l කිශානි වැලිවිටිගොඩ
ජපානයේ 78 හැවිරිදි අධිරාජ්‍යයා හට ටෝකියෝ විශ්වවිද්‍යාල රෝහලේදී සිදු කරන ලද පැය පහකට ආසන්න කාලයක් ගත වූ හදවත් සැත්කම සාර්ථකව සිදු කළ බව ජපානයෙන් වාර්තා වේ. අකිහිතෝ අධිරාජ්‍යයා ගෙවී ගිය මාස කිහිපයේදී අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පීඩා වින්ද අතරම කිහිප වතාවක්ම රෝහල් ගත කිරීමට සිදු විය.
අධිරාජ්‍ය හිරිහිතෝ සහ අධිරාජ්යනි නාගාකෝ කුණියට් ට දාව 1933 දෙසැම්බර් 23 වන දින ටෝකියෝ නුවරදී සුගුනෝමියා අකිහිතෝ එම පවුලේ පස් වන දරුවා වන අතරම පළමු පිරිමි ළමයාද විය. ජපන් පුරාවුර්ත වලට අනුව අකිහිතෝ ජපානයේ ප්‍රථම අධිරාජ්‍යයා වන ජිම්මු අධිරාජ්‍යයාගේ උරුමයෙන් පැවත එන පුද්ගලයෙකි. අධිරාජ්‍ය හිරෝහිතොගේ අභාවයෙන් පසුව පත් වූ 125 වෙනි අධිරාජ්‍යයා වන්නේ අකිහිතෝ අධිරාජ්‍යයා ය .
Post a Comment