ඊලාම් යුද්දය 04: මුන් එරෙහිව යු. එන්


හර්ෂි සි. පෙරේරා

හතරවන ඊලාම් යුද්දයේදී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීමට එහි මහා ලේකම් බැන්කි මුන් කටයුතු ආරම්බ කර තිබේ. මුන් මහතා වැරදි සෙවීම තම ගෙදරින් ආරම්බ කිරීම ඉතා හොදය.

දරුස්මන් වාර්තාවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව එල් ටි ටි ඉ පමණක් නොව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ එක්සත් ජාතින් ගැනත් විවේචන එල්ල විය.

"යුද්ධයේ අවසන් අදියර අතරතුර කාලයේදී එක්සත් ජාතීන්ගේ දේශපාලන අංශ සහ ආයතන සිවිල් ජනයා ආරක්ෂා කිරීමට ගතයුතු පියවර ගැනීමට අපොහොසත් විය. වැඩිවශයෙන් ජාත්‍යන්තර මට්ටමේ ජේෂ්ඨ නිළධාරීන් ප‍්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව ආණ්ඩුවට උපදෙස් දෙන ලදී. ඔවුන් සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙසත් රෝහල් වලට සහ එක්සත් ජාතීන් හෝ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ගොඩනැගිලි පිහිටි ස්ථාන වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරිමෙන් වළකින ලෙසත් පැවසුහ. කමිටුව දරණ මතය වන්නේ තුවාලකරුවන්ගේ සංඛ්‍යා ප‍්‍රසිද්ධවීම නිසා සිවිල් ජනයා ආරක්ෂා කරන ලෙස කළ ඉල්ලීමි දැඩි වු බවත් ඒ අතරවාරයේ වන්නියේ ඇති වු එවැනි සිද්ධීන් හෙලිදරව් වු බවත්ය. ඊට අමතරව යුද්ධය අවසන්වීමත් සමග මානව හිමිකම් කවුන්සිලය 2009 මැයි මාසයේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වු සිය යෝජනාව සම්මත කරන ලදි. එය අසම්පුර්ණ තොරතුරු මත පදනම්ව සිදුකරන ලද්දකි." - දරුස්මන් වාර්තාව.




Tell a Friend