හර්ෂි සි. පෙරේරා
මේ අපරාදය වුයේ 2009 අප්‍රියල් 07 වැනිදා රාත්‍රියේය. අපරාද වින්දිතයා වල්ගමගේ විජයානන්ද නමැති 43 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු මෙම සිද්දියට පෙර කුලී වැඩ කර සිය පවුල නඩත්තු කළේය. ඔහු කොට්ටිගේ වත්ත , තල්පේ, ගාල්ල පදිංචිකරුවෙකි.දුමින්ද, විමල් සංජිව , චතුර සංජිව සහ සිරිල් යන පුද්ගලයින් මොහුගේ ගෙට පැන දිගට හරහට පොලු වලින් පහර දී ඇත. අල්ලපු ගෙදර ප්‍රදීපා රණතුංග කැගසා කිවේ ඔවුන්ව ගෙට දමා ගිනි තියපල්ලා යනුවෙනි. විජයානන්දගේ හිසට වැදුණු පොලු පහර හේතුවෙන් ඔහුට සිහි නැති විය. ඔහු සිහිය එනවිට සිටියේ කරාපිටිය රෝහලේය. සිය බිරිද හා දරුවන් බියේ පලා ගිය අතර අපරාදකරුවන් ගෙටද ගිනි තැබුහ.
අපරාදකරුවන් පොලිස් ඇප මත මුදා හැරීමට හබරාදුව පොලිසිය කටයුතු කළේය. විජයානන්දට සහ පවුලේ උදවියට නඩුව අස් කරගන්නා ලෙස බලපෑම් තියෙන අතර අපරාදකරුවන් දිගටම මරණ තර්ජන කරති. මේ පිලිබදව හබරාදුව පොලිසියට පැමිණිලි කල විට පොලිස්කාරයින් ඔවුන්ට ඇග බදිනා බවට තර්ජනය කර ඇත.
ඇප දීම රීතිය මිස වියතිරේකය නොවේ. අපි එය පිළිගනිමු. ගරු කරමු. සහය පල කරමු. නමුත් මෙවන් බරපතල අපරාදයකදී පොලිසිය ක්‍රියා කොට ඇත්තේ අපරාදකරුවන් ආරක්ෂා වන ආකාරයටයි. විජයානන්දගේ හිසේ තුවාලයට මැහුම් 15 ක් දමන ලදී. වම් කකුලේ අස්ථියක් පිපිරුණු අතර කොඳු නාරටිය බිදුනි. ඔහුට අදටත් වැඩක් පලක් කර ගැනීමට වාරු නැත. ඔවුන්ගේ ගෙට අපරාදකරුවන් ගිනි තැබිය.
ඉතින් අහිංසකයින්ට කුඩු බෝම්බ දමා ඔවුන්ව වසර 06 ,07 සැකකරුවන් ලෙස හිරේ දමන පොලිසිය මේ සිදුවීමේදී අපරාදකරුවන් සම්බන්දයෙන් ක්‍රියා කල හැටි අපුරුය. පුදුමය. නව පොලිස්පති කි ආකාරයට අවශ්‍ය වන්නේ සාරදර්ම කොමිටියක්ද?
Post a Comment