හමුදා බෆලයක හැපී කතක් මරුට !


හමුදා බෆලයක හැපී එක කාන්තාවක් මියගොස් ඇති අතර තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇත. අනතුර සිදුවන විට මෙම කාන්තාවන් දෙදෙනා යතුරු පැදියක ගමන් කර තිබේ. අද සවස පුත්තලම වනාතවිල්ලුව 15 වන සැතපුම් කණුව අසලදී මෙම රිය අනතුර සිදු විය.

අදාල ස්ථානයේදීම කාන්තාව මියගොස් ඇති අතර අනෙක් කාන්තාව පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන්නිය.

රියැදුරා සහ බෆලය වනාතවිල්ලුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පක්ෂ පාට ජාති බේදයකින් තොරව නඩු පැවරීම කළහොත් දුෂිත පොලිසිය යන නවනින්ගිරාවෙන් යම් හෝ සහනයක් ලැබිය හැක.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend