අප්‍රිකානු සරණාගතයින්ගේ මලසිරිරු සොයා ගනී.

ලිබියාවේ ගැටුම් නිසා පලායමින් සිටි සරණාගතයින් රැගෙන ගිය නැවක් මුනින් අතට පෙරලීම නිසා මියගිය අයගේ සිරිරු 150 ක් නැවේ සුන්බුන් අතර තිබී සොයාගත් බව එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය පවසයි.

නැවේ ගමන් ගත්තයි සිතන පුද්ගලයින් 850 දෙනාගෙන් 578 ක් බෙරගත්බව ජිනීවා මුලස්ථානය කරගෙන පිහිටි සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය පවසයි.

මලසිරිරු 150 න් බොහොමයක් ළමුන්ගේ හා කාන්තාවන්ගේ බව පැවසේ.

දිවිගලවාගත් අය සරණාගත කදවුරු වලට රැගෙන ගිය බවත් එහිදී ඔවුන්ට අවශ්‍ය සහය සහ උපදේශනය ලබාදුන් බවත් වාර්තා වේ.

මෙම මගීන් අප්‍රිකානු සහ ආසියානු සරණාගතයින් වන අතර ඔවුන් ඉතාලියට නිතිවිරෝදිව ඇතුළුවීමට සැලසුම් කර තිබු බව මාද්‍ය වාර්තා කරයි.

මෙය මේ වසරේ මදයදරනි මුහුදේ සිදුවූ දරුණුම සහ මාරාන්තික සිද්දීන් වලින් එකක් බව පැවසේ.

අල් ජසීරා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Tell a Friend