දරුස්මාන් වාර්තාව සහ ලෝකයා හමුවේ විසුළු සහගත වීම.

හර්ෂි සි. පෙරේරා

රටේ යම් ආතති තත්වයක් ඇත. එය පිලිබිබු වන්නේ මුද්‍රිත සහ විද්‍යුත මද්දය සහ ආණ්ඩුවෙන් මිස සාමාන්‍ය ජනතාව තුලින් නොවේ. නගර වල එකසත් ජාතීන්ගේ වාර්තාව නැතිනම් දරුස්මන් වාර්තාවට විරුද්දව අත්සන් එකතු කෙරේ. මේ ගැන කනස්සලුවිමට වඩා බහුතර සාමාන්‍ය ජනයාට ඔවුන්ගේම ප්‍රශ්න ඇත.

"බෑන්කි මූන් වාර්තාව හකුලා ගන්නැයි ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ගැනීම මාතර බෝධිය අභියසදී අද ඇරැඹිණි. භික්ෂූන් වහන්සේ ලේවලින් එහි අත්සන් තැබූහ."

18 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝදනය මගින් ජනදිපතිවරයාව සිංහාරුද කිරීමක් සිදුවිය. තනි පවුලක් තුලට රටේ පාලනය කේන්ද්‍ර වී ඇත. මද්දය මර්දන මරාදැමීමේ සිට යුක්තිය ඔස්සේද සිදුවෙමින් පවතී. මෙවැනි තත්වයක් තුල සාමාන්‍ය දෙමල ජනයා නිහඩව සිටීම පුදුමයක් නොවේ. තවද ප්‍රබල කොටි නායකයින් එනම් කේ පි ,කරුණා සහ පිල්ලයාන් ආණ්ඩුවට සම්බන්දව වැදගත් ස්ථාන වල වැජබෙයි.

පශ්තාත් යුද්ද සමයේ උතුරේ සහ නැගෙනහිර දෙමල ජනයාට සහන සැලසුනේ මහාමාර්ග, බැංකු සහ හෝටල් ඒ ප්‍රදේශ වල ඉදිකිරීමෙන් පමණි. එල් ටි ටි ඊ සටන්කාමීන්ගේ සොහොන් බුමි අත්පත් කරගැනීම, මියගිය ප්‍රබාකරන්ගේ මවගේ ආදාහනය සිදුකල ස්ථානයට බලුකුනු ගෙනත් දැමීම, තැනින් තැන ඉදිකරන බුදු පිළිම සාමයට බරපතල හානියකි. තවද මෙමගින් පිලිබිබු කරන්නේ වාර්ගික සාමයකට ආණ්ඩුවේ පවතින අදුරදර්ශී බවයි.

2009 මැයි මස දිනු යුද්දය සම්බන්දයෙන් ප්‍රසිද්ද කර ඇති ඒක්සත් ජාතීන්ගේ වාර්තාව සවද්දය බවම ප්‍රකාශ කරන ආණ්ඩුව දැන් අත්සන් එකතු කිරීමේ උත්සාහයක නිරත වෙයි. ආණ්ඩුවම වාර්තාව සාවද්‍ය බව කියන අතර ජනාදිපතිවරයා තමා විදුලි පුටුවේ සිනා සෙමින් ගොස් ඉද ගන්න බව ප්‍රකාශ කරයි. අප අතර පවතින සාමාන්‍ය විවහාරයක් වන්නේ තමා සොරකම් කර නැත්නම් දඩුවමට බිය වන්නේ ඇයිද යන්නය.

මේ වාර්තාව බොරු කිරීමට ගන්න උත්සාහයන් විශේෂයෙන් ලේ වලින් අත්සන් කිරීම වැනි මුළු ලෝකයටම අපේ විහිළු මාන්නය පිලිබිබු කිරීමකි.


   Tell a Friend