මෙය සෑම පොලිස්කාරයෙකු විසින්ම කියවිය යුතුය



l අමිල ගුණරත්න

මේ පින්තුරයේ සිටින්නේ අඟුලාන පොලිසියේ හිටපු ස්‌ථානාධිපතිව සිටි ඩී. ඩබ්ලිව්. නිව්ටන්ය. ඔහු ප්‍රදේශයේ තමන්ට ලෙන්ගතු කාන්තාවකගේ නිවසට අවේලාවේ පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට නිව්ටන් මේ තරුණයන් දෙදෙනා 2009 අගෝස්‌තු මස 11 දින පහර දී වෙඩි තබා ඝාතනය කළේය. ඒ අවස්ථාවේදී මිනිසෙකු මැරීමේ තිරිසන් ඝාතන ආතල් එක ඔහු විඳින්නට ඇති. නමුත් නිරපරාදේ ජිවිත දෙකක් විනාශ කිරීම නිසා ඔහුට නඩු පැවරී මරණීය දණ්‌ඩනය නියම විය. අද ඔහු දියවැඩියා රෝගියෙකි. පාදයේ හටගත් තුවාලයක්‌ උත්සන්න වීම නිසා මේ වන විට හිටපු පොලිස්‌ ස්‌ථානාධිපති ඩී. ඩබ්ලිව්. නිව්ටන්ගේ දකුණු පාදයෙන් කොටසක්‌ ඉවත් කර තිබේ. ඔහු තමන්ගේ වැරදි වලට විඳවයි. පොලිස් සේවයේ සිටින සමහර නිලධාරින්ද නිව්ටන් මෙන් මිනිසුන්ට ගින්දර දී සිටින අය වේ. ඔවුන්ටද තමන්ගේ වාරය එනු ඇත. දේශපාලකයන්ගේ ඕන එපාකම් වලට අහිංසකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට හිරිහැර කරන පොලිස්කාරයන්ටද අල්ලසට නීතිය අවනීතිය කල පොලිස්කාරයන්ටද කර්මයෙන් ගැලවෙනු නොහැක.