යු. එන්. පි නායකත්වයට සුදානම් කරුට ......!

හර්ෂි සි. පෙරේරා
එක්සත් ජාතික පක්ෂයේ යහපත සදහා එහි නායකයා වීමට තමා සුදානම් බව කරු කියයි.

එක්සත් ජාතික පක්ෂය මෙරට නිතිය සහ යුක්තිය විනාශ මුකයට යැවීමේ අරම්බක පියවර තැබිය. ඒ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව හදුන්වා දීම මගිනි.

දැන් චැනල් 04 වීඩියෝ හරහා අප දිකින්නේ 88/89 බිෂන කාලයේ ජේ ආර් සහ ප්‍රේමදාස යන යු එන් පි නායකයින් ම්ලේච්ච ලෙස රෝහණ විජේවීර ඇතුළු කොල්ලන් ගාතනය කරමින් ලබා දුන් ආදර්ශයේ වර්දනිය අවස්ථාවන්ය.

කරු යු එන් පි නායකයා වන්නේ ශ්‍රී ලංකාවට තීරණාත්මක අවස්ථාවකය. එනම් දේශීය සහ ජාත්‍යන්තර බලපෑම් උත්සන්න වූ දුෂණය පැතිර ගිය වාතාවරනයකදීය. කරුගේ නායකත්වය ජනතා හිතකාමී වීමට නම් පළමුව යු එන් පි ය තමන්ගේ අතීත බිහිසුණු දේශපාලනය ගැන ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුය. සැබෑ අවංක නායකයකුට මෙය අසීරු කර්තවියක් නොවේ.

ඉතින් යහපාලනය සදහා යන ගමන පළමුව තමන්ගේ පවු කමා කර අරබන්න.


Tell a Friend