පාකිස්තානය : තලෙයිබාන් සටන්කාමින්ගෙන් ප්‍රහාරයක්.


l කිෂානි වැලිවිටිගොඩ

පාකිස්තානයේ බන්නු නගරයේ පිහිටා ඇති පොලිස් ස්ථානයකට හය දෙනෙකුගෙන් යුත් තලෙයිබාන් සටන්කාමින් ලෙස සැක කෙරෙන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. එම පොලිස් ස්ථානයට ප්‍රහාරය එල්ල වී ඇත්තේ විශේෂ බුද්ධි අංශ නිලධාරින් 9 දෙනෙකු සේවයේ දී සිටි අවස්ථාවේදිය. ප්‍රහාරයට පැමිණි සටන්කාමීන් දෙදෙනෙකු බුර්කා වලින් සැරසී සිටි අතර එක් අයෙකු ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කොට පසුව වෙඩි තැබීමට පටන් ගත් බව ජේෂ්‍ය්ට පොලිස් නිලධාරියෙක් වන නිසාර් අහමෙඩ් ටන්විර් විදෙස් පුවත් එජෙන්සි වෙත ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එක් නිලධාරියෙක් මිය ගොස් තිබේ.