාමාන්‍ය ජනතාවගේ හැඟීම් අවුස්සා තම දේශපාලන වාසි ලබන්නන්ගෙන් කිසිවෙකුට සුගතියක් නොවන බව තේරුම් ගැනීමට අපේම අත්දැකීම් අපට ප්‍රයෝජනවත්ය. මෙය රාජපක්ෂ ජනාධිපතිවරයා ලන්ඩන් නුවරට ගිය විට ඔහුට විරෝධය දැක්වීම වෙනුවට ලංකාවේ ජාතික දජය බිම දමා පෑගීමේ වෛරී එහෙත් මෙරට දේශීය දෙමළ ජනතාවට කිසිඳු යහපතක් සිදු නොවන උපයාන් හා සමානය.

වත්මන් වටපිටාව හමුවේ ලංකාවට වැදගත් වී ඇත්තේ ඊළාම් නමැති පිස්සුවෙන් තවදුරටත් තමාව විනාශ කර ගැනීමද නැතිනම් සියලු ජනවර්ග එකතු වී සමාජ ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් කටයුතු කිරීමද යන්න තේරුම් ගත යුතු අතිශය සංවේදී ඉඩක් ඉතුරු නිර්මාණය තිබේ.