ඔබාමා සහය පළකලද සමලිංගික විවාහ පිළිබද ආකල්ප වෙනස් වුයේ සුළු වශයෙනි.

ඇමෙරිකන් ජනාදිපති බැරක් ඔබාමා ගිය මාසයේ තමන් සමලිංගික විවාහ වලට සහය දක්වන බව ප්‍රකාශ කළේය. අලුත් ජන්ද විමසීම් වලට අනුව මෙය ඔහුගේ තරුණ ලිබරල් සහායකයින් තුල උද්යෝගයක් ඇති කලද රිපබ්ලික් සහ කොන්සවෙටිවූ සහායකයින්ගේ බලවත් විරෝදයට හේතු වී ඇත. මේ විෂය සම්බන්දයෙන් ජාතියේ ආකල්පය තුල බෙදීමක් දක්නට ලැබේ. කෙසේනමුත් රිපබ්ලිකන් ජනාදිපති අපේක්ෂක ලෙස තරග කරන ප්‍රතිවාදී මීට් රොට්නිට වඩා ජනතාව ඔබාමාට කැමැත්ත පල කර සිටි. මේ කරුණු සොයා ගත්තේ අසොසියටෙඩ් ප්‍රෙස් ජි ෆ ක් පැවැත්වූ සමීක්ෂණයක් මගිනි. චන්ද විමසීමේදී 42% ක් සමලිංගික විවාහ වලට විරුද්ද වූ අතර 40 % පක්ෂවද 15 % ක් චන්දය ප්‍රකාශ කිරීමෙන්ද වැලකි සිට තිබේ. ජනාදිපති අපේක්ෂකයින්ගෙන් වඩාත් සමාජ කරුණු ගැන එනම් සමලිංගික විවාහ සහ ගබ්සාව ගැන හොදින් කටයුතු කරන්නේ කවුද යන්න පිළිබද කල මත විමසුමේදී ඔබාමා මැයි 09 කල ප්‍රකාශය පිලිබදව වැඩි ආකල්පමය වෙනසක් සිදුවී නැත. එම ප්‍රකාශයෙන් පසුව කල චන්ද විමසීමේදී ඔබාමාට පක්ෂව 52% ක් ද රෝම්නිට 36 % ක් ද වශයෙන් චන්ද ලැබී ඇත.

හර්ෂි සි. පෙරේරා