උග්‍ර වන ජයලලිතා සාදකය

හර්ෂි සි. පෙරේරා
"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මගී නැව් සේවාව යළි ආරම්භ කිරීම වහා නවත්වන්නැයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගෙන් ඉල්ලා තිබේ."

ජයලලිතා සාදකය ශ්‍රී ලංකාව වෙත අන්තවාදී සුවරුපයකින් උග්‍ර වනු පෙනේ. ඇය මිට පෙර යුද අපරාද සම්බන්දයෙන් ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාදක පනවන්නයයි යෝජනාවක්ද සම්මත කර ගත්තාය. ඉන්පසුව කච්චතිවු දුපත නැවත ඉන්දියාවට පවරා ගන්නයි යෝජනාවක් සම්මත කළාය.

යුද අපරාද සම්බන්දයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට මෙන්ම එල් ටි ටි ඊ යට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කලයුතුය. එයට සුවාදින ජාත්‍යන්තර කණ්ඩායමක්ද පත් කල යුතුයි. එහි කතා දෙකක් නැත.

නමුත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී නැවු ප්‍රවාහන සේවය නතර කරන්නයි ඉල්ලීම සාදාරණද? ආර්ථික සම්බාදක පැනවීම සදාරණද? මේ යෝජනා දෙකෙන්ම පිඩාවට පත් වන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිංහල, දෙමල සහ මුස්ලිම් වැසියන්ය. එයින් චෝදනා එල්ල වී ඇති රාජපක්ස ආණ්ඩුවට, සහෝදර සමාගමට සහ ගැත්තන්ට කිසිවක් සිදු නොවේ. ඔවුන් යහතින් වැජබේනු ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දීය අගමැති මන්මොහොන්ට ශ්‍රී ලංකාවේ සංචාරයකට අරදනා කර ඇති බවත් ඔහු එය පිළිගත් බවත් ඊයේ පෙරේදා මාද්‍ය වාර්තා කරන ලදී. ජයලලිතා ඊයේ මන් මොහාන් සින් හමුවූ අවස්ථාවේ කීමට තිබුනේ මෙම ලංකා සංචාරය නවත්වන ලෙසයි. එසේ නැතුව ආර්ථික සම්බාදක සහ මගී බෝට්ටු සේවය නතර කිරීම මගින් ශ්‍රී ලංකාවේ පිඩාවට පත් ජනයා තවත් පිඩාවට පත් කිරීම නොවේ.

උග්‍ර වන ජයලලිතා සාදකය බුද්දිමත් වීම මිස ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයාට හානි වන අන්දමින් අන්තවාදී නොවිය යුතුයි. එසේවීම එල්ල කරන පීඩනය හාස්සයක් බවට පත් වේ.





Tell a Friend