මැති සබයේදී බස හසුරුවාගන්න යැයි සූරියප්පෙරුමට අස්‌වර් කියයි

අමිල ගුණරත්න

පාර්ලිමේන්තුව තුළ කතා කරද්දී "උන්" "මුන්" වැනි පහත ආමන්ත්‍රණ භාවිතා නොකොට ශිෂ්ට භාෂාවකින් මැති සබය අමතන ලෙසට එ.ජ.නි.ස. පත්කළ මන්ත්‍රී ඡේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාට මුලසුනේ සිටි ඒ. එච්. එම්. අස්‌වර් මහතා නියම කළේය. ඡේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා විසින් "උන්" "මුන්" කියමින් මන්ත්‍රීවරුන් අමතන විට "ඔබතුමා ආචාර්යවරයෙක්‌. මේ සභාවේ සිටින සියලුම දෙනා ගරු මන්ත්‍රීවරු. එම නිසා "උන්" "මුන්" යෑයි මන්ත්‍රීවරුන් නම් කරන්න එපා යෑයි අස්‌වර් මහතා මුලසුනේ සිට ප්‍රකාශ කරන ලදී. ඡේ. ආර්. පී. සූරියප්පෙරුම වැනි ජේෂ්ඨ උගත් දේශපාලාඥයන් එවැනි පහත බසකින් මන්ත්‍රීවරුන් අමතන විට චාරයක් නොමැති මර්වින් සිල්වා වැනි ජනතා නියෝජිතයන් මැති සබයේදී කුණුහරුප කීම සාධාරණිකරණය වන බව තේරුම් ගත යුතු කරුණකි

Tell a Friend