මේ අපේ මුර දේවතාවුන්ය. බල්ලන්ය. මේ අපේ රණ විරුවන්ය. මැරයන්ය.

රටේ නිතිය සහ සාමය රැකීමට නම් පළමුව පොලිසිය සහ හමුදාව නීතිගරුක විය යුතුය. ඒ සදහා උපදේශනය, මානව හිමිකම් පුහුණුව, දනාත්මක චින්තනය සහ එස් 05 කියා දීමෙන් මෙතෙක් ප්‍රතිපලයක් නැති බව මොනාට පැහැදිලිය. එවැනි කටයුතු වල යෙදෙන්නන්ද බන කියමින් කරන්නේ මේ නිල බලය මත අපරාද කරන්නවුන්ට වක්‍රව සහය වීමකි.


හර්ෂි සි. පෙරේරා
පහත දැක්වෙන්නේ අපේ රටේ නිතිය සහ සාමය ආරක්ෂා කිරීමට සිටින්නවුන්ගේ වැඩය. ඔවුන් දේවතාවුන් ලෙස හැදින්වුවත් බල්ලන්ය. රණ විරුවන් ලෙස හැදින්වුවත් මැරයන්ය.

රටේ නිතිය සහ සාමය රැකීමට නම් පළමුව පොලිසිය සහ හමුදාව නීතිගරුක විය යුතුය. ඒ සදහා උපදේශනය, මානව හිමිකම් පුහුණුව, දනාත්මක චින්තනය සහ එස් 05 කියා දීමෙන් මෙතෙක් ප්‍රතිපලයක් නැති බව මොනාට පැහැදිලිය. එවැනි කටයුතු වල යෙදෙන්නන්ද බන කියමින් කරන්නේ මේ නිල බලය මත අපරාද කරන්නවුන්ට වක්‍රව සහය වීමකි.

2011/9/10 සිද්දිය 01

ගංජා කිලෝ 242ක් තම නිලවාහනයෙන් ප‍්‍රවාහනය කළ බව කියන සුරාබදු නිලධරයෙක් තණමල්විල උඩවලව මාර්ගයේ පහළොව හමාර කණුව මාර්ග බාධකයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.

2011/9/11 සිද්දිය 02

සිතුල් පවුවේ කොරගහඋල්පතදී මුවකු මැරී යැයි සැකපිට සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළකු බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. යාල වන සතුන් මැරීම දිගින් දිගටමට සිදුවෙතියි සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නා හිමියෝ කියතිගනිදන් හෑරු සෙබළුත් රිමාන්ඞ්.

2011/9/9 සිද්දිය 03

විල්පත්තු බටහිර මායිමේ ඔයාමඩුවේ නිදන් හාරමින් සිටි හමුදා සෙබළුන් තිදෙනකු ඇතුළු අට දෙනෙක් අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. සෙබළුන් දැයට කිරුළ රාජකාරියට ආ අය බවත් නිදන් හැරීමට යොදාගත් බැකෝව ද එහි වැඩට ගෙන ආ යන්ත‍්‍රයක් බවත් පොලිසිය අධිකරණයට දැන්වීය. නිදන් හෑරු සෙබළුත් රිමාන්ඞ්. එස්.අයි.රිමාන්ඞ්.

2011/9/8 සිද්දිය 04

බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ නඩුවක පැමිණිල්ලේ සාක්කිකාරියට බලපෑම් කැර අපරාධකරුවන් බේරා ගැනීමට තැත්කළැයි සැකපිට කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ අංශයේ උප පරීක්‍ෂක රංජිත් බණ්ඩාර ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කෙළේය. අධිකරණ නියෝගයක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. මේ ගැන පරීක්‍ෂණ පවත්වා ප‍්‍රගතිය දන්වන්නැයි මහේස්ත‍්‍රාත් උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සී.ඞී වික‍්‍රමරත්න මහතාට ද නියෝග කෙළේය. කැලේ කැපුවාට හමුදාවට නඩු.

2011/9/8 සිද්දිය 05

පදවිය නිකවැව රජයේ වනාන්තරයක් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කැර ගොඩනැඟිලි හා පිවිසුම් මාර්ගයක් ද හදා පදිංචි වී සිටින නිකවැව යුද හමුදා විශේෂ බළකා කඳවුරේ නිලධරයනට එරෙහිව වන ආඥා පනත යටතේ නඩු පවරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා කැබිතිගොල්ලෑව අඩවි වන නිලධාරි ජිනදාස හේරත් මහතාට නියෝග කෙළේය. ආරක්ෂක අමාත්‍යංශ අනුමැතියෙන් පුහුණු කඳවුරක් පිහිටුවන බව අධිකරණට පවසා ඇතත් එවැනි අවසරයක් ඉදිරිපත් කිරීමට එහි අණදෙන නිලධාරි මේජර් එම්.ඩි.එල්.ඒ කුමාර හා කපිතාන් ඩි.ජී.අයි ජයරත්න අපොහොසත් වූහ. එස්.අයි තුන් දෙනකු බැඳලා.

2011/9/6 සිද්දිය 06

ගැහැණුන් තිදෙනකු විවාහ කැරගත් බව කියන උප පොලිස් පරික්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන බව හලාවත පොලිසිය කියයි. හලාවත කතක හා විවාහ වී දරුවකු ද සිටින ඔහු ඉන්පසු කඳානේ හා තවත් පළාතක කතක හා විවාහ වී ඇති බවත් විවාහ සහතික තුනම සොයාගෙන ඇති බවත් සහකාර පොලිස් අධිකාරී ඊ.එස් දයාරත්න මහතාට වාර්තා කැර ඇත.

2011/9/5 සිද්දිය 07

අනුරාධපුර බුලන්කුලම දළුක්කුලමේ ඉපැරැණි නටඹුන් ඇති හේනක නිදන් හෑරූ යුද හමුදා කොමාන්ඩෝ භටයන් දෙදෙනකු හා ගුවන් හමුදා භටයකු බව කියන තිදෙනකු හා තවත් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයිගදැරිය කෙළෙසීම හත් දෙනෙක් රිමාන්ඞ්.

2011/9/4 සිද්දිය 08

අපොස උසස්පෙළ විභාගය හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පැවැති මාතර තෙලිජ්ජවිල රාජකීය විදුහල් මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලකදී දස හැවිරිදි දැරියක කෙළෙසීම හා ඊට ආධාර හා අනුබල දුන්නැයි සැකපිට අත් අඩංගුවට ගත් පස් දෙනෙක් මාතර අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූහ. සිවුදෙනෙක් රුපියල් ලක්‍ෂය බැගින් වූ ඇපමත මුදාහරිනු ලැබූහග සැකකරුවන් නව දෙනාගෙන් පස් දෙනකු මත්පැන් බී සිටි බව අකුරැස්ස රෝහලේ වෛද්‍ය සී.වී.පී සුනිල් මහතා වාර්තාවක් ඉදිරිපත් කැර ඇතැයි පොලිසිය මහේස්ත‍්‍රාත්වරියට දැනුම් දුන්නාය.

දෙනිපිටියල උඩුකාවේ කිරිත්ගොඩ ගමගේ බුද්ධික නුවන් කුමාර (:30*) නම් හිටපු ගුවන් භටයාද දෙනිපිටිය කට්ටිය දුවේ බන්දුල හේවා පතිරණ නම් විභාග ශාලාධිපතිද දෙනිපිටියේ බෝපිටිය මහ ගමගේ ඉන්දික සුරංග නම් මුරකරුද හල්ලල වැලිපිටියේ සරත් හේවාපතිරණ :(17403)* නම් අකුරැස්ස පොලිසියේ සැරයන්ද තෙලිජ්ජවිල අකුරුගොඩල පදිංචි කිරිත්ගොඩගමගේ ප‍්‍රදීප් කුමාර (:56075)* කොස්තාපල්ද :ගුවන් භටයාගේ සොහොයුරෙකි. රිමාන්ඞ් බාරයට පත් කළ අයවෙති. තෙලිජ්ජවිල කිරිමැටිමුල්ලේ පදිංචි දීයගහ වඩුගේ ධර්මතිලක :හා.කනහලාගම විදුහල්ති හා විභාග සම්බන්ධීකරණ නිලධරයාද පාලටුව දඹකොලේවත්තේ රංජන කුමාර වෙත්තසිංහ:විභාග ශාලාධිපති වියන්ගොඩ ආචාරිගේ චන්ද්‍රසිරි (:විභාග ශාලාධිපති) හා කිරිමැටිමුල්ලේ පදිංචි චන්ද්‍රසිරි ජාතුංග දහනායක නම් මුරකරුද රුපියල් ලක්‍ෂය බැගින් වූ ඇප මත මුදා හළ අයවෙති.

මේ සිවුදෙනා මත්පැන් බී නොසිටි බව වෛද්‍ය වාර්තාවේ සඳහන්වේ. අකුරැස්ස පොලිස් පරීක්‍ෂක මහීපාල පතිරණ මහතා විසින් සැකකරුවෝ මහේස්ත‍්‍රාත් නිල නිවසට ඉදිරිපත් කරනු ලැබූහ.

ඉහත සිද්දීන් 08 ට ම සම්බන්ද අපරාදකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කොට දැඩි දඩුවම් පැමිණවිය යුතුය. එසේ වුවහොත් පමණක් මේ රට ඉතා ඉක්මනින් ආසියාවේ ආශ්චර්යක් වනු ඇත.

මේ නිදසුන දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා සමග අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය තුල කැපිපෙනෙන අන්දමින් වර්නබේද වාදයට විරුද්දව කටයුතු කල හිටපු පොලිස් ලොක්කෙකුට අත්වූ ඉරණම පිලිබදවයි.

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ ප්‍රකට එමෙන්ම හිටපු පොලිස් ලොක්කකු වන රොබට් මක්බ්රිඩ්ට වසර හතක සිරදඩුවමක් නියම විය. ඒ 2006 වසරේ බීමතින් රිය පදවා රජයේ වාහනයකට හානි කිරීම සහ යුක්තිය ඉටුවීම වැළැක්වීම වෙනුවෙනි. ඔහු නරක පුද්ගලයකු බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කොට ඇත. ඔහු වර්ණ බෙදවාදයට විරුද්දව සටන් කල පුද්ගලයකු ලෙස ප්‍රසිද්දියක් උසුලයි.





Tell a Friend