පයාගල පොලිසිය රණවිරුවෙකුට බොරු නඩු දමයි.

හර්ෂි සි. පෙරේරා
දේවමුණි දුමින්ද ලක්මාල් සිල්වා වයස අවු: 33 යි, විවාහක, දරුවන්: 03 යි, ලිපිනය : කදුරුගස්මුල්ල, මුංහේන, මග්ගොන. 2011.08.12 දින දීය.

මා ශ‍්‍රී ලංකා යුද හමුදා සේවයේ 1වන ශ‍්‍රී ලංකා යුද හමුදා පොදුසේවා බලකායේ ලාන්ස්කෝප‍්‍රල්වරයෙකු වශයෙන් පනාගොඩ කඳවුරට අනුයුක්තව සේවය කරයි.

2011.05.11 වන දින ජීව අත් බෝම්බයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම යන චෝදනා මත පයාගල පොලිසිය මගින් බී.ආර්.3352/11 අංකය යටතේ කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ ව්‍යාජ නඩුවක් මට හා තවත් සැකකරුවන් 05 දෙනෙකුට විරුද්ධව පවරන ලදි.

ඒ හේතුවෙන් මා හා තවත් අය වන මහගොඩගේ දොන් දමිත් පුෂ්පකුමාර” මහගොඩගේ දොන් අශෝක ප‍්‍රියන්ත” මහගොඩගේ දොන් කුමුදු පද්මකුමාර” නවුත්තුඩුව ලියනගේ දොන් අජිත් චන්ද්‍රතාප” මීගහපල ආරච්චිගේ උපුල් උදයකුමාර යන අය බන්ධනාගාර ගතවිය.

2011.07.20 වන දින දක්වා දින 72 ක් බන්ධනාගාර ගතවී ඇත’ 2011.07.20 වන දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය මගින් අපව නිදහස් කරන ලදි.

මෙම සිද්ධිය වූවා යයි කියන දින වන 2011.05.03 වන දිනට පෙර දින වන 2011.05.02 වන දින උදේ 8.30 සිට 2011.05.03 වන දින උදේ 8.30 දක්වා පොදුසේවා ප‍්‍රවාහන අංශය භාර කො’නො’නිලධාරි වශයෙන් කටයුතු කරන ලදි.

කරුණු එසේ තිබියදී පොලිසිය කිසිදු සාධාරණ විමර්ශනයක් නොකර” මා හා අනෙකුත් සැකකරුවන් 05 දෙනාට විරුද්ධව ව්‍යාජ නඩු පවරා” දින 72 ක් බන්ධනාගාර ගතවීමෙන් මා හා අනෙකුත් සැකකරුවන් 05 දෙනාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇත.

එබැවින් මා ඉල්ලා සිටින්නේ,

මාගේ මූලික අයිතිවාසිකම් කඩකළ පයාගල පොලිසිියේ චාමින්ද කුලසිංහ නමැති නිලධාරියාට හා අදාළ අනෙකුත් නිලධාරින්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසයි.

ඞී. දුමින්ද ලක්මාල් සිල්වා
Tell a Friend