ළමා රෝග පිළිබද වයිද්යවරයා සිය 11 හැවිරිදි දියණියට වදහිංසා පමුණුවයි.


හර්ෂි සි. පෙරේරා

ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී යොදා ගන්නා බවට ප්‍රචලිත වදහිංසා පැමිණවීමක් වූ වොට බෝඩින් මගින් ඇමෙරිකානු වයිද්යවරයා සිය 11 හැවිරිදි දියණියට දඩුවම් දී ඇත. මෙල්වින් මෝස් නමැති 58 හැවිරිදි මෙම වයිද්යවරයාව සහ ඔහුගේ 40 හැවිරිදි බිරිදව මේ සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. මේ වයිද්යවරයා ඔප්රා, ගුඩ් මෝනින් ඇමෙරිකා, ලැරි කින් යන සජීවී රුපවාහිනී වැඩසටහන් වල පෙනී සිටින්නෙකු මෙන්ම ක්ලෝස ටු ද නයිට් යන කෘතියේ කතුවරයාද වෙයි. අත්අඩංගුවට ගැනීමෙන් පසුව දෙමාපියන් දෙදෙනාටම 11 හැවිරිදි දරුවා සමග මෙන්ම ඇගේ 6 හැවිරිදි සහෝදරිය සමග සබදතා පැවැත්වීම නතර කරන ලෙස නියෝග කර ඇති අතර ඔවුන්ව රැකවරණ ස්ථානයක තබා තිබේ.