"රෝහණ විජේවීර සහෝදරයාගේ අප රක්නා උරුමය"

ඊයේ පස්වරුවේදී වත්තල පුරහලේදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා විසින් ඉදිරිපත් කල දේශනයේ අදහස් පහත පල වේ, අදාළ සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබුනේ වමේ අපි අධ්‍යයන කවය විසිනි.

" වමේ ව්‍යාපාරය ගැන කතා කරනවා නම් රෝහණ විෙජ්වීර සහෝදරයා මගහැරලා යන්න බැහැ. ලංකාවේ වමේ ව්‍යාපාරය ගමන් කරන්න ඕන මොන දිශාවටද කියලා සාකච්ඡා කරද්දී රෝහණ විෙජ්වීර සහෝදරයා මග හැරලා යන්න බැහැ. ඔහු ශ්‍රී ලංකාවේ විප්ලවීය නැගිටීම් දෙකකට නායකත්වය දුන්නා. ලංකාව තුළ, තම අරමුණ වෙනුවෙන් ජීවිතය පූජා කළ එකම පක්ෂ නායකයා රෝහණ විෙජ්වීර සහෝදරයා.

අපි රෝහණ විෙජ්වීර සහෝදරයා ගැන කතා කරන්නේ මේ ඔක්තෝබර් මාසය නිසා නොවෙයි. මොකද එහෙමත් එකක් තිඛෙනවා. නොවැම්බර් මාසයේ අය වැය එන නිසා උද්ඝෝෂණ කරනවා. කම්කරුවන් ගැන කතා කරන්නේ මැයි මාසයේ. හරියට අප්‍රේල් මාසය කට්ටු වෙන කොට කොහා අඬනවා වගේ. නමුත් මේක එහෙම සාකච්ඡාවක් නොවෙයි. නොවැළැක්විය හැකි විදියට මේ සංවාදය ඔක්තෝබර් මාසයේ අවසන් දිනවලට යෙදී තිඛෙනවා.

ඒ වගේම මේක රෝහණ විෙජ්වීර සහෝදරයාගේ අයිතිය ඩැහැ ගන්න කරන එකකුත් නොවෙයි. මොකද සමහර කාටූන්වල එහෙම ඇඳලා තිබුණා. රෝහණ සහෝදරයාගේ පින්තූරය දෙපැත්තෙන් අදිනවා. අපට එහෙම අවශ්‍යතාවක් නැහැ. ලංකාවේ වමේ ව්‍යාපාරය ගැන සංවාදයක් අවශ්‍යයි. ඒ සඳහායි මේ සාකච්ඡාව.

රෝහණ විෙජ්වීර සහෝදරයාගේ ඉතා ප්‍රසිද්ධ කියමනක් තිඛෙනවා. ඒ තමයි, අප මිනිසුන් හැදිය යුත්තේ අප සමග යාමට නොව, අප පසුකර යාමටයි කියලා. රෝහණ විෙජ්වීර සහෝදරයා ඝාතනය කොට ගත වූ පසුගිය වසර 22 තුළම රෝහණ සහෝදරයා ඉක්මවා යාමට නොවෙයි, ඔහු අසලට ලං වීමටවත් ලංකාවේ වමේ ව්‍යාපාරය සමත් වුණේ නැහැ. ඒ නිසා ඔහුට ළං වෙන්නවත් බැරි මතවාදීමය හා ප්‍රායෝගික දරිද්‍රතාවක සිටින අතරේ ඔහු ඉක්මවා යන්නේ කොහොමද කියන සංවාදයයි අපට කිරීමට සිදුව තිඛෙන්නේ. රෝහණ විෙජ්වීර සහෝදරයාත් දිවි පිදූ අනෙක් සියලූ දෙනාත් වෙනුවෙන් දැක්විය හැකි ඉහළම ගෞරවය වන්නේ ඔවුන් ඉක්මවා යන දේශපාලනයක්, ඔවුන් ඉක්මවා යන මිනිසුන් හදන එකයි.

සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය - රෝහණ සහෝදරයා එම පක්ෂ හැඳින් වූයේ පැරණි වම කියලා, නමුත් දැන් තවත් පැරණි ඒවා ඇවිත් තිඛෙනවා - ඉපැරණි වම අවස්ථාවාදී මඩගොහොරේ හිර වෙලා, සභාග දේශපාලනයේ හිර වෙලා, ධනපති පක්ෂවල වලිග බවට පත් වෙලා තිබුණා. ඇමතිකම්වලට, වරප්‍රසාදවලට වැඩ කරන ජනතාව පාවා දෙන තත්වයට පත් වෙලා තිබුණා. රෝහණ විෙජ්වීර සහෝදරයා හිතුවා, ලංකාවේ වමේ ව්‍යාපාරය හරි පීල්ලට ගෙන එන්න. අවස්ථාවාදයෙන් මුදා ගන්න. පංති සහයෝගීතාවයෙන් නැත්නම් සභාග දේශපාලනයෙන් මුදා ගන්න. රෝහණ සහෝදරයා ඒක කළා. වමේ ව්‍යාපාරයට නව සම්ප්‍රදායක් හඳුන්වා දුන්නා.

කාට හරි කියන්න පුළුවන් රෝහණ සහෝදරයා චීන පිළ කැඩුවා කියලා. පක්ෂය කැඩුවා කියා අවලාද කරපු අයට රෝහණ සහෝදරයා කිව්වේ, කෑ ගහන්න එපා අපි පක්ෂය හදනවා, කඩන්න පක්ෂයක් නැහැ කියලා. වමේ ව්‍යාපාරය භේද කළා කියා කියපු අයට රෝහණ සහෝදරයා දීපු උත්තරය තමයි, අපි වමේ ව්‍යාපාරය භේද කළේ නැහැ. මොකද භේද කරන්නවත් වමේ ව්‍යායාපාරයක් තිබුණේ නැහැ කියලා. වමේ ව්‍යාපාරය අවස්ථාවාදයට ගිහින් තිබුණා. අද අපටත් කියන්න තිඛෙන්නේ ඒකමයි.

ඉපැරණි වමේ නායකයින් වමේ දේශපාලනය කළේ ජීවිතයේ පොඩි වෙනසකට. ඔවුන් උදේට එක්කෝ උසාවියේ එහෙමත් නැත්නම් රෝහලේ රැකියාව කරනවා. දවල් කෑමෙන් පස්සේ වෘත්තිය සමිති කාර්යාලයට ගිහින් පැයක් දෙකක් දේශපාලනය කරනවා. රෑට නැවතත් සමාජශාලාවලට යනවා. නමුත් රෝහණ විෙජ්වීර සහෝදරයා තමයි මුලින්ම මුළු ජීවිතයම දේශපාලනය වෙනුවෙන් කැප කළේ. ජීවිතය තුළත් මරණය තුළත් ඔහු ඒක ඔප්පු කළා. ලංකාවේ පළමු වෘත්තිය විප්ලවවාදියා බවට ඔහු පත් වෙන්නේ ඒ නිසායි.

රෝහණ සහෝදරයා තමන්ට මතු වුණු දුෂ්කරතාවලදී විශ්වාසය තැබුවේ පන්තිය කෙරෙහියි, වැඩ කරන ජනතාව මතයි. එහෙම නැතිව විදේශාධාර ගැනවත්, මොකක් හරි සංවිධානයක් ගැනවත්, එහෙමත් නැත්නම් කවුරුහරි ධනපතියෙක් එක්ක පවත්වන යාළුකම් ගැනවත් නොවෙයි.

රෝහණ සහෝදරයා විශ්වාසය තිව්වේ ජනතා බලවේග මත, බෝඩ් ලෑලි හෝ නාම පුවරු මත නොවෙයි. අද සමාජවාදී ශිෂ්‍ය සංගමය නමින් මාධ්‍ය හමුවක් පවත්වා තිඛෙනවා. ඒකෙදි කියා තිඛෙනවා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක මාරු කළා කියලා. නමුත් ඒකේ ශිෂ්‍යයින් නැහැ. 2008 මාර්තු 16 වැනිදා මහරගම තරුණ මධ්‍යස්ථානයේ තිබුණු සමුළුවේදී ඉදිරි වසර පහ සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ලෙස චමීර කොස්වත්ත සහෝදරයා තෝරා ගත්තා. ඒ අනුව 2013 වන තුරු ජාතික සංවිධායක වන්නේ චමීර කොස්වත්ත සහෝදරයා. ඒක වෙනස් කරනවාද කියා තීරණය කරන්නේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික මහ සමුළුවකින්. එහෙම නැතිව මාධ්‍ය හමුවකින් නොවෙයි. ඒ කිසිවක් නැතිව මාධ්‍ය හමුවක් තියලා කියනවා, ජාතික සංවිධායක මාරු කළා කියලා. ශිෂ්‍ය සංගමය කියලා කියන්නේ වෙන මොකක්වත් නොවෙයි, මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සහ පාසල් ශිෂ්‍යයින්. අඩුම තරමින් සරසවි ශිෂ්‍යයින්වත් නොවන පිරිසක් ඇවිත් කියනවා, අපි තමයි ශිෂ්‍ය නායකයින් කියලා. කවුරුවත් පිළිගන්නේ නැහැ. අර කතාවක් තියෙනවා වගේ අපට කියන්න තියෙන්නේ "ඔහේගෙ නං ඔහේ ගන්න" කියලා.

රෝහණ විෙජ්වීර සහෝදරයා කිව්වා අපි වඩාත්ම කැමති ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියන නමටයි කියලා. නමුත් ඒ වෙන කොට කොමියුනිස්ට් පක්ෂය කියන නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරලා තිඛෙන නිසා, අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට වැඩ කරනවා, නමුත් අපි හිතනවා අපි තමයි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියලා. නම නොවෙයි වැදගත් වෙන්නේ සමාජවාදය පිහිටුවීමයි කියලා. අපට නම් වැඩක් නැහැ. සමාජවාදී කියලා නමක් දා ගන්න එක නොවෙයි අපට අවශ්‍ය, සැබෑ ලෙසම ලංකාවේ සමාජවාදය පිහිටුවීමයි.

කිසියම් රටක නිර්ධන පන්තියේ සංවර්ධනයේ මට්ටම ඒ රටේ පන්ති ව්‍යාපාරයට බලපානවා. ඒ නිසා පන්ති ව්‍යාපාරයේ තිඛෙන දුබලතා කියන්නේ වෙන මොකක්වත් නොවෙයි, නිර්ධන පන්තියේ දුබලතා. සමාජ ව්‍යාපාරයේ මට්ටම පුද්ගල පෞරුෂයට බලපානවා. ඒ නිසා රෝහණ සහෝදරයා තුළත් සාධනීය ලක්ෂණ වගේම නිශේධනීය ලක්ෂණ තිබුණා. නමුත් ඔහුගේ ඝාතනයෙන් පසු ගෙවී ගිය වසර 22 පුරාම වමේ ව්‍යාපාරය ඒ පිළිබඳව සංවාදයක් කරනවා වෙනුවට, ඒ සංවාදය මගහැර ගියා. නමුත් අද ඒ සංවාදය අවශ්‍ය වී තිඛෙනවා.

රෝහණ විෙජ්වීර සහෝදරයාගේ උරුමය ගැන කතා කරද්දී ප්‍රධාන වන්නේ ඔහුගේ සම්මුතිකාමී නොවීමේ ගුණයයි. ඔහු ධනේෂ්වර පසුගාමීත්වය සමග, ආසියාතික නෂ්ඨාවශේෂ සමග සම්මුතිකාමී වුණේ නැහැ. ධනවාදයේ සංවර්ධනයේ මට්ටම ඉපැරණි වමේ ව්‍යාපාරය දැක්කේ විප්ලවයට බාධාවක් ලෙස. ඒ නිසා තමයි ඔවුන් කිව්වේ, කොස් දෙල් තිඛෙන තුරු ලංකාවේ විප්ලවයක් කරන්න බැහැ කියලා. නමුත් රෝහණ සහෝදරයා තත්වය නිවැරදිව තේරුම් ගෙන ඊට ගැලපෙන ලෙස වැඩපිළිවෙළ සකස් කළා. කොස් දෙල් තිඛෙන තුරු විප්ලව කරන්න බැහැ කිව්ව ජනතාව රෝහණ සහෝදරයාත් එක්ක එකට අත්වැල් බැඳ ගෙන ඉතා විශාල කැප කිරීම් කළා.

ඉපැරණි වමේ ව්‍යාපාරයට පවතින තත්වය ගැන විග්‍රයක් තිබුණේ නැහැ. ඒ නිසා තත්වයට යටත්වීම හැර වෙනත් විකල්පයක් ඔවුන් වෙත තිබුණේත් නැහැ. ධනපති පක්ෂවල වලිග බවට පත් වෙන, වලිගවාදයට ගියේ ඒ නිසායි.

ඒ වගේම රෝහණ විෙජ්වීර සහෝදරයා යථාර්ථය දකින්නේ නැති මනෝරාජිකවාදයෙක් වුණෙත් නැහැ. ඔහු ඉතාම ප්‍රායෝගික මනුස්සයෙක්. නමුත් ප්‍රායෝගිකවාදියෙක් වුණේ නැහැ. යථාර්ථය බාධාවක් වුණු වෙලාවලදී ඒ ඉදිරියේ දණ ගැහුවේ නැහැ. ඒ වෙනුවට යථාර්ථය වෙනස් කලා. සමාජයේ ජාතිවාදය තිඛෙනවා නම් ඒක පොඩ්ඩක් කොනිත්තලා ඡන්ද ගන්න හිතුවේ නැහැ. ප්‍රතිපත්තිමත පදනම් වෙලා ප්‍රායෝගික දේශපාලනයක් කළේ.

අද ඕනෑම නිහීන වැඩක් කරලා ඒක උපක්‍රමයක් කියා ඇතැමුන් කියනවා. රෝහණ සහෝදරයා එහෙම කළේ නැහැ. ඔහු වෛද්‍ය උපාධිය ගන්නා තුරු උපක්‍රමයක් ලෙසවත් සෝවියට් නිලධාරීන් එක්ක යාලූ වුණේ නැහැ. ඒ වෙනුවට සෝවියට් දේශයත්, චීනයත් විවේචනය කළා. සෝවියට් දේශය කියා රටක් අද නැහැ. අද තිඛෙන්නේ රුසියාව කියා ධනපති රටක් සහ තවත් කුඩා රටවල් පද්ධතියක්. මේ තත්වය අවුරුදු 25කට කලින් දුටු රෝහණ සහෝදරයා ඊට විරුද්ධව අරගල කළා. "අවස්ථාවාදයද, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයද" කියන පොතේ රෝහණ සහෝදරයා චීනයත් සෝවියට් දේශයත් හඳුන්වන්නේ පිරිහුණු කම්කරු රාජ්‍යය කියලා.

ඒ වෙලාවේ ලෝකයේ තිබුණු සියලූම සමාජවාදී රාජ්‍යයන් යැපුනේ එම රටවල් දෙකෙන්. ඔවුන්ගේ උදව් නැතිව නැගී සිටින්න බැහැ කියා මතයක් තිබුණා. ඒ නිසා රෝහණ සහෝදරයාටත් තිබුණා ප්‍රායෝගික තත්වයට යට වෙලාඉන්න. නමුත් ඒ වෙනුවට ඔහු නිවැරදි ස්ථාවරක සිට ඊට එරෙහිව අරගල කළා. 1990 වන විට රෝහණ සහෝදරයා අවුරුදු 25කට පෙර ඉදිරිපත් කළ අනාවැකිය සඵල වුණා.

රෝහණ විෙජ්වීර සහෝදරයාගේ ජීවිතයෙන් විශාල කාලයක් ගත කළේ පන්ති සහයෝගීතාවාදයට සහ නිලධාරීවාදයට එරෙහි අරගලය සඳහා. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගුවේ සභාග දේශපාලනයට සහ නිලධාරීවාදයට විරුද්ධ පක්ෂයක් ලෙසයි. නමුත් රෝහණ සහෝදරයා ගොඩනැගූ ව්‍යාපාරය ඒ අගතීන්ට ගොදුරු වුණා. සමාජය වෙනස් කරනවා වෙනුවට සම්මුතිකාමීත්වයේ ගොහොරුවට වැටුණා. ඒ පිළිබඳව අපට සංවාදයක් තිඛෙනවා.

රෝහණ සහෝදරයාගේ භාවිතාව තිබුණේ සමාජය වෙනස් කරන්න. ඒ නිසා තමයි ඔහු මිය ගොස් අවුරුදු 22කට පසුවත් සතුරන් ඔහුට විරුද්ධව අවලාද නගන්නේ. දැන් දින දෙක තුනකට කලින් ඉංග්‍රීසි පත්තරයක ලිපියක් තිබුණා. ඒ ලිපියෙන් රෝහණ සහෝදරයාට විශාල වශයෙන් අවලාද නගා තිබුණා. ඔහු මිය ගොස් අවුරුදු 22කට පසුවත් සතුරන් ඔහුට බය ඇයි?

කවුරු හරි රතු කමිස ඇන්දට ධනපති පන්තිය බය වෙන්නේ නැහැ. ලිප්ටන් එකට ගිහින් පිකට් කළාට බය වෙන්නේ නැහැ. ටී වී සංවාදවලට ගිහින් ආණ්ඩුවට බැන්නට බය වෙන්නේ නැහැ. නොවැම්බර් මාසෙදි අය වැයට විරුද්ධව උද්ඝෝෂණ කළාට, කැළැන්ඩරේට අනුව අරගල කලාට බය වෙන්නේ නැහැ. ඒ විරෝධය ධනපති ක්‍රමයට ඕන. සෑම ධනපති රටකම විපක්ෂයක් තිඛෙන්නේ ඒකට.

රෝහණ සහෝදරයා ඒක නොවෙයි කළේ. මහපොළොවට බැහැලා ජනතා බලවේග සංවිධානය කළා. ජනතා බලවේග අරගලයට ගෙනාවා. පාරට ගත්තා. අන්න ඒකටයි ධනපති පන්තිය බය වුණේ.

එදා එකම මන්ත්‍රී ධුරයක්වත් නැතිව රෝහණ සහෝදරයා නිර්ධන පන්තියට ජයග්‍රහණ දිනා දුන්නා. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කළේ ධනපති ආයතනවල බලය තියාගෙන නොවෙයි. එකම මන්ත්‍රී ධුරයක්වත් නැතිව ඒ සටන ජය ගත්තා. නමුත් අද තත්වය මොකක්ද? හැම තැනකම මන්ත්‍රීවරු ඉන්නවා, හැම හන්දියක් ගානෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වෙනවා. මන්ත්‍රී ධුර තිබුණාට ඒවා පරද්දන්න බැරි වුණා.

විලාසිතාවක් ලෙස රතු කමිසයක් ඇඳගෙන බයිට් එකට වමේ දේශපාලනය හප හප ඉන්න අයට තිඛෙන රැඩිකල් තෘප්තිය ගන්න එක නොවෙයි වමේ දේශපාලනය කියන්නේ. ධනපති ක්‍රමය අර්බුදයට යද්දී ඒකට මුක්කු ගහලා, ධනපති ක්‍රමයට නායකයින් නැතිවෙද්දී නායකයින් හදලා රැඩිකල් දේශපාලනයේ ආස්වාදය විතරක් ගත්තා. රෝහණ විෙජ්වීර සහෝදරයා අපේක්ෂා කළේ ඇත්තටම පීඩිත බලවේග, දුක් විඳින මිනිසුන් සංවිධානය කරන දේශපාලනයක්.

වරදක් වුණා නම්, අඩුපාඩු වුණා නම් ඒක දැකලා නිවැරදි කර ගත යුතුයි. රෝහණ සහෝදරයාට වැරදි දකින්න ධෛර්යය තිබුණා වගේම සමාජය ඉදිරියට ඇවිත් ඒ වැරදි පිළිගන්න ධෛර්යය තිබුණා. ඒ වැරදි නිවැරදි කර ගන්න ධෛර්ය තිබුණා. ඒකයි රෝහණ සහෝදරයා හඳුන්වා දුන් සම්ප්‍රදාය. නමුත් පසුගිය අවුරුදු 22 තුළම අපි එහෙම කළේ නැහැ. ඒක අවාසියි කියා හිතුවා. අවශ්‍ය නැහැ කියා හිතුවා.

රෝහණ විෙජ්වීර සහෝදරයා 1965ට සාපේක්ෂව අලූත් දෙයක් කළා. දැන් අප ඉදිරියේ තිඛෙන්නේ මේ මොහොතට සාපේක්ෂව අලූත් දෙයක් කරන්නේ කොහොමද කියන අභියෝගය. වමේ ව්‍යාපාරය නව මානයක පිහිටුවන්නේ කොහොමද කියන අභියෝගය. ඒ නව ව්‍යාපාරය සතු, නව මිනිසා සතු ගුණාංග තුනක් තිඛෙනවා කියා අපි විශ්වාස කරනවා. පළමු එක බුද්ධිමත් බව. මුහුණ දෙන යථාර්ථය තේරුම් ගන්න, හඳුනා ගන්න බුද්ධිමත් භාවයක් තිබිය යුතුයි.

දෙවැනි එක ධෛර්යය. තමන් පිළිගන්නා සත්‍ය වෙනුවෙන් පෞද්ගලිකව සිදු වන පසු විපාක නොසලකා කටයුතු කරන්න ධෛර්යය තිඛෙන්න ඕන. ඒ වගේම හෘදය සාක්ෂිය තිඛෙන්න ඕන. පීඩිත ජනතාව පිළිබඳ හෘදය සාක්ෂියක් තිබිය යුතුයි. ඒකයි වැදගත්ම දේ.

ඒ නිසා බුද්ධිමත්, ධෛර්යය සම්පන්න, හෘදය සාක්ෂියක් තිඛෙන නව වමේ ව්‍යාපාරයක් හදන්නේ කොහොමද කියන අභියෝගයයි අප ඉදිරියේ තිඛෙන්නේ.


Tell a Friend