අන්කොක්කාවල සුනිල් සිවුර ගලවයි

අමිල ගුණරත්න 

බොරු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරමින් තරුණියන් කෙලසමින් සිටි අන්කොක්කාවල සුනිල් නොහොත් රුවන්වැල්ලේ සෝභිත නම් චීවරධාරියා ඊයේ (අගෝස්තු 11 වැනිදා) දින සිට සිවුරු හැර සුනිල් ශාන්ත ලෙස ගිහි ජීවිතයට ඇතුළුව කටයුතු කරන බවට දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් දැන්වූ බව සීතාවකපුර කොට්‌ඨාස පොලිස්‌ අධිකාරී අතුල වීරසිංහ මහතා පවසයි. හොරෙන් චීවරයක් පොරවාගෙන මොහුගේ මගඩි ක්‍රියා මුලින්ම හෙළි කරන ලද්දේ නෙත් එෆ් එම් නාලිකාවේ බැලුම්ගල වැඩසටහන මගිනි. ශ්‍රී ලංකා ගාර්ඩියන් පුවත්පත විසින් ද අන්කොක්කාවල සුනිල් නොහොත් රුවන්වැල්ලේ සෝභිත නම් චීවරධාරියා ගේ ක්‍රියා කලාපය පිළිබඳව පුවතක් පල කරන ලදී. ජනතාව විසින් විශාල විරෝධතා ව්‍යාපාරයක්‌ ඔහුට විරුද්ධව කරගෙන ගෙන ගිය අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔහුට සිවුරු හැරීමට සිදු වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ගාර්ඩියන් පුවත්පත විසින් ද අන්කොක්කාවල සුනිල් නොහොත් රුවන්වැල්ලේ සෝභිත නම් චීවරධාරියා ගේ ක්‍රියා කලාපය පිළිබඳව පල කල පුවත මෙන්න 

බුද්ධ සාසන ඇමතිට අභියෝගයක්

බුද්ධාගමේ උන්නතියට සහ බුද්ධාගමට වන උවදුරු වළකා සසුන රැකීමට පත් කොට තිබෙන බුද්ධ සාසන ඇමතිට අභියෝගයක් කරමු. හොරෙන් චීවරයක් දරාගෙන සිටින අන්කොක්කාවල සුනිල් නැමති මගඩි කාක්කා සම්බදයෙන් පියවරක් ගන්න ලෙසටයි. රුවන්වැල්ලේ සෝභිත නමින් පෙනී සිටින මොහු රුවන්වැල්ලේ සෝභිත වෙද මැදුර යන අපචාර මද්‍යස්ථානය පවත්වගෙන යයි. එසේම ස්වාර්ණවාහිනියෙන්ද රුවන්වැල්ලේ වෙද මැදුර පිලිබඳ රුපවාහිනියේ පටි දැන්වීම් පලවේ. අංක එකේ පල්හොරෙක් වූ අංකොක්කාවල සුනිල් චීවරයක් පොරවාගෙන භික්ෂුවේශයෙන් සෝභිත වෙද හාමුදුරුවෝ නමින් පෙනී සිටින්නේ එය ඔහුගේ වංචා වලට මනා පිටුවහලක් වන බැවිනි. රුවන්වැල්ලේ සෝභිත ගේ සැබෑ තත්වය පිලිබඳ මුළු රටටම අනාවරණය වුයේ මෑතකදී විකාශය කල නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන හරහාය. තරුණියන් දුෂණය කිරීම සිට මුල්‍ය වංචා කිරීම දක්වා මෙම වියාපාරය උඩුදුවා තිබේ. ආදායම් බදු නොගෙවන මොහුට අයත් "ලිහිනියාවත්ත" නම් අක්කර 40 ක වතු යායක් කෝටි 8 කට විකිනීමට දමා තිබේ. අද දින සිට තව දින 100 ඇතුලත අන්කොක්කාවල සුනිල් නැමති මගඩි කාක්කාගෙන් බුද්ධාගමට වන උවදුරු වළකාලීමට ඔබ අසමත් නම් ඔබගේ ඇමති ධුරය පුස්සක් බව අප රටට පෙන්න දෙන්නෙමු.

අමිල ගුණරත්න
Tell a Friend