කියන්න අමරේ ඔබ කොයි සිටදෝ එන්නේ

කියන්න අමරේ ඔබ කොයි සිටදෝ එන්නේ
මිනි උෂියත් කරේ බැඳන් හයියෙන් යන්නේ

කොහෙන් කොහොම ආවත් ඇයි විමසන්නේ
කාල්ටන් වලව්වෙන් ඉඳලයි දැන් මම එන්නේ

පොලිස්පතිත් නිල ඇඳුමේ චූ කරගත්තේ
ඔබ දුටු විට පොලිසියත් සරෙන්ඩවූයේ

සාටකයෙන් වහල තමයි මම වැඩ දෙන්නේ
ඇඩ්රස් නැති මිනී තමයි මම මරවන්නේ

තංගල්ලේ උසාවියත් අද බලු වුයේ
විනිසුරු චන්ද්රසේන ඔබ හට වැන්දේ

සාටකයේ බලය තමයි තොපි ඔය දැක්කේ
මිනී මැරුවත් මගේ පියා මා රැක ගන්නේ

මේ වෙනකොට ගේම් ගොඩක් දුන්නනේ අයියේ
නීතිය වල් වැදුනද මේ සිරිලංකාවේ

නීතිය නම් සාටකයි දැනගනු හෙල්ලී
ඌ කිව්වොත් මම මරනවා නියතයි මල්ලි

ඔහොම මිනී මැරුවම අයියට බය නැද්ද
සොත්ති උපාලිලා ගිය දිහාවේ යන්නට වෙයිද

සොත්තියාල සන්ජිවලා කවුරුද මල්ලි
හේත්තු උනේ නම් මම රජාට නියමයි සල්ලී

ගෑනු ගොඩක් ජුලම්පිටියේ අඬනවා අමරේ
මොකද අනේ ගැටගහලා දූෂණ කෙරුවේ

තුවක්කුවේ ආතල් එක ඕකනේ මල්ලි
මම පැන්නොත් ගේකට නම් දෙන්නේ නෙල්ලී

අපරාධම කෙරුව නේද ජිවිත කාලේ
හිතෙන්නැද්ද අතාරින්න ඕවා අමරේ

සාටකයාගේ ඕඩර් මයි මම මේ කෙරුවේ
එක නිසා මට පව් නෑ ඌටයි කරුමේ

අනාගතේ මොනවද ඔබ කරන්න ඉන්නේ
තවත් මිනී මරන්නද හිතාන ඉන්නේ

කාල්ටන් එකෙන් දුන්නොත් ඕඩර් මල්ලි
මම තියනවා මිනි උෂියෙන් වටේට පිල්ලී

කියන්න අමරේ ඔබ කොයි සිටදෝ එන්නේ
මිනි උෂියත් කරේ බැඳන් හයියෙන් යන්නේ

තංගල්ලේ උසාවියට මම දිව යන්නේ
මරණ දෙකේ රස්නේ නිසා ඇතුලට යන්නේ

ඇතුලට ගියාම ඔබ හට කරදර නැද්ද
ජුලම්පිටිය ගම අමතක වෙන්නේ නැද්ද

ඇතුලේ මට රජ සැප බව දන්නේ නැද්ද
මහා රජාගේ අලුගෝසුවා මේ මම නේද

අනේ මන්දා අමරේ අයියා හොඳ වෙන්නැද්ද
මිනි නොමරා ජිවත් වෙන්නට බැරිද

මේක තමයි මගේ කරුමේ ඇත්තයි මල්ලි
අපි ඉපදුනේ කඹුරන්නට රජාට වෙල්ලී

සාටකයේ රහස් ගොඩක් දන්නා හන්දා
යම් දවසක වැඩක් දෙයිද ඔබහට මන්දා

ඒවා වලට මමත් දොරේ සුදානම් නේ
අපි කරපුව ලියලයි මම තියෙන්නේ පානේ

එහෙනම් ඔබ ගිහින් එන්න අමරේ අයියේ
ඔබ එනතුරු කට්ටිය ඇති ගංජා හේනේ

මම යනවා සැප ගන්නට තංගල්ලේ
සාක්කියට එන එවුන්ට දීපන් ලෙල්ලේ